ගව ඝාතන තහනම මුල්කරගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුලින්ම මෙම යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණ.










