මහනුවර බූවැලිකඩ තට්ටු 5ක ගොඩනැගිල්ලක් කඩා වැටී තිදෙනකු මියයාමේ සිද්ධිය මුල්කරගෙන එහි හිමිකරු වූ දොඩංවෙල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා වූ අනුර ලෙව්කේ මහතා අත්අඩංගුවට ගෙන ඇත.
තට්ටු පහක ගොඩනැගිල්ලක් ඉදි කළද තට්ටු 2කට පමණක් අදාළ නිවෙසේ සැලසුම සකස් කොට තිබීම ඒ සදහා හේතු වී තිබේ.
අදාළ සැලසුම සකස් කළ ගෘහ නිර්මාණ ශිල්පියා පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ නිවෙස් හිමිකරු විසින් තට්ටු 2ක ගොඩනැගිල්ලක් සැලසුම් කර දෙන ලෙස තමන්ට දැනුම් දුන් බවත්, ඒ අනුව තමන් අදාළ සැලසුම සකස් කර දුන් බවත්ය.










