20වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්ථාපිත කරවූ මානව හිමිකම් කොමිසම වැනි කොමිසම්වල පැවැත්ම කෙරෙහි බරපතළ සෘණාත්මක බලපෑම් එල්ල කරනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය සදහන් කොට තිබේ.
මානව හිමිකම් කොමිසමේ 45වන සැසිවාරය ජිනීවා නුවර දී රැස්වී ලෝක මානව හිමිකම් යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන්වූ සාකච්ඡාවේදී ඇය විසින් මෙම අදහස් දක්වා ඇත.
ඒ අනුව ඇය කොමිසමෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාව කෙරෙහි කොමිසම දක්වන අවධානය යාවත්කාලීන කිරීමට වහාම කටයුතු කළ යුතු බවයි.
ශ්‍රී ලංකාව විසින් 30/1 යෝජනාවට පක්ෂපාතිත්වය ලබාදෙන්නේ යැයි දුන් සහතිකයෙන් ඉවත්වීම මගින් ලබාදුන් පොරොන්දු ඉතා වේගයෙන් ප්‍රතික්ෂේප කරමින් සිටින බව පැහැදිලි වන්නේ යැයිද ඇය පවසා ඇත.










