පෑන් ඒෂියා බැංකුව සිය 25 වැනි සංවත්සරය හේතු කොටගෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර අවශ්‍යතා පදනම් කොට නවතම ජංගම ගිණුමක් හඳුන්වා දී ඇත. 2021 දෙසැම්බර් 31 වැනිදා දක්වා අමතර ගාස්තු නොගෙවා පෑන් ඒෂියා බැංකුවේ මෙම විශේෂ ජංගම ගිණුමේ වෙනස අත්විඳීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදාවේ.
පෑන් ඒෂියා බැංකුවේ ජංගම ගිණුමක් ආරම්භ කිරීමේදී වියදමකට ඇත්තේ යම් ලෙසකින් චෙක්පත් අගරු වීමේදී ගෙවීමට සිදුවන ගාස්තුවක් පමණි. ජංගම ගිණුමක් පවත්වාගෙන යෑමේදී ගෙවීමට සිදුවන අනෙකුත් සියලු ගාස්තු එනම්, කෑෂ් ඕඩර්, චෙක්පොත්, ගෙවීම් නතර කිරීම්, ශේෂය පරීක්ෂා කිරීම, මාසික සේවා මාසික ප්‍රකාශය සහ බැහැර චෙක්පත් අගරුවීමේ ගාස්තු යනාදී අනෙකුත් සියලු ගාස්තු ඉවත් කර ඇත.
ඉහත ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ගනුදෙනුකරුවන් හට 2020 සැප්තැම්බර් 01 වැනිදා සිට 2020 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලසීමාව ඇතුළත ජංගම ගිණුමක් ආරම්භ කළ විට 2021 දෙසැම්බර් 31 වැනිදා වනතුරු ඉහත කී ප්‍රතිලාභ අත්විඳීමට හැකිය.
පෑන් ඒෂියා බැංකුවේ පාරිභෝගික ණය අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී ශියන් පෙරේරා මහතා මෙම නව ජංගම ගිණුම ගැන අදහස් ප්‍රකාශ කරමින් මෙසේ පැවසීය, “වෙළෙඳපොළේ ඇති විවිධ ජංගම ගිණුම්වල ඇති විවිධ වූ ගාස්තුවලින් තොරව 2021 දෙසැම්බර් 31 වැනිදා දක්වා භාවිත කළ හැකි එකම ජංගම ගිණුම ලබා දෙන්නේ පෑන් ඒෂියා බැංකුවයි. කොවිඞ් 19 වසංගතය හමුවේ ඇති වී තිබෙන ආර්ථික ප්‍රශ්න ඇති පාරිභෝගික ජනතාවට මේ මඟින් ඉතිරියක් අත්විඳිය හැකිය.










