20 වන සංශෝධනයට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයා වන බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.
පසුගිය දිනෙක පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමග පැවැති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කර තිබේ.
ලබන නොවැම්බර් 01 දින පැවැත්වෙන පක්ෂයේ සිව්වන සංවත්සර උක්සවයේ සංවිධාන කටයුතු වෙනුවෙන් ආසන සංවිධායකවරුන් කොළඹට කැදවා පැවැති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර ඇත.
එහි ඇති යම් යම් වගන්ති සම්බන්ධයෙන් ඇතැමුන් විරෝධය දැක්වූවත් ඒවායේ කිසිදු අහිතකර බවක් නොමැති බව බැස්ලි රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.
උදාහරණ ලෙස විගණන කොමිසම සම්බන්ධ වගන්ති රාජපක්ෂ මහතා විසින් පෙන්වා දී ඇති බව දැනගන්නට තිබේ.