• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අලි ඇත්තු ගැන ඇත්ත

September 15, 2020
in News, Politics, Uncategorized
Reading Time: 1 min read
A A
අලි ඇත්තු ගැන ඇත්ත
Share on WhatsAppShare on Facebook

elephas maximus maximus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ අලියා ගැන තමයි අපි අද කැලෑ කොලමෙන් කතා කරන්නේ. ආසියානු උප විශේෂයක් වන ලංකාවට ආවේණික මේ අලියා වඳවී යන සතෙක් විදියට 1986 වසරේ ඉඳන්ම ICUN රතු දත්ත පොතට ඇතුළත් වෙලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ වනාන්තර තුළ වර්තමානය වෙද්දී 6000 ඉක්මවා ගිය අලි ප්‍රමාණයක් ජීවත් වෙන බව සංඛ්‍යාත්මක වාර්තා අනුව පැහැදිලි වෙනවා. ඊට අමතරව 200කට අධික ඇතුන් ප්‍රමාණයකුත් වනාන්තර ගතව ජීවත් වන බවට වාර්තා වෙලා තියෙනවා.
ජීවත් වන ප්‍රදේශය අනුවත් මේ අලි, ඇතුන් කොටස් කිහිපයකට වෙන් කරලා හඳුනගන්න පුළුවන්. ඒ අනුව යාල, උඩවලව, කුමන, ලුණුගම්වෙහෙර වැනි වියළි කලාප ආශ්‍රිතව ජීවත් වන අලි “රුහුණු ගැටව්” ලෙසින් හඳුන්වනවා. මේ රුහුණු ගැටව් ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවල අලි තරම් ශරීරයෙන් විශාල නැති වුණත්, ශක්තිය අතින් දෙවැනි නැහැ. ඊට අමතරව වස්ගමුව කලාපය ආශ්‍රිතව ජීවත් වන අලි “විල් අලි” ලෙස හඳුන්වනවා. මේ විල් අලි ශරීර ප්‍රමාණය අතින් බොහෝ විශාලයි. ඒ වගේම ශක්ති ප්‍රමාණයෙනුත් ඉතා වැඩියි. ඒකට හේතු වෙලා තියෙන්නේ මේ අය ජීවත් වෙන ප්‍රදේශයේ තියෙන සරුසාර බව. මොකද සරුසාර මහවැලි නිම්නය ආශ්‍රිතව තමයි මේ අයගේ ජීවන රටාව හැඩ ගැහිලා තියෙන්නේ.
ආසියානු උප විශේෂයක් වුණත්, ශ්‍රී ලංකාවේ අලියා අප්‍රිකානු අලියාට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා වීමත් විශේෂ කාරණයක්. වන අලි දැක ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ හොඳම ජාතික වනෝද්‍යාන ලෙස උඩවලව, මින්නේරිය සහ කවුඩුල්ල දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඊට අමතරව විල්පත්තු පොම්පරිප්පුව ප්‍රදේශයේ සහ යාල, ලාහුගල සහ කුමන ජාතික වනෝද්‍යාන තුළදිත් වන අලි බහුලව දැක ගන්න පුළුවන්. මේ අතරින් ලාහුගල දකින්න ලැබෙන වන අලින්ට බෝල හැඩැති ශරීරයක් හිමි වී තිබීමත් කැපී පෙනෙන කාරණයක්.
පළාත් වශයෙන් සැලකුවහොත් ලංකාවේ උතුරු මැද සහ වයඹ පළාත් දෙකේ තමයි වැඩිම වන අලි ගහනය දක්නට ලැබෙන්නේ. ඒ අතරින් කලා ඔය නිම්නය වැඩිම ඇතුන් පිරිසක් ජීවත් වන ප්‍රදේශය ලෙස සලකන්න පුළුවන්. එමෙන්ම සෝමාවතී රක්ෂිතය, ජල ගැලුම් නිම්න රක්ෂිතය සහ ත්‍රිකෝණමඩු රක්ෂිතය තුළත් සැලකිය යුතු ඇතුන් පිරිසක් ජීවත් වෙනවා. දැනට වන ගතව ජීවත් වෙන ඇතුන් අතරින් විශාලම ඇතා තමයි කාවන්තිස්ස. ගජබා සහ මහ ඇතා නමිනුත් මේ ඇතාව හඳුන්වනවා. සෝමාවතී රක්ෂිතයේ ජීවත්වන සෝමාවතී ඇතත් විශාල ප්‍රමාණයේ ඇතෙක්.
මීට අමතරව කඳුකර ප්‍රදේශවල ජීවත් වන කඳුකර අලි නැමැති විශේෂයකුත් ශ්‍රී ලංකාවෙදි දැක ගන්න පුළුවන්. රන්දෙනිගල, රන්ටැඹේ වැනි ප්‍රදේශවල තමයි මේ අය ජීවත් වෙන්නේ. හැබැයි කඳුකරයේ ජීවත් නොවුණා කියලා අනෙක් අලින්ටත් කඳු නගින එක ප්‍රශ්නයක් නෙවෙයි. විශාල ශරීරයක් තිබුණත්, ඕනෑම අලියකුට ඕනෑම කන්දක් නඟින්න පුළුවන්. තෙත් කලාපයේ පිහිටි සිංහරාජ වනාන්තරයෙනුත් අලි වාර්තා වෙලා තියෙනවා.
අලි ගැන කතා කරද්දී අපේ ගොඩක් දෙනෙක් වරදවා වටහා ගෙන ඉන්න තුන්පත්රෑන පිළිබඳවත් සඳහන් කළ යුතුමයි. මවු ඇතින්න, ඇයගේ පළමු පිරිමි හෝ ගැහැනු පැටවා සහ ඇයට අලුතින් උපන් පැටවා තමයි තුන්පත්රෑන විදියට එකට ජීවත් වෙන්නේ.
ශාක භක්ෂකයකු වෙන අලියාගේ ප්‍රියතම ආහාරය තමයි වැව් පිටිවල වැවෙන අලුත් තණකොළ. ඊට අමතරව හේන් නොකරන කාලයට හේන් පිටිවල වැවෙන අලුත් වගාවටත් මේ අය හරිම කෑදරයි. හොඳින් වැඩුණු පිරිමි අලියෙකුට දිනකට කිලෝ ග්‍රෑම් 200කට අධික ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය තරමට ආහාර නොමැති වීම තමයි මේ අය ගම් වැදීමට ප්‍රධාන හේතුව. ඒ හරහා තමයි අලි මිනිස් ගැටුම් ඇති වෙන්නේ.
වර්තමානය වෙද්දී වනජීවී දෙපාර්තමේන්තුවට විසඳා ගත නොහැකි ප්‍රධානම ගැටලුවක් බවට අලි මිනිස් ගැටුම පත් වෙලා තියෙනවා. අලියා ඉතාම බුද්ධිමත් සතෙක්. ඒ හින්දා ඌ ගමන් කරන්නේ එක්තරා නිශ්චිත මාර්ගයක විතරයි. ඒ මඟ හරස් කරමින් මිනිස් ක්‍රියා සිද්ධ වීම හින්දා ඌ ඒවා විනාශ කරගෙන ඉදිරියට ඇදෙනවා. අපේ රටේ සිදුවන අවිධිමත් සංවර්ධනය හේතුවෙන් දිනෙන් දින අලි මිනිස් ගැටුම උග්‍ර වෙනවා. අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් සහ වන අලි සම්බන්ධ තවත් රසවත් තොරතුරු බොහොමයක් අපි ලබන සතියේ කැලෑ කොලම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

සිවාජි පොලිස් භාරයට

Next Post

ප්‍රවෘත්ති මවන මාධ්‍ය ගැන සජිත් හෙළි කරයි (VIDEO)

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.