මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (22) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබා ගෙන තිබේ.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරුන් පත් කිරීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මඩකළපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ලෙස පත් කර තිබේ.










