• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

20න් තටු කැපෙන මහජන මුදලේ මුර දේවතාවා

September 16, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
මාරයාගේ ගොඩහොද්ද
Share on WhatsAppShare on Facebook

රටක මහජනතාවට (රජයට) අයිති දේපොළ තිබේ. ඒ මුදල් හදල් ගොඩනැගිලි ඉඩකඩම් යානවාහන ආදී චංචල නිශ්චල දේපොළය. ඊට ශ්‍රමය, සම්පත්, මුදල්, දේශීය සහ විදේශීය ණය, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්ද ඇතුළත් වේ. ඒ සියල්ල මේ රටේ සිටින දෙකෝටි විසි පන්ලක්‍ෂයකට (2,25,00,000) වැඩි මහ ජතාවට ඍජුව ආරක්‍ෂා කර ගැනීිමට නොහැකිය. රාජ්‍ය නිලධාරීන් විසින් (විධායකය) මහජන දේපොළ සහ මුදල් පරිහරණය කරනු ලබන්නේ කෙසේද යන්නද රටේ ඒ සියලු මහජනතාවට පරීක්‍ෂා කළ නොහැකිය. ඒ නිසා තම නියෝජිතයන් (පාර්ලිමේන්තුව) මගින් ඒ සඳහා කෙනකු පත්කරවනු ලබයි.
එසේ පත් කෙරෙන නිලධාරියා විගණකාධිපති නම් වන්නේය. ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකසිය පනස් හහතර වගන්තිය (154) යටතේ ඒ සඳහා අධිකාරි බලය පවරා ඇත.
විගණකාධිපතිවරයා මහජන මුදලේ මුර දේවතාවා යැයි කියන්නේ එහෙයිනි. එහෙත් විගණකාධිපතිවරයාට මහජනයා වෙනුවෙන් ඒ කාර්යභාරය ඉටුකිරීමට හැකිද? පිළිගත මැනවි. නොහැකිය. ඒ ඇයි. සාවදානව අසත්වා.
වත්තක් මුර කිරීමට මුරකාරයාට නිදහස (ස්වධීනත්වය) තිබිය යුතුය. මුරකරුට වැටුප් ගෙවන්නා වත්ත අයිතිකාරයා නොවී වෙනත් කෙනකු වූවේ නම් මුරකාරයා ක්‍රියා කළ යුත්තේ වැටුප් ගෙවන්නාගේ අණසකට යටත්ව මිස වතු හිමියාගේ අණට නොවේ. වතු හිමියාට අවනත වුවහොත් වැටුප ගෙවන්නා වැටුප් වර්ධක නොදී වැටුප් කප්පාදුවක්ද නොකර සිටින්නේද නැත. වැටුප් ගෙවන්නා වත්තේ ආදායම යටි මඩි ගසා ගත්තද මුරකරුට සිදුවන්නේ දත් කමින් ඔහුගේ බෙර පදයට නැටීමටය. එසේ නැතහොත් වැටුප් ගෙවන්නාගේ තාඩන පීඩනවලට ලක්වීමටය.
මහජනයා පැවරූ රාජකාරිය විගණකාධිපතිවරයාට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඉටු කරන්නට සිදුවූයේ ඔය කියන අන්දමට හෝ ඊට සමාන අන්දමකටය.
විධායකය යනු භාණ්ඩාගාරයද, ඇමැති මණ්ඩලයද, (මහජන නියෝජිතයන්ද) අතුළත් රාජ්‍ය නිලධාරීන්ය. රාජ්‍ය නිලධාරීන් අතින් වැරදීමකින් කෙරෙන හෝ හිතාමතාම කරන හෝ කිසියම් අයථා ක්‍රියාවක් අනාවරණය වීනම් එය මහජනයාට (පාර්ලිමේන්තුවට) පෙන්නාදීම (වාර්තා කිරීම) විගණකාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇති රාජකාරියයි.
විගණකාධිපතිගේ රාජකාරිය දූෂණ වංචා සෙවීම හොරු ඇල්ලීම නොවේ. මහජනයා විසින් (පාර්ලිමේන්තුවෙන් හෙවත් ව්‍යවස්ථාදායකයෙන්) වෙන්කර දෙන ලද මුදල් (මූල්‍ය ප්‍රතිපාදන) තත්කාර්ය සඳහාම යෙදවිණි දැයි යන්න පිළිබඳව පරීක්‍ෂා (විගණනය) කර පාර්ලිම්න්තුවට වාර්තා කිරීමය. විගණනය මුර බල්ලා මිස දඩයම් බල්ලකු නොවන්නේය කියන්නේද එහෙයිනි. (Audit is only a watch dog,not an hound)
මහජනයා විසින් (ව්‍යවස්ථාදායකයෙන්) මහජන ශුභ සාධනය උදෙසා මුදල් වෙන් කරදෙනු ලබන්නේ නිලධාරීන්ටය (විධායකයටය) විගණකාධිපතිපති විගණනය (පරීක්‍ෂා) කළ යුත්තේ ඒ නිලධාරීන් කියන කරන දේවල්ය.
විගණනය සඳහා විගණකාධිපතිට මුදල (වැටුප් ගමන්ගාස්තු ඇතුළු දෙපාර්තමේන්තු වියදම්) වෙන්කර දෙන්නේ විධායකයයි (භාණ්ඩාගාරයයි). තමන්ගේ අඩුපාඩු පෙන්වන්නා නැත්තටම නැතිකර දමන්ට හැකි නම් එසේ නොකර ඔහුට පහසුකම් සලසන බෝසත්වරුන් නම් අපේ රාජ්‍ය සේවයේ තබා සමස්ත ශ්‍රීලංකාද්වීපයේද ඉපදී ඇත්දැයි සැකයකි.
“අපට කෙළින්නට එන එකාට කෙළිනවා යකෝ” යන ඔන්න ඔය කියන වාතාවරණය තුළ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ විගණකාධිපතිට සිය රාජකාරි කිරීමට සිදුවිය.
විගණකාධිපති දෙපාර්තමේන්තුවට මුදල් වෙන්කිරීම් (ප්‍රතිපාදන) අවම කෙරිණි. කිසියම් මුදල් අවභාවිතයක් (වංචාවක්) සිදුවන බවට (වැවක් භාගෙට ඉදිකර මුදල් ගෙවා ඇතැයි සිතමු) පෙත්සමක් ලැබුණු විට විගණන නිලධාරියකුට එය විගණනය කිරීමට යාමට මුදල් (ගමන් ගාස්තු) නැත්නම් රාජකාරිය කරන්නේ කෙසේද? භාණ්ඩාගාරය මූල්‍ය ප්‍රතිපාදන කප්පාදුකර විගණනය බෙලසුන් කළ අවස්ථා එමටය.
රාජ්‍ය ආයතනයක සිදුවූ ක්‍රියාවක් සම්බන්ධව විගණන විමසුමක් Audit Query හෝ විගණන ඡේදයක් Paragragh හෝ නිකුත් කිරීමට විගණනයට දායක වූ නිලධාරියකු විභාගයක් සමත්ව සම්මුඛ පරීක්‍ෂණයට ගිය විටෙක “මේකා තමයි අපට විරුද්ධව ඔඩිට් ක්වෙරියක් දැම්මේ”ය යන වාතාවරණයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ බිහි වූ සිරිසඟබෝලා දුසිම් ගණන්ය.
ඔය එක් පැත්තකි. අනිත් පැත්ත මහජන දේපොළ නිසි නින්දේ ගසා කෑමය. රාජ්‍ය නිලධාරීහු මහජන දේපොළ ගසා කෑහ. දේශපාලනඥයෝ ගසා කෑහ. දේශපාලනඥයන්ගේ ඔඩොක්කුවට වැටුණු නිලධාරීයෝ ගසා කෑවෝය. නිලධාරීන්ගේ සාක්කුවට වැටුණු දේශපාලනඥයෝ ගසා කෑවෝය. ඒ කෝටි ප්‍රකෝටි ගණනින්ය. (දෙදහස් හතරේ (2004) සිට දෙදහස් අට (2008) පමණ වන තෙක් ලක්බිම පුවත්පතේ සති පතා වැටත් නියරත් විශේෂාංගය යටතේ මේ ගසා කෑමේ විගණන වාර්තා දීර්ඝ වශයෙන් පළ විය)
විගණකාධිපතිවරයා කොපමණ විගණන වාර්තා පාර්ලිමේන්තුවට :ගිණුම්කාරක සභාවට-P.A.C. සහ රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට COPE ඉදිරිපත් කළත් මහජනයාට එමගින් මේ වන තුරු සිදුවූ යහපතක් ඇත්තේ දැයි විමසිය යුතුය. ඊට පිළිතුරද නැත යන්නය. අඩුම වශයෙන් මහජනයා අතර විගණන වාර්තාවක් සම්බන්ධයෙන් “හාවක් හූවක්” හෝ ඇති වුණා නම් ඇතිවුණේ හඳුන්නෙත්ති මහත්තයා (ඒ මහත්තයාට ගෞරව වේවා) සභාපතිව සිටි කාලයේය. නැතහොත් සාකච්ඡා කර සිසිල් බීම වීදුරුවක් පානය කර සභා තොමෝ සතුටින් විසිර ගියාහු යැයි දතයුතු.
ඇත්ත වශයෙන්ම මේ තත්ත්ව නැති කිරීමට නොහැකිනම් අඩුම වශයෙන් අවම කර මහජන දේපොළ ආරක්‍ෂා කිරීමට විගණකාධිපතිවරයාට ලැබිය යුත්තේ කවර වරමක්ද යන්න වසර තිහකටත් වැඩි කාලයක් තිස්සේ ඩබ්ලිව්. ගාමිණී ඈපා, සරත් මායාදුන්නේ, ඇස්.ඇම්. සබ්‍රි, ස්වර්ණ ජෝති, ඩබ්ලිව්. ප්‍රේමතිලක සහ ගාමිණී විජේසිංහ යන විගණකාධිපතිවරුන්ගේ නිලකාලවලදී රජයට යෝජනා වාර්තා කර ජාත්‍යන්තරයේ (වෙනත් රටවල) විගණනයට ඇති ස්වාධීනත්වය ලබා දෙන ලෙසට ඒ ඒ ආණ්ඩු යටතේ නිල වශයෙන් ඉල්ලීම් කෙරිණි. කන්නලව් කෙරිණි. උද්ඝෝෂණද කෙරිණි. ඒ සියල්ල කෙරුණේ මේ රටේ මහජන දේපොළ ආරක්‍ෂා කිරීම සඳහාය.
එහෙත් මේ රටේ දූෂණයට වංචාවට මහජන දේපොළ ගසා කෑමට රාජ්‍ය ආයතනවල ඉහළ පුටුවලට අධිගෘහිත (අරක්ගෙන සිටින) ආණ්ඩුවක් වෙනස් වූ විට ටයි පටිය වෙනස් කරන දූෂිත නිලධාරීන් (සියල්ලන්ම නොවේ) ඒ සඳහා වළ කැපුවා මිස ඉඩ දුන්නේ නැත. එහි ප්‍රතිවිපාකය, මේ රටේ උරුමය ඇති දෙකෝටි විසි පන් ලක්‍ෂයකට (2,25,00,000) වැඩි සියලුදෙනාම එක් අයකු මේ වන විට රුපියල් හය ලක්‍ෂයක (6,00,000) තරම් ලෝකෙට ණයකාරයින් වීමය.
මහජන දේපොළ ආරක්‍ෂා කිරීමට විගණකාධිපතිවරයාට අත්‍යාවශයෙන්ම තිබිය යුතු අධිකාරි බලය කවරේදැයි යන්න ගැන වසර තිහකට වැඩි කාලයක් තිස්සේ සිටි සියලුම විගණකාධිපතිවරුන් විසින් (රටේ වෙසෙන ක්‍ෂේත්‍රය පිළිබඳ බුද්ධිමතුන්ගේ එකඟතාවෙන්) රජයට ඉදිරිපත් කරන ලද ඒ සියලුුම ඉල්ලීම්වල තිබූ හරය මෙසේ කැටි කොට දැක්විය හැකිය.

  1. මූල්‍ය ස්වාධීනත්වය Financial Independence
  2. පරිපාලන ස්වාධීනත්වය Administrative Independence
  3. අධිභාර බලය Power of surcharge
    මූල්‍ය ස්වාධිනත්වය යනු මූල්‍ය ප්‍රතිපාදන භාණ්ඩාරය හරහා නොව පාර්ලිමේන්තුවෙන් එක එල්ලේම වෙන්කර දීමය.
    පරිපාලන ස්වාධීනත්වය යනු විගණකාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල පත්කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම් විනය කටයුතු කෙරෙහි ස්වාධීනත්වයක් තිබිය යුතු බවය.
    මහජන දේපොළ ආරක්‍ෂා කිරීම උදෙසා විගණකාධිපතිවරයාට අත්‍යාවශයෙන්ම තිබිය යුතු බලය “අධිභාර බලයයි” අධිභාර බලය යනු රජයට (මහජනයාට) කිසියම් අලාභයක් නොසැලකිල්ල නිසා හෝ දූෂණ වංචා නිසා හෝ මහජනයාට (රජයට) කිසියම් හානියක් සිදුවී ඇත්නම් ඊට වගකිවයුතු නිලධාරියාගෙන් හෝ නිලධාරීන්ගෙන් හෝ එය ආපසු අය කර ගැනීමට ඇති බලයයි.
    රටේ මහජනතාව මෙහිදී දැනුවත් වියයුතු කරුණක් ඇත. මේ රටේ මහජන අයිතියට (රජයට) තිබූ ලාභ ලබන ආයතන විශාල සංඛ්‍යාවක් සමාගම් බවට පත්කෙරී තිබේ. එයා ලංකා ගුවන් සමාගම, ටෙලිකොම් ආයතනය, පීපල්ස් ලීසී සමාගම සහ සිවිල් ගුවන් සේවා සමාගම ඊට උදාහරණ වේ. එසේම ලාභ ලැබූ තේ, පොල්, රබර් වතු ටිකද සමාගම් අතට ගියේය. සංස්ථා, මණ්ඩල සහ අධිකාරි වැනි අර්ධ රාජ්‍ය ආයතනද Semi Government රාශියකි. මේවා ඇතැමුන්ගේ ගසාකෑමේ තෝතැනි බවට දීර්ඝ කාලයක් තිස්සේ පත්කර ගනු ලැබ ඇත.
    මේ සියල්ල විගණනය කිරීමේ බලය විගණකාධිපතිවරයාට නැත. ඒවා විගණනය කෙරෙන්නේ පෞද්ගලික විගණන ආයතන මගිනි. පෞද්ගලික සමාගමකට විගණන කටයුතු පැවරීමේදී අදාළ රාජ්‍ය ආයතනය භාර ද්ශපාලනඥයාට ඒ සඳහා බලපෑමක් කළ නොහැකි යැයි සීතීමට උගහටය.
    මේ අන්දමින් විගණකාධිපතිවරයාට විගණනය කළ නොහැකි රාජ්‍ය ආයතන තුන්සියයකට (300) වඩා තිබිණි. (දහනම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත විගණන සේවා කොමිසම යටතේ එම ආයතන විගණන කිරීමේ බලය බලය විගණාකාධිපතිවරයාට පැවරණි.)
    මේ වන විටත් පළාත් පාලන සහ විශ්වවිදා්‍යාල සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාට අධිභාර බලය පැවරී ඇත. විගණකාධිපතිවරයා පමණක් නොව මේ රටේ සාධු සම්මත මහජනතාවගේ ඒකායන ඉල්ලීම සියලුම රාජ්‍ය ආයතන කෙරෙහි බලපාන අන්දමින් විගණකාධිපතිවරයාට අධිභාර බලය පවරා දියයුතු බවයි.
    මේ රටේ දූෂිත නිලධාරීන් සහ දූෂිත දේශපාලනඥයන් සිටිනතාක් මේ අධිභාර බලය නම් නොලැබෙන බව ඉර හඳ මෙන් පැහැදිලිය.
    මේ උත්තරීතර බලය ලැබුණු විට කිසිදු නිලධාරියකුට මුදල් අවභාවිතයක් කළ නො හැක්කේය. අනිවාර්යයෙන්ම රාජ්‍ය ආයතනවල වග කිව යුත්තේත් Responsibility වග විය යුත්තේ Accountability අමාත්‍යාංශලේකම්වරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාය. ඒ අමාත්‍යංශ ලේකම්වරයා හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියා (මහජනයාට) පාර්ලිමේන්තුවට වගකිවයුතු පිළිවෙළින් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා හෝ ගණන්දීමේ නිලධාරියා හෝ වන හෙයිනි.
    දහනම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ විගණන සේවා කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම යන ස්වාධීන කොමිසම් දෙක හඳුන්වාදෙනු ලැබීණි. ඒ යටතේ සියයට සියයක්ම නැතත් අඩුපාඩු මධ්‍යයයේ හෝ කිසියම් ප්‍රමාණයකට විගණකාධිපතිවරයාට මූල්‍ය සහ පරිපාලන මෙන්ම අධිභාර බලයද හිමි විය.
    එහෙත් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දහනම වැනි ව්‍යවස්ථාව අහෝසි වන විට විගණන සේවා කොමිසම සහ ප්‍රසම්පාදන කොමිසම යන ස්වාධීන කොමිසම් දෙකද නිරායසයෙන්ම අහෝසි වන්නේය. විගණන කොමිසම අහෝසිවන විට එමගින් බලාත්මක විගණන පනතද අහෝසි වන්නේය. විගණන පනත අහා්සි වූ විට එම පනතින් විගණනයට බලය පැවරුණු බලයද (කාර්ය භාරය) අහෝසි වන්නේය. එසේ වූ කල්හි බලාත්මක මහජන මුදලේ ආරක්‍ෂකයාගේ (විගණකාධිපති වරයාගේ) ස්වාධීනත්වයද අහෝසිවී තටු කැපී යන්නේය. ජාතික විගණන කාර්යාලය නැත්තටම නැතිවන්නේය.
    එසේ වුවහොත් සමාගම් බවට පත් කෙරුණු තුන්සියයකට (300) වැඩි රාජ්‍ය ආයතන විගණනය කිරීමේ බලය විගණකාධිපතිවරයාට නැතිවීමයි. එසේ වූ විට වන්නේ මහජනයා යළිදු කබලෙන් ළිපට වැටීමය. බඩගෝස්තරවාදී සමාගම්කාරයින්, දූෂිත නිලධාරීන් සහ දේශපාලනඥයින් උඩ පිනුම් බඩ පිනුම් පමණක් නොව කස්තිරම්ද ඇල්ලීමයි.
    ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ උත්තරීතර මැතිතුමනි, මේ රටේ එක්කෝටි හැත්තෑ ලක්‍ෂයකට (1,70,00,000) ආසන්න පිරිසක් දහඩියෙන් පෙඟුණු දැත්වලින් ඔසවා කඩා හැලෙන සන්තෘෂ්ඨියේ කඳුළුධාරා දැස්වලින් වගුරුවමින් තම කරපිටින් ඔබතුමා ඔසවාගෙන ගොස් ජනාධිපති ආසන මස්තකප්‍රාප්ත කළෝ තමන් ලෝකෙට ගෙවිය යුතු ණය ගෙවා තම දරුවන්ට වේලක් කා වේලක් සැනසී සිටීමේ අපේක්‍ෂාවෙනි.
    ‘ඒ සඳහා මේ රටේ සුවාහසූ දහසක් ජනතාව දෑස් දල්වා බලා සිටින්නේ අන් කවරකු දියාවත් නොව ඔබතුමා දෙසය. ඔවුන් යහසාධක ශුභවර්ධක ආණ්ඩුක්‍රම සංශෝධනයකට අබමල් රේණුවක තරම් විරෝධතාවක් කිසිසේත්ම නැත.
    එහෙත් තමන්ගේ දේපොළ (මහජන දේපොළ) ආරක්‍ෂා කරන මුර දේවතාවාට (විගණකාධිපති) දහනම වැනි (19) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලද ස්වාධීනත්වය ආරක්‍ෂාකර දෙන ලෙසට ඔවුහු ඉතා ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිති.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හිටපු විගණන නිලධාරි චන්ද්‍රසේන මාරසිංහ

මහරජ අතේකෝට්

කේළම් කාරයෝ එමටය. තමන්ගේ බඩ වඩා ගැනීමට අයෙක් කේළම කියති. කෙනකුගේ දියුණුව දකිනු බැරි ඉසියෝද (ඊර්ෂා කාරයෝ) කේළම් කියති. එකිනෙකා කොටවන්නටද කේළාම් කියන්නෝ සිටිති. ඔය කොයිදේත් නපුරුය.
ගිහියන්ට පමණක් නම් මදැ. මහා සංඝරත්නයටද එරෙහිව ඇතැම්හු කේළම් කියති. රාජාධි රාජ සිංහ රජුගේ ගුරුතුමා වූ මොරතොට හාමුදුරුවන්ට එරෙහිවද රජතුමාට කේළම් කීවේ ගුරු ගෝල සම්බන්ධය පවා බිඳවන්නටය. කියපු කේළම අද රටේ හැටියට නම් ඒ තරම් බරපතළ එකක් නොවේ. හාමුදුරුවන් හම්බ වෙන්නට රෑට රෑට ස්තිරියාවක් එන බවය. හාමුදුරුවන්ගේ හොර අල්ලන්න සිතූ රජතුමා ගැහැනු ආයිත්ම්වලින් සැරසී පන්සලට ගොස් හාමුදුරුවන්ගේ කුටියේ fදාරට තට්ටුවක් දැම්මේය. තට්ටු කරන්නාට තට්ටු නොවුණත් fදාර ඇරුණේ නම් නැත. පහනක් පත්තු වෙන බවක් පෙනෙන්නට තිබුණේද නැත. එහෙත් කුටියේ කවුළුවක් නම් විවෘතව තිබිණි. සයනය වරින් වර කිරිස් කිරිස් ගා ඇඹරෙන හඬින් හාමුදුරුවන් සයනයේ නිදිවර්ජිතව සිටින සෙයක් රජතුමා සිතුවේය. ඒ නිසා මං ආවා යැයි නොකියා කියන්නට වළලු සිලිං බිලිං ගා සෙලවූ ගැහැනු රජතුමා අත කවුළුවෙන් ඇතුළට දැම්මේය. තම ගෝලයාගේ කට්ටකං උප්පරවැට්ටි අඳුනා ගන්න බැරි තරම් කෙනෙක් නොවූහ හාමුදුරුවෝ. ඒ නිසා අත අල්ලා ගත් හාමුදුරුවෝ “අයිඩින්ටිෆිකේෂන්” එක කවියෙන්ම මෙසේ දුන්හ.
සක ල මුව තඹර සිය ගත සිව්මැ ලි යේ
ඇසළ මස දුටිමි යනවා දෙව් කෙ ළි යේ
අසල කනම් නිතර දැකුමට සිතු ඇ ලි යේ
සකල සිරි ලකට අග රජ නුඹ ද ලි යේ

අමර ගුරු හරණ සත දත් මනා ව න්
විතර නොවන ගුණ නැණ සපිරිනා ව න්
පවර නමැති මොර තොට හිමි නා ව න්
සසර වසන තුරු මට වාසනා ව න්

ක්ලියෝපැට්‍ට්‍රායි කොට නාහෙයි

If the nose of the Cleopatra had been shorter,the whole face of the earth would have been changed.-Blaise Pascal (1623-1662)
ක්ලියොපැට්ට්‍රාට කොට නාසයක් තිබුණේ නම් සමස්ත පෘථිවි තලයේම මුහුණත ද වෙනස් වන්නට තිබිණි. බ්ලේස් පැස්කල් (1623-1662)

SendShareShare
Previous Post

අංක 1 සමගියයි: කොළඹ 2 නගරයයි

Next Post

ගමගේ පවුලටත් රනිල් එපාවෙයි

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.