මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාවේ සේවය කරනු ලබන 55 හැවිරිදි සිවිල් සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මෙම පුද්ගලයාගේ පුත්‍රයාටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් වේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයා කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ.










