• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Sports

විගණකාධිපති ‌හොයාගත්ත ක්‍රිකට් ‌හොරකම් ‌මෙන්න

September 2, 2019
in Sports
Reading Time: 1 min read
A A
විගණකාධිපති ‌හොයාගත්ත ක්‍රිකට් ‌හොරකම් ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

ජයග්‍රහණයට පියවරු දහසක් සිටියද පරාජය අවජාතක යැයි ප්‍රසිද්ධ කියමනක් ඇත. වර්තමානයේදී නම් මෙය වඩාත්ම අදාළ වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටය. නවසීලන්තය සමඟ පැවැති පළමු ටෙස්ට් තරගය ජයගැනීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ පැවැති විවේචන බොහෝ දෙනකුට අමතකය. ක්‍රීඩකයන් සම්බන්ධව මෙන්ම පාලකයන් සම්බන්ධයෙන්ද එය එසේමය. නමුත් ඇදහිය නොහැකි ආකාරයෙන් දෙවැනි ටෙස්ට් තරගය පරාජය වීමත් සමඟ එම විවේචන නැවත කරළියට පැමිණ ඇත.
එක් එක් තරගවලදී ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ආකාරය සම්බන්ධයෙන් විවේචන තිබිය හැකි නමුත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වළපල්ලට ඇද දැමීම සම්බන්ධයෙන් වගකීම එල්ල විය යුත්තේ ක්‍රිකට් පරිපාලකයන්ට බව අමුතුවෙන් පැහැදිලි කර දිය යුත්තක් නොවේ. නිධානයකට අරක්ගත් බහිරවයන් මෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කාබාසිනියා කළ එම පරිපාලකයන් එළවා දැමීමට ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු වගකිවයුත්තන් කටයුතු නොකරන බවද ජනතාවට රහසක් නොවේ.
පසුගිය කාලයේ ක්‍රිකට් ආයතනය තුළ සිදුවී ඇති මූල්‍ය වංචා ගණන මෙතෙකැයි කිව නොහැකි තරම්ය. ඒ අතරින් බොහොමයක් නිල වශයෙන් හෙළිදරව් වූයේ ක්‍රිකට් ආයතනය සම්බන්ධව සිදුකළ වෝහාරික විගණන වාර්තාව හරහාය. ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සම්බන්ධව පියවර ගැනීමට එම විගණන වාර්තාව එළිදැක්වෙන තුරු කල් මැරූ ක්‍රීඩා ඇමැතිවරයාද මේ වන විට නිහඬය. නමුත් එම විගණන වාර්තාව තුළින් හෙළිවී ඇති වංචා දූෂණ එතරම් සැහැල්ලුවෙන් බැහැර කළ හැකි ඒවාදැයි යන්න ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනා තුළ මතුවී ඇති ගැටලුවකි. “දැන් ඉරිදා “මව්රට” තුළින් අප දිගින් දිගටම මේ වංචා දූෂණ ගැන කතා කළේ ඒවා එතරම්ම බරපතළ ගණයේ ඒවා වූ නිසාය. එබැවින් එම බරපතළ වංචා සහ දූෂණ සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නිසි පියවර ගන්නා තුරු නිහඬ වන්නටද අප සූදානම් නැත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු බැංකු ගිණුම් 15ක් පවතින බව වෝහාරික විගණන වාර්තාව මඟින් අනාවරණ කර ඇත. ඒ අතරින් පෞද්ගලික බැංකු දෙකක පවත්වාගෙන යන ගිණුම් 04ක් කවර අරමුණක් සඳහා කෙදිනක ආරම්භ වූවාදැයි හෙළිකිරීමට බලධාරීන් අසමත්වී ඇත. එම ගිණුම් 15 අතරින් පෞද්ගලික බැංකුවල පවත්වාගෙන යන ඉතුරුම් ගිණුම් 03ක් සහ ජංගම ගිණුම් 02ක් මේ වන විට අක්‍රීය තත්ත්වයට පත්වී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණ වී ඇත. එම ගිණුම් අවුරුදු 02 සිට අවුරුදු 07 දක්වා කාලය තුළ අක්‍රීයව ඇති බවද වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත. එමෙන්ම එලෙස භාවිත කළ ගිණුම් 04ක තොරතුරු මේ දක්වාම විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ක්‍රිකට් ආයතනය අසමත්වී ඇති බවද අනාවරණ වී ඇත. එම තොරතුරු හැකි ඉක්මනින් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වෙත පසුගිය මාර්තු මාසයේදී විගණකාධිපති දෙපාර්ත්මේන්තුව දැනුම්දී ඇතත්, එම ඉල්ලීම ඉටුකිරීමට ක්‍රිකට් සභාපතිවරයා මේ දක්වා කටයුතු කර නැත. දේශීය බැංකු තුළ පවත්වාගෙන යන ගිණුම්වලට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නමින් විදේශීය බැංකු තුළ පවත්වාගෙන යන ගිණුම් පිළිබඳ තොරතුරු රැසක්ද මෙම වෝහාරික විගණන වාර්තාව මඟින් අනාවරණ කර ඇත.
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළ දකුණු අප්‍රිකානු තරග සංචාරයට අදාළව ශ්‍රී ලංකාවට ලැබිය යුතු ඇමෙරිකානු ඩොලර් හාරලක්ෂ තිස්හය දහස් පන්සිය හතළිස් එකක මුදල වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සාහ දැරීම සම්බන්ධ වැදගත් තොරතුරු රැසක්ද මේ හරහා අනාවරණ වී ඇත. එම මුදල බැර කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා තරග විකාශය අයිතිය භාරව සිටි සෝනි සමාගම වෙත යොමු කළ ඊමේල් පණිවුඩ සියල්ලේම පිටපත් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි සිල්වා මහතාගේ ඊමේල් ලිපිනය වෙතද යොමුකර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයාගෙන ඇත. එම මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ගිණුමට බැර කරන ලෙස 2018 ජූලි මස 04 වැනිදා සෝනි සමාගම වෙත යොමුකළ ඊමේල් පණිවුඩයේ මෙන්ම එම මුදල් ක්‍රිකට් ආයතනයට අයත් නොවන වෙනත් විදේශ ගිණුමකට බැර කරන ලෙස ඊට දින 08කට පසු සෝනි සමාගම වෙත යොමුකරන ලද ඊමේල් පණිවුඩයේ පිටපත්ද ඈෂ්ලි සිල්වා මහතාට යොමුකර ඇති බවද පරීක්ෂණ හමුවේ අනාවරණවී ඇත. එබැවින් ඒ ආකාරයෙන් වෙනත් ගිණුමකට මුදල් බැර කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවට මූල්‍ය අංශ ප්‍රධානී පියල් නන්දන දිසානායක මහතා සහ ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි සිල්වා මහතා සිදුකළ ලිඛිත ප්‍රකාශ පිළිගත නොහැකි බවද එම නිලධාරීන්ගේ මතය වී තිබේ. තම නිල ඊමේල් ලිපින යොදාගනිමින් සිදුකළ මෙම ගනුදෙනුවේ රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා යොදාගත් තාක්ෂණික මෙවලම් සම්බන්ධ තොරතුරුද පරීක්ෂණවලදී අනාවරණවී ඇත.
මීට අමතරව දේශීය තරග විකාශන අයිතිය ලබාදීමේදී සිදුව ඇති බරපතළ මූල්‍ය අක්‍රමිකතා රැසක්ද මෙම වෝහාරික විගණන වාර්තාවෙන් අනාවරණවී ඇත. ක්‍රිකට් ආයතන බලධාරීන්ගේ හිතුමනාපයට ඒ ආකාරයෙන් විකාශන අයිතිය පිරිනමා ඇත්තේ කැබිනට් මණ්ඩල තීරණයක් උල්ලංඝනය කරමින් වීමද විශේෂත්වයක් වී ඇත. 2011 වසරේදී අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයක් අනුව මෙරට තුළ ක්‍රීඩා තරග විකාශන අයිතිය පිරිනැමිය හැක්කේ ක්‍රීඩා තරග විකාශනයටම පමණක් වෙන්වූ රාජ්‍ය මාධ්‍ය සඳහා පමණක් බවට නීතියක් පනවා ඇත. නමුත් ක්‍රීඩාව සඳහාම පමණක් කැපවූ පෞද්ගලික මාධ්‍යය ඇතොත් එම අයිතිය ලබාදීම සඳහා සලකා බැලිය හැකි බවද එම තීරණයේ සඳහන්ව ඇත. නමුත් මේ නීති තඹයකට මායිම් නොකරමින් කටයුතු කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් 2018 වසරේ මෙරට පැවැති නිදහස් කුසලාන තරගාවලියේ විකාශන අයිතිය පිරිනමා ඇත්තේ ක්‍රීඩාවට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ පෞද්ගලික ගුවන්විදුලි ආයතනයක් වෙත බවටද තොරතුරු අනාවරණවී ඇත. එම ගනුදෙනුව සිදුකර ඇත්තේ ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානියාගේ පෞද්ගලික ඊමේල් ලිපිනය භාවිත කරමින් බව අනාවරණ කර ගැනීමටද පරීක්ෂණ සිදුකළ නිලධාරීන් සමත් වී ඇත. නිදහස් කුසලාන තරගාවලියේ විකාශන අයිතිය පිරිනැමීම සිදුකර ඇත්තේ ක්‍රිකට් විධායක කමිටුවේ අවසරයකින් තොරව බවද අනාවරණවී ඇති අතර එම ආයතනය වෙත විකාශන අයිතිය පිරිනමා ඇත්තේ තරගාවලියට දින හතරකට පෙර බවද හෙළිවී ඇත. එම විකාශන අයිතිය ලබාදීමේදී රුපියල් ලක්ෂ 15ක මුදලක් ඒ සඳහා අවශ්‍ය බව ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානියා දන්වා තිබුණද, ඒ සඳහා රුපියල් ලක්ෂ 10ක් ලබාදිය හැකි බව අදාළ සමාගම නැවත ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. කිසිදු විධිමත් පියවරක් අනුගමනය නොකළ මූල්‍ය ප්‍රධානියා රුපියල් ලක්ෂ 10කට එම විකාශය අයිතිය ලබාදීමට එකඟවී තිබේ. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් හුවමාරු වූ සියලු ඊමේල් පණිවුඩ විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්වී තිබේ. මේ අතර නිදහස් කුසලාන තරගාවලියේ තරග විකාශයට අදාළ බදු ඉන්වොයිස් පත ක්‍රිකට් ආයතනය යොමුකර ඇත්තේ ඪෂී ඊරද්ාජ්ිඑසබට වුවද, එම මුදල ක්‍රිකට් ආයතන වෙත ලබාදුන් චෙක්පත නිකුත් කර ඇත්තේ ීනහ ඵැාස් භැඑඅදරන :ඡඩඑ* ඛඑාග නමැති සමාගමකින් බවද අනාවරණ වී ඇත. එලෙස ලබාදුන් චෙක්පතේ ගෙවීම් අණකරු නැවැත්වීම මත එම මුදල මේ වන තුරුම ක්‍රිකට් ආයතනයට ලැබී නොමැති බවද අනාවරණවී ඇත.
පසුගිය කාලයේ ක්‍රිකට් ආයතනය තුළ සිදුවූ මේ ආකාරයේ තවත් දැවැන්ත මූල්‍ය වංචා රැසක තොරතුරු වෝහාරික විගණන වාර්තාව තුළින් අනාවරණය වී ඇත. නමුත් එම වංචාවන්ට සම්බන්ධ වූ බොහෝ දෙනකු අදටත් සුපුරුදු පරිදි ක්‍රිකට් ආයතනය තුළ කටයුතු කරමින් ඇත. ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට ඇමැතිවරයා කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ අවධානයද යොමුවී ඇති බව වාර්තා වන අතර පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිලධාරියා සමඟ මේ පිළිබඳ සාකච්ඡා කිරීමටද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායකවරයා මෙම අයථා ගනුදෙනු හොඳාකාරවම දැන සිටි බව මේ වන විට අනාවරණවී ඇත. පසුගිය පාලන සමයේ ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ධුරය හෙබවූ ශම්මි සිල්වා මහතා මේ වන විට ක්‍රිකට් ආයතනයේ සභාපති පුටුවේ කටයුතු කරමින් ඇත. ඊට අමතරව පසුගිය පාලන සමයේ කටයුතු කළ නිලධාරීන් රැසක් තවමත් ඒ තනතුරුවලම කටයුතු කරමින් ඇත. එබැවින් පසුගිය සමයේ සිදුවූ බවට හෙළිවී ඇති මෙම බරපතළ වංචා දූෂණ සියල්ලටම ඔවුන් වගකිව යුතු බවට තර්කයක් නැත. නමුත් වැරැදිකරුවන් නීතිය හමුවට පැමිණවීමට කිසිවකුත් කටයුතු කරන්නේ නැත.

SendShareShare
Previous Post

රනිල් කරු ‌දෙන්නම මාලේ

Next Post

හරීන් තිලංගට ගහලා අනිත් ‌හොරු ‌බේරන්න හදන්නේ ඇයි?

MORE NEWS

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News
Sports

‘Unleash’ සන්නාමය, ශ්‍රී ලංකාවේ MMA ක්‍රීඩකයන් ජාත්‍යන්තර සටන් පිටියට සූදානම් කරමින් නිල වශයෙන් දියත් කෙරෙයි! Sri Lanka Latest News

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News
Sports

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්! Sri Lanka Latest News

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News
Business

Battle of the Golds ඩී.එස්. හා මහානාම ‘රන් මහා සටන’ 19 වැනි වතාවටත් ජයටම පැවැත්වෙයි! Sri Lanka Latest News

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News
Sports

තර්ස්ටන්-ඉසිපතන 62 වැනි සහෝදරයන්ගේ මහා ක්‍රිකට් තරගය ජයටම! PHOTOS I Sri Lanka Latest News

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News
Exclusive

සංගා යළි ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම බාර ගනී!‍ Sri Lanka Latest News

Exclusive

2014 අපි දින්නේ ලෝක කුසලානයක් නෙවෙයිද? මාලිංග පොරක් නෙවෙයිද? Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.