• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දවසින් දවස අතුරුදන් වෙන කඳුකරයේ නිල් මැණික

October 10, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
දවසින් දවස අතුරුදන් වෙන කඳුකරයේ නිල් මැණික
Share on WhatsAppShare on Facebook

ජෛව විවිධත්වය අතින් බැලූ කල ශ්‍රී ලංකාව ලොව අනෙක් රටවල්වලට නොදෙවැනි අවේණික ශාක සහ සත්ව විශේෂවලින් සමන්විත වෙයි. දිවයිනෙහි ඇති විශේෂිත කාලගුණික සහ භූ විද්‍යාත්මක තත්ත්ව මෙම අගනා ජෛව විවිධත්වයේ පැවැත්මට මනා පිටිවහලක් වෙයි. නිවර්තන කඳුකර වලාකුළු වනාන්තර සහ උප කඳුකර වනාන්තර ශ්‍රී ලංකාව තුළ දක්නට ඇති විශේෂිත පරිසර පද්ධති වන අතර ආවේණික ශාක සහ සත්ව විශේෂ රාශියකට නිවහන සපයයි. උදාහරණයක් ලෙස ගත් කල කඳුකරයට අවේණික කුරුලු විශේෂ එම පරිසර පද්ධතියේ භෞතික, ජීව විද්‍යාත්මක සහ ජෛව භූ විද්‍යාත්මක තත්ත්වයන්ට සහ කඳුකර කාලගුණික තත්ත්වයන්ට වසර දහස් ගණනක් ඔස්සේ පරිණාමය වී හැඩගැසී ඇති අතර බොහෝ විට වෙනස් වන පරිසර පද්දතියක් තුළ ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම අසීරු වෙයි.

ශ්‍රී ලංකාවේ කඳුකර පරිසර පද්ධතිවලට ආවේණික වූ පක්ෂීන් අතර ශ්‍රී ලංකා අඳුරු නිල් මැසිමාරා නොහොත් ශ්‍රී ලංකා අනු මැසිමාරා (Sri Lanka Dull-blue flycatcher) දිවයිනේ මීටර 600ට වැඩි උසින් පහිටි කඳුකර සහ උප කඳුකර වනාන්තරවල දක්නට ලැබෙන අලංකාර පක්ෂි විශේෂයක් වෙයි. දිගින් සෙන්ටිමීටර 15 පමණ වූ මොවුන්ගේ ගැහැනු සහ පිරිමි සතුන් වෙන් කර හඳුනා ගැනීම පහසු නොවෙයි. අභිජනන සමයේදී පිරිමි සතුන්ගේ නළලත දීප්තිමත් නිල් පැහැයක් ගන්නා අතර ගැහැනු සතුන්ගේ මෙම පැහැය මඳක් අඩු වෙයි. කුඩා පැටවුන් දුඹුරු පැහැ වන අතර සිරුර පුරා තිත් වැටී ඇත. මොවුන්ටම අවේණික වූ සුන්දර නාද මාලාවන් හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතළු වන ඕනෑම කෙනෙකුට පහසුවෙන් ඇසිය හැක.

මෙම පක්ෂි විශේෂය පිළිබඳ දිගුකාලීන පරිසර විද්‍යාත්මක අධ්‍යයනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේ සත්ව විද්‍යා සහකාර පර්යේෂක චතුරංග ධර්මරත්න විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ, අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය දර්ශනී මහඋල්පත මහත්මියගේ අධීක්ෂණය යටතේ සිදු කර ඇති අතර මෙම විශේෂයේ පරිසර ජීව විද්‍යාත්මක තොරතුරු රැසක් අනාවරණය අර ගැනීමට ඔවුන් සමත් වී ඇත.

වඳ වීමේ තර්ජනය

කෙසේ නමුත් International Union for Conservation of Nature (IUCN) මගින් මෙම පක්ෂි විශේෂය වඳවීමේ තර්ජනයට පත් (Near Threaten (NT)) පක්ෂි විශේෂයක් ලෙස හඳුනාගෙන ඇත. මෙමගින් අදහස් වන්නේ නුදුරු අනාගතයේදී මෙම පක්ෂි විශේෂය වඳවී යාමේ තර්ජනයක් ඇති බවයි. මෙම අන්තරායට පත් පක්ෂි විශේෂයේ සංරක්ෂණය තහවුරු කිරීම පිණිස කාලයෙන් කාලයට ප්‍රාදේශීය පරිසර විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කිරීම හා නැවත ගහන ගණනය සිදු කිරීම ජාතික වගකීමක් බව IUCN හුවා දක්වයි. පර්යේෂකයන්ගේ අනතුරු ඇඟවීම් අනුව ශ්‍රී ලංකාවේ අවේණික කඳුකර කුරුලු විශේෂ ඔවුන්ගේ පැවැත්මට සුදුසු පරිසර පද්ධති අඩුවීමේ තර්ජනයට ලක්වෙමින් පවතී. ශ්‍රී ලංකා අඳුරු නිල් මැසිමාරා විද්‍යාත්මකව Eumyias sordidus ලෙස හඳුන්වන අතර ශ්‍රී ලංකාවට අවේණික කඳුරකර පෙදෙස්වලට සීමා වී ඇති, යටිතුරුවියන් ස්ථරයේ දක්නට ලැබෙන කෘමිභක්ෂක පක්ෂි විශේෂයක් වෙයි. පර්යේෂකයන්ගේ පුරෝකථනවලට අනුව අවාසනාවන්ත ලෙස මෙම විශේෂයේ කාලගුණිකව සුදුසු පරිසර පද්ධති වසර 2080 වන විට 80% පමණ අඩු වන බව දැක්වේ. මේ නිසා මෙම විශේෂයේත් අනෙකුත් කඳුකර ජීවී විශේෂවල පැවැත්ම තහවුරු කිරීම උදෙසා ඔවුන්ගේ ව්‍යාප්තිය, ගහන ගණත්වය සහ ආහාර රටා පිළිබඳව ගැඹුරු පරිසර විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කිරීම ඉතාම වැදගත් වෙයි.

මහාචාර්ය දර්ශනී මහඋල්පත මහත්මියගේ අදහසට අනුව ශ්‍රී ලංකාවේ පක්ෂි විශේෂ සංරක්ෂණය සඳහා ඇති විශාලම ගැටලුව වන්නේ විද්‍යාත්මක තොරතුරුවල ඇති ඌනතාවයයි. මෑතකදී කරන ලද පර්යේෂණවලට අනුව නිවර්තන වනාන්තරවල කෘමිභක්ෂක පක්ෂීන් විශේෂ වෙනත් පරිසර පද්ධතිවලට සාපේක්ෂව ස්වභාවික වාසස්ථාන අහිමි වීමෙන් පීඩා විඳින බව සොයාගෙන ඇත. මේ නිසා නිවර්තන පරිසර පද්ධතීන්ගේ ජෛව විවිධත්වයට මිනිස් ක්‍රියාකාරකම්වලින් සිදුවන අහිතකර බලපෑම් හඳුනා ගැනීමත් මෙම නිවර්තන කෘමිභක්ෂක පක්ෂීන් හඳුනා නොගත් හේතුවක් මත එම ස්වභාවික පරිසර පද්ධතිවලින් වඳවීමේ තත්ත්ව පිළිබඳ පර්යේෂණ කිරීමත් කාලීන අවශ්‍යතාවයක් බව හඳුනාගෙන ඇත.

චතුරංග ධර්මරත්න මහතා විසින් හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානයේ වසර තුනක් පුරාවට සිදු කළ පර්යේෂණ හා දත්ත විශ්ලේෂණය මගින් මෙම පක්ෂි විශේෂයේ ව්‍යාප්තිය සඳහා වැදගත්වන පරිසර විද්‍යාත්මක සාධක රැසක් අනාවරණය කරගෙන ඇත. කඳුකර පරිසර පද්ධතිවල තුරු වියන් ස්ථරය, පලතුරු, පුෂ්ප සුලබතාවය සහ යටි වියන් ස්ථරය මෙන්ම කෘමි සතුන්ගේ සුලබතාවය මෙම විශේෂයේ ව්‍යාප්තියට ඍජුවම බලපාන සාධක ලෙස හඳුනාගෙන ඇත. මීට අමතරව නිරිතදිග මෝසම සමඟ වළාකුල් වනාන්තරවල සිදුවන පාරිසරික වෙනස්කම් යටතේ ඇති වන අධික සුළං සහිත දුෂ්කර කාලගුණික විපර්යාසවලින් ආරක්ෂා වීමට මෙම විශේෂයේ පහළ ප්‍රදේශවලට සංචරණය සිදුවන බවටද එක් එක් මෝසම් සහ අන්තර් මෝසම් සමයේ ලබාගත් තොරතුරුවලින් අනුමාන කළ හැක.

අඳුරු නිල් මැසිමාරාගේ විශාල පරාසයක පැතිරී ඇති කෘමිභක්ෂක අහාර රටාව නිසා, වනයේදීත්, තුරු වියන් මතදීත්, පොළොවේත් ගැවසෙන කෘමි සතුන් ආහාරයට ගැනීමේ ඇති හැකියාව නිසා ඔවුන්ගේ ආහාර රටාවේ ඇති නම්‍යශීලී බව සහ ආහාර ලබා ගැනීමේ විවිධ වූ විධික්‍රම ඔවුන්ගේ පැවැත්මට මනාව ඉවහල්වී ඇත. තවද මෙම පර්යේෂණයෙන් ඔවුන් රෝසේසියේ පවුලට අයත් කඳුකරයට අවේණික ශාක විශේෂ තුනක පලතුරු ආහාරයට ගන්නා බවත් තව දුරටත් ගන වන වැස්මක් ඇති වනාන්තරවලට වඩා මධ්‍යම ප්‍රමාණයේ වන වැස්මක් ඇති වලාකුල් වනාන්තර ප්‍රිය කරන බවත් සොයාගෙන ඇත. ධර්මරත්න මහතා විසින් සිදුකළ මෙම පක්ෂි විශේෂයේ මල සාම්පල විශ්ලේෂණයට අනුව මෙම විශේෂය විසින් ආහාරයට ගන්නා කෘමි විශේෂ පරාසය හඳුනාගෙන ඇති අතර, මොවුන්ගේ අභිජනන සමයේදී පැටවුන්ගේ ආහාරය සඳහා හෝර්ටන් තැන්නටම ආවේණික වූ කුඩා ගෙඹි විශේෂයක් ආහාරයට ගැනීමේ අවස්ථා කිහිපයක් වාර්තා වී ඇත. බොහෝ විට අභිජනන සමයේ හැර අනෙක් කාලවලදී වෙනත් කුරුලු විශේෂ හා එක්ව කණ්ඩායමක් ලෙස ආහාර සොයා ගැනීමේ (Mixed-species foraging flocks) අවස්ථා බොහොමයක් වාර්තා වී ඇත.

මෙම කෘමි භක්ෂක පක්ෂි විශේෂයේ විවිධත්වයකින් යුතු ආහාර රටාව හා මුලාශ්‍රවලට අනුව මෙම කෘමීන් හරහා පාරිසරික රසායනික විෂ ද්‍රව්‍ය මෙම සතුන් තුළ එක රැස් වීමේ අවදානමක් පවතින බව දක්වා ඇති අතර දීර්ගකාලීනව මෙහි අහිතකර බලපෑම් මෙම විශේෂයේ පැවැත්මට තර්ජනයක් විය හැකි බව සඳහන් වේ. මෙම වලාකුළු වනාන්තර මායිම් වන ප්‍රදේශවල ඇති කෘෂිකාර්මික බිම්, එළවලු වගා බිම්, තේ වතුවල භාවිත වන වල්නාශක සහ කෘමිනාශක අහාර දාම ඔස්සේ කෘමින් තුල එක රැස් වීමෙන් දෙවනුව මෙම පක්ෂීන්ගේ සිරුරු තුල එක් රැස් වීම සිදුවේ. මෙයින් ඇති වන අහිතකර ප්‍රතිඵල ලෙස අභිජනන ක්‍රියාවලියේදී නිපදවෙන බිත්තරවල කටුව තුනී වීම සහ පැටවුන් මියයාමේ සම්භාවිතාව වැඩි වීම වැනි දේ හඳුනාගත හැක. මේ නිසා සංරක්ෂිත වනාන්තර අවට ඇති වගාබිම් ඔස්සේ මෙවැනි අහිතකර බලපෑම් ජීවී විශේෂවලට ඇති වීම අවම කිරීම කාලීන අවශ්‍යතාවයකි.

මානව බලපෑම්

මෙම අධ්‍යයනය මගින් මෙම පක්ෂි විශේෂයේ ආහාර රටාව පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන අතර අනාගතයේදී පර්යේෂකයන් අවදානය යොමුකළයුතු පාරිසරික ගැටලු හා ක්ෂේත්‍ර පිළිබඳව හුවා දක්වයි.
මෙම පක්ෂීන් අභිජනන සමයේදී තමාගේ කැදලි සැදීම සඳහා වනෝද්‍යානයේ මාර්ග දෙපස ඇති ගල්වැටි සහ ගස්වල ඇති බෙන භාවිත කරන අතර බිම් මට්ටමට (අඩි 2-6 අතර) ආසන්නව මෙම කැදලි තනාගනී. මේ නිසා අභිජනන සමයේදී වනෝද්‍යානය තුළ අධික වේගයෙන් දාවනය වන වාහනවල ගැටීමෙන් මරණයට පත් වූ පක්ෂීන් බොහොමයක් වාර්තා වී ඇත. ධර්මරත්න මහතා සඳහන් කරන පරිදි, අප්‍රේල් නව අවුරුදු සමය වනෝද්‍යානයට දේශීය සහ විදේශීය සංචාරකයින් බොහෝ දෙනෙකු පැමිණෙන කාලයයි. එලෙසම මෙම කාල සීමාව අඳුරු නිල් මැසි මාරාගේ ප්‍රධාන අහිජනන සමය වන අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම විශේෂයට අහිතකර බලපෑම් රාශියක් ඇති වෙමින් පවතී.

ඔහුගේ නිරීක්ෂණවලට අනුව ජාතික වනෝද්‍යානය තුළට ඇතුළු වන වාහන සැලකියයුතු අධික වේගයකින් ගමන් කිරීම නිසා අවාසනාවන්ත ලෙස බොහෝ සතුන් මියයන අවස්ථා රාශියක් වාර්තා වී ඇත. මෙම විශේෂය සැලකූ කල අභිජනන සමයේදී මාර්ග අසල ඇති කැදලිවලට නිරන්තරයෙන් පැමිණෙන පක්ෂීන්, සහ කැදලිවලින් පිටවෙන කුඩා පැටවුන් වේගයෙන් ධාවනය වන මෙම වාහනවල ගැටීමේ දැඩි අවදානමක් තිබේ.

අඳුරු නිල් මැසිමාරා සංරක්ෂණය සහ කළමනාකරණය

මෙම පක්ෂි විශේෂය වඳ වීමේ තර්ජනයට පත් පක්ෂි විශේෂයක් වන බැවින් මහාචාර්ය දර්ශනී මහඋල්පත මහත්මියගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ සිදුකළ මෙම පර්යේෂණය මගින් මෙම අවේණික පක්ෂි විශේෂය සංරක්ෂණය සහ කළමනාකරණය සඳහා ගත හැකි සංරක්ෂණ ක්‍රියාමාර්ග රැසක් යෝජනා කොට ඇත. වනෝද්‍යානය තුළ දුර සඳහන් කර ඇති සුදු පැහැ මාර්ග සලකුණුවලට මෙම මිහිදුමෙන් වැසි ඇති අඳුරු පරිසරයේදී ආකර්ෂණය වන කෘමීන් ආහාරයට ගැනීම සඳහා මෙම පක්ෂීන් මෙම මාර්ග සලකුණු අසල ගැවසීම නිසා මාර්ගය අසල පියඹා යන පක්ෂීන් වේගයෙන් ධාවනය වන වාහනවල ගැටී මියයාමේ වැඩි ප්‍රවණතාවයක් ඇත. මේ නිසා වනෝද්‍යානයේ මාර්ග සලකුණු සතුන්ගේ ස්වභාවික හැසිරීම් රටාවලට බාධාවක් නොවන අඳුරු පැහැයෙන් සකස් කිරීමෙන් මෙම අනතුරු අවම කරගත හැක.

තවද මෙම විශේෂයේ කැදලි තැනීම සඳහා මාර්ග දෙපස ඇති බැමි ප්‍රිය කරන බැවින්, අභිජනන සමයේදී නිරන්තරයෙන් සංචාරකයින්ගේ බලපෑම්වලට ලක්වන බව හඳුනාගෙන ඇත. ඔහුගේ අදහසට අනුව මෙම තත්ත්වය අවම කිරීමට වනජීවීන් නිරීක්ෂණය සඳහා හැමවිටම සතුන්ගේ හැසිරීමට බාධාවක් නොවන පරිදි ආරක්ෂාකාරී දුර ප්‍රමාණයක් පවත්වා ගැනීමට සංචාරකයින්ට සහ වනජීවී ඡායාරූප ශිල්පීන්ට උපදෙස් සහ දැනුම දීම ඉතා වැදගත් වෙයි. තවද අභිජනන සමයේදී මෙම පක්ෂි විශේෂයට සිදුවන අහිතකර බලපෑමක් ලෙස මෙම කාල සීමාව තුළ සිදු කරන උද්‍යාන කළමනාකරණ ක්‍රියාකාරකම් කිහිපයක්ද හඳුනාගෙන ඇත. උදාහරණයක් ලෙස මෙම කාල සීමාව තුළ සිදුවන මාර්ග සංවර්ධන කටයුතු, මාර්ග දෙපස එළි පෙහෙළි කිරීම්, මාර්ග පුළුල් කිරීම් නිසා අභිජනන ක්‍රියාවලියේදී සතුන්ට බාධා වීමත්, ඔවුන්ගේ කැදලි තැනීමට සුදුසු ස්ථාන විනාශ වී යාමත් නිරන්තරයෙන් සිදු වෙයි. මේ නිසා බලධාරීන් විසින් උද්‍යාන කළමනාකරණ ක්‍රියාවලියේදී මෙම සංවේදී තත්ත්ව සැලකිල්ලට ගත යුතු බවත් අභිජනන සමයේ මෙම කටයුතු සීමා කළයුතු බවත් තව දුරටත් අවධාරණය කර සිටී.

කඳුකරයේ විශේෂිත පරිසර තත්ත්වවලට අනුගත වෙමින් සියවස් ගණනාවක් පුරාවට පරිණාමය වූ මෙම ආවේණික පක්ෂි විශේෂය, මිනිසා විසින් වේගයෙන් වෙනස් කරමින් පවතින පරිසරයට අනුගත වීමට තවත් සියවසක් බලා සිටීමට නොහැක. එසේ වුවහොත් මෙම වටිනා සම්පත් ලෝකයෙන් සදහටම තුරන් වී යනු ඇත. එම නිසා අප ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තරවල පමණක් දැකිය හැකි අප රටටම අවේණික වූ මෙම වටිනා අඳුරු නිල් මැසිමාරා හෙවත් ශ්‍රී ලංකා අනු මැසිමාරා නම් සුන්දර පක්ෂි විශේෂය මෙම සුන්දර කඳුකරයේ අපගේ මීළඟ පරම්පරාවලටත් දැක ගැනීමට ඔවුන් සංරක්ෂණය කිරීම අප සැමගේ යුතුකමකි.

ඔබ භාවිත කරන රුපියල් 50 නෝට්ටුවේ සිටින්නේ මෙම පක්ෂියා බව ඔබ දන සිටියාද?

පර්යේෂණය සාර්ථකව සිදු කිරීම සඳහා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ කාර්ය මණ්ඩලයෙන් ලැබුණු සහයෝගය අගය කරන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වනජීවී කවය සහ පර්යේෂණ කණ්ඩායමටත් ක්ෂේත්‍ර සහකාර ලෙස කටයුතු කළ දුෂාන්ත ප්‍රගීත් ජයකොඩි මහතාටත් පර්යේෂකයින් ස්තුතිය පළකර සිටී.

චතුරංග ධර්මරත්න

SendShareShare
Previous Post

ලංකා බැංකුවේ මහා කළමනාකාර ධුරයට ඩී.පී.කේ. ගුණසේකර මහතා

Next Post

ලග්න වාසනාවෙන් සුපිරි මෝටර් රථය අම්බලන්තොටට

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.