ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සිව් වන සංවත්සරය එළඹෙන නොවැම්බර් 02 වැනි දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කොට ඇත.
කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම සංවත්සරයට සමගාමීව සාමාජිකයන් ලක්ෂ 40ක් බදවා ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.
පසුගිය සතියේ පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමග පැවැති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව අනාවරණය කොට ඇත.










