අමාත්‍යවරුන්ට උපදේශකයන් පත් කර ගැනීමේදී තමන්ට හිතුමතේ පුද්ගලයන් පත් කර ගැනීම අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව උපදේශකවරුන් පත් කරගැනීමේදී නිර්දේශ 3කට යටත්ව එම පත්කිරීම් සිදු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කොට ඇත.
අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීම, ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක හෝ සංස්ථාවක ඉහළ තනතුරක් දරා තිබීම හෝ පෞද්ගලික අංශයේ ඉහළ තනතුරක් දරා තිබීම එම නිර්දේශයන් වේ.
මෙම නිර්දේශයන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.










