කිසිදු අවසරයකින් තොරව නීති විරෝධී අයුරින් චීන ජාතිකයන්ට පමණක් ඇතුල් විය හැකි ආකාරයට පවත්වාගෙන ගිය සුපිරි ගණයේ කැසිනෝ ශාලාවක් වැටලීමට පොලිසිය සමත්ව ඇත.
මෙම කැසිනෝ ශාලාව කොළඹ කොල්ලුපිටියේ පිහිටි දැවැන්ත නිවාස සංකීර්ණයක 28 වැනි මහලේ පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මෙහිදී චීන ජාතිකයන් 12 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර චීන කාන්තාවන් තිදෙනකුද සිටින බව කියවේ.
මේ ආකාරයට නීති විරෝධී කැසිනෝ ශාලා රැසක් කොළඹ නගරයේ පවත්වාගෙන යන බවට මේ වනවිට තොරතුරු වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවද දැනගන්නට තිබේ.










