• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩු පක්ෂයේ සියල්ලන්ටම නමක් ගමක් නැති රහස් ලිපියක් ගෙදරට එයි (EXCLUSIVE)

September 15, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 5 mins read
A A
ආණ්ඩු පක්ෂයේ සියල්ලන්ටම නමක් ගමක් නැති රහස් ලිපියක් ගෙදරට එයි (EXCLUSIVE)
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් සියපු දෙනාටම පාහේ විශේෂ ලිපියක් ලැබී තිබිණ. මෙම විශේෂ ලිපිය සාමාන්‍ය තැපැල් සේවය ඔස්සේ නොව ‘කුරියර්‘ සේවාවක් හරහා මන්ත්‍රිවරුන්ගේ නම්වලට ‘කුරියර්‘ කර තිබීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය. ඒ අනුව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කුරියර් සේවාව මඟින් ලැබුණු මෙම ලිපිය කුමක්ද යන්න සොයා බැලීමේදී ඔවුන්ට දැකගන්නට ලැබුණේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි විය යුත්තේ ඇයිද යන්න සම්බන්ධයෙන් කරුණු විශාල ප්‍රමාණයක් ඊට ඇතුළත් කර තිබූ බවකි. එම ලිපිය එවා ඇත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කිසිදු සඳහනක් එහි නොවුණත් නීතිඥවරුන් කණ්ඩායමක් විසින් ඉතා සියුම්ව සකස් කර ඇති නීතිමය ලියවිල්ලක් බව බැලූබැල්මටම දැකගන්නට තිබිණ.
රාජ්‍ය රහස් තීරයටද එම ලිපිය ලැබී තිබුණු අතර එහි සඳහන්ව තිබුණේ මෙවැන්නකි.

අවධානයට,
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවන වෙනස්කම්.
අග්‍රාමාත්‍යවරයාට වන බලපෑම
47 වගන්තිය – ඕනෑම අවස්ථාවක කිසිදු හේතුවකින් තොරව අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිට බලය පවරාගෙන තිබීම.
44 වගන්තිය – අග්‍රමාත්‍යවරයාගේ ව්‍යවස්ථානුකූල බලතල සම්පූර්ණයෙන්ම ඉවත් කර එම බලතල ජනාධිපති යටතට පවරාගෙන ඇත. ඒ අනුව ජනාධිපතිට,

  • අමාත්‍යවරු සහ අමාත්‍යාංශ සංඛ්‍යාව තීරණය කළ හැක.
  • විෂය හා කාර්යයන් තීරණය කළ හැක.
  • අමාත්‍යාංශ සඳහා සුදුසු මන්ත්‍රිවරුන් තෝරා පත් කළ හැක.
  • වගන්තිය ජනාධිපතිවරයා යටතේ තබාගත යුතු අමාත්‍යාංශ සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයාටම පවරාගෙන ඇත.
  • අග්‍රාමාත්‍යවරයා නාමික අග්‍රාමාත්‍ය තනතුරක් බවට නිතැතින්ම පත්ව තිබේ.
    51 වගන්තිය – ව්‍යවස්ථාපිතව තිබූ අග්‍රාමාත්‍යවරයාගේ ලේකම් තනතුර සහ කාර්යාලය අහෝසි කර ඇත.
    45 වගන්තිය – කැබිනට් නොවන අමාත්‍යවරුන් පත්කිරීමේ සියලු බලතල ජනාධිපතිවරයාට පවරාගෙන තිබේ.
    46 වගන්තිය – නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමේ සියලු බලතල ජනාධිපතිවරයාට හිමිවේ.
    52 වගන්තිය – අමාත්‍ය මණ්ඩල ලේකම් පත්කිරීමේ බලය ජනාධිපතිට පැවරේ.

ව්‍යවස්ථාදායකයට වන බලපෑම.
70 වගන්තිය – ජනාධිපතිට පාර්ලිමේන්තුව පාලනය කිරීමට ඉඩ සැලසීම

  • 70 වගන්තිය – පාර්ලිමේන්තුව රැස්වී වසරකින් පසු විසුරුවා හැරීමට ජනාධිපතිට බලය හිමිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ බලය අවතක්සේරු කිරීම.
    85 වගන්තිය – පාර්ලිමේන්තු පනතක් ප්‍රතික්ෂේප වූ විට ජනමත විචාරණයකට යෑමට ජනාධිපතිට බලය හිමිවේ. එමඟින්ද පාර්ලිමේන්තුවේ බලය අවතක්සේරු වේ.
    78 වගන්තිය – පනතක් පාර්ලිමේන්තුවට හඳුන්වාදීමේ ගැසට් නිවේදනය සිදුකරන කාලය දින 14 සිට 7ට අඩු කිරීම.
    122 වගන්තිය – හදිසි පනත් පැය 24කින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නැවැතත් ඉඩ සැලසීම.
    156 අ, 170, 156 ආ වගන්ති – යුක්තිය පිළිබඳ ආයතනවලට කරන පත්කිරීම්, රජය මහජනයාට වගකරවීමට ක්‍රියාකරන ආයතන, පාර්ලිමේන්තුවට වගකියනවා වෙනුවට ජනාධිපතිගේ තනි ග්‍රහණය යටතට පත්කිරීම.
    41 අ වගන්තිය – පොලිසියේ ස්වාධීනත්වය හා අධිකරණයේ ස්වාධීනත්වය අවතක්සේරු කර ජනාධිපතිගේ තනි ග්‍රහණයට පත්කිරීම.
  • පාර්ලිමේන්තුවට වගකියනවා වෙනුවට ජනාධිපතිට පමණක් වගකීමට ඉඩ සැලසීම.
  • ජනාධිපතිවරයා හදිසි නීති පැනවීමේදීද වෙනත් නීති පැනවීමේදීද පාර්ලිමේන්තුවට වගකිව යුතු බව දැක්වෙන 33 අ වගන්තිය ඉවත් කොට තිබේ.
  • 35 යටතේ ජනාධිපති මුක්තියට අදාළ වගන්තිය ඉවත් කොට ජනාධිපතිට එරෙහිව කිසිම නඩු කටයුත්තක් පැවරිය නොහැකි බව දක්වා තිබේ. ඒ අනුව ජනාධිපති කාර්යයක් සඳහා මානව හිමිකම් නඩුවක් පැවරීමේ බලය (19 යටතේ) ඉවත් කර තිබේ.
  • අගමැති හා විපක්ෂ නායක විසින් පාර්ලිමේන්තු සභාවට පත්කරන මන්ත්‍රිවරු ඉවත් කරන ලෙස එම දෙපළගෙන් ඉල්ලා සිටිය හැකි අතර එම ඉල්ලීම පැහැර හැරියහොත් ජනාධිපතිවරයාට එම පත්කිරීම සිදුකළ හැක. 41 (8) ආ.

අනෙකුත් බලපෑම්
41 අ වගන්තිය – ව්‍යවස්ථාදායක සභා අහෝසි කර ඒ වෙනුවට නිරීක්ෂණ පමණක් ලබාදිය හැකි පාර්ලිමේන්තු සභා හඳුන්වාදීම.
53 වගන්තිය – ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් (අමාත්‍යාංශ ලේකම්වරු) රට බෙදීමට අනුබල නොදෙන බවට දිය යුතු ප්‍රතිඥාව :ීජයැාමකැ 7* ඉවත් කිරීම. බෙදුම්වාදී අදහස් ප්‍රචලිත කරමින් අමාත්‍යාංශ ලේකම් ධුර දැරීමට ඉඩ සැලසීම.
35 වගන්තිය – ජනාධිපතිගේ බලය භාවිතා කිරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය අහෝසි කිරීම. මුක්තිය තවදුරටත් ශක්තිමත් කිරීම. ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංඝනය කළ විට විකල්පයක් නොමැති වීම.
41 අ වගන්තිය – ජනාධිපති විසින් සිදුකරන මැතිවරණ කොමිෂන් සභාවේ පත්කිරීම් නිසා එහි ස්වාධීනත්වය අහිමි වීම.
ඩසස (ආ) පරිච්ඡේදය – විගණන කොමිෂන් සභාව හා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ව්‍යවස්ථාවෙන් ඉවත් කෙරේ.
91 වගන්තිය – ජනාධිපති වීමට හෝ මන්ත්‍රි කෙනෙක් වීමට ද්විත්ව පුරවැසියන්ට අයිතිය හිමිවීම.
85 වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ පනතක් හෝ වගන්තියක් නව පනත් කෙටුම්පතක් ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට ජනාධිපතිට බලය ලබාදී ඇත.

91 වගන්තිය – මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා පොලිස් කොමිසමේ සාමාජිකයන් රාජ්‍ය සේවකයන් ලෙස නම් කර ඇත.
92 වගන්තිය – ජනාධිපති අපේක්ෂකයකුගේ අවම වයස් සීමාව අවු. 30ක් ලෙස සංශෝධනය කර ඇත.
103 වගන්තිය – මැතිවරණ කොමිසමට සාමාජිකයන් 3 දෙනකු ජනාධිපති විසින් පත්කරනු ලැබේ.

  • කොමිසම මඟින් ලබාදෙන මාධ්‍ය උපමාන භාවිතා කිරීම මාධ්‍ය ආයතනයේ කාර්යයක් (අභිමතයක්) වන්නේය.
    107 වගන්තිය යටතේ අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණවල සෑම විනිසුරුවරයකුම ජනාධිපති විසින් පත්කරනු ඇත.
    111 වගන්තිය – අධිකරණ කොමිෂන් සභාවට අගවිනිසුරු හැරුණුකොට අනෙක් විනිසුරු දෙපළ ජනාධිපති විසින් පත්කරනු ලබන අතර ඉවත් කිරීමේ බලතලද ජනාධිපති සතුවේ.
    122 වගන්තිය – හදිසි කෙටුම්පත් ගැසට් නොකොට ශ්‍රේෂ්ඨාධිකරණයට යවා පැය 24කට පසුව සම්මත කිරීමේ බලය නැවත හඳුන්වාදී තිබේ.
    154 වගන්තිය – විගණකාධිපති ජනාධිපති විසින් පත්කරනු ලබන්නේය.
    155 වගන්තිය – සාමාජිකයන් 7කින් සමන්විත පොලිස් කොමිසම පත්කිරීම ජනාධිපති විසින් සිදුකරනු ලබයි.
    156 වගන්තිය අල්ලස් හෝ දූෂණ කොමිසම ජනාධිපති විසින් පත්කරනු ඇත.
    156 ආ වගන්තිය – ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව පිහිටුවීමේ සංයුතිය හා බලතල ජනාධිපතිට පැවරී ඇත.
    104 ආ වගන්තිය – ස්වාධීන නොවන මැතිවරණ කොමිසමක් යටතට පෞද්ගලික මාධ්‍ය හසුකිරීම, මාධ්‍ය මර්දනයේ අවදානමක්.
    104 උඋ වගන්තිය ඉවත් කර ඇත. ඒ අනුව මැතිවරණ කොමිසමේ නිර්දේශ පිළිනොපදින පුද්ගලයන්ට අපරාධ නඩු පැවරීමේ අයිතිය ඉවත් කිරීම.

කෙසේ වෙතත් සිකුරාදා දිනයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් අතට මෙම ලිපිය ලැබී තිබුණු අතර නමක් ගමක් නොමැතිව කුරියර් සේවාව ඔ්සසේ පැමිණි මේ ලිපිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ලොබියේ රැඳී සිටියදී මන්ත්‍රීවරුන් අතර විශාල කසුකුසුවක් ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණ.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

20න් පස්සේ නඩුයි-බඩුයි දෙකම හාමුදුරුවන්ගේ (VIDEO)

Next Post

බැසිල් 20ට කැමැත්තෙන්

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.