20 වන සංශෝධනය හරහා ස්වාධීන විගණන කොමිසම බල රහිත කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරයි.
මේ යටතේ විගණන දෙපාර්තමේන්තුව විධායකය යටතට පත්කිරීම හරහා එහි ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම අහෝසි වන බව එතුමා පෙන්වා දෙයි.
එමෙන්ම විගණකාධිපතිවරයා 20 වන සංශෝධනය යටතේ තවත් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක් ලෙස හදුන්වා දී ඇති බවත්, ජනාධිපතිවරයා විසින්ම විගණකාධිපතිවරයා පත් කිරීමෙන් එම තනතුරේ ස්වාධීනත්වය අහිමි කොට ඇති බවද වික්‍රමරත්න මහතා කීය.
මීට අමතරව ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය විගණනයෙන් ඉවත් කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි, කිසිදු තර්කයක් නොමැති ක්‍රියාවක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.