2020.08.28 දින පැවති ලග්න වාසනාව සුපිරි ධන යෝගය 2905 වන දිනුම් ඇදීමේ වාරයේ ප්‍රථම ත්‍යාගය වූ වටිනා මෝටර් රථය – දිනාගත් ජයග්‍රාහකයා අම්බලන්තොට පී. සුමතිපාල මහතාට අදාළ මෝටර් රථය ලබාදීම පසුගිය සැප්තැම්බර් 30 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා විසින් සිදුකරන ලදී.
ලොතරැයිපත අලෙවි කළ අම්බලන්තොට අලෙවි නියෝජිත ඒ.එස්. කල්‍යාණදාස මහතාටද චෙක්පතක් සමගින් සහතිකපතක් හිමිවිය.










