• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නැටිල්ල තාමත් මගේ ඇඟේ තියෙනවා

September 12, 2020
in Heart
Reading Time: 2 mins read
A A
නැටිල්ල තාමත් මගේ ඇඟේ තියෙනවා
Share on WhatsAppShare on Facebook

නර්තන ශිල්පිනියක් විදියට කලාවට පිවිසුණු නිලන්ති ඩයස් කෙටි කාලයක් ඇතුළත ලංකාවේ අංක එකේ සිනමා නිළියක් බවට පත් වුණා. එතැන් පටන් කාලයක් යනතුරුම ඇය ලංකාවේ ජනප්‍රිය සිනමා නිළියන් අතර ඉදිරියේම වැජඹුණා කිව්වොත් ඒක වැරැදි නැහැ. කොහොම වුණත් විවාහයෙන් පස්සේ කලා ලෝකයෙන් තරමක් ඈත් වුණු නිලන්තිව වර්තමානයේදී නිතර දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඇයට ආදරය කරන රසික රසිකාවියන්ටත් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන බව දැනුණු හින්දා මේ ගැන නිලන්තිගෙන්ම අහන්න අපි තීරණය කළා.
මේ දවස්වල වැඩිය පේන්න නැත්තේ ඇයි කියලා ඔබේ රසිකයන් අහනවා?
පසුගිය දවස් ටිකේ නම් මැතිවරණ කටයුතුවලට සහභාගි වුණා. ඒ හින්දා පොඞ්ඩක් කාර්යබහුල වෙලා හිටියේ. ඒ වගේම කොරෝනා හින්දා තවම හරිහැටි නිර්මාණ ආරම්භ වෙලත් නැහැ. ප්‍රසංග පැවැත්වෙන්නෙත් නැහැ. ඒ හින්දා ඒ අයට එහෙම හිතෙන එක සාධාරණයි.
මැතිවරණ කටයුතුවලට සම්බන්ධ වුණු බව ඔබ කිව්වා. ඒක නිලන්ත ඩයස් ඉදිරියේදී දේශපාලනයට පිවිසෙනවා කියන එකට ඉඟියක්ද?
අපෝ නැහැ. වැඩ කරන අයට උදව් කරන එක කවදත් කෙරුවා. එහෙම නැතිව දේශපාලනයට පිවිසෙන්න නම් කිසිම අදහසක් මගේ හිතේ නැහැ.
ඉදිරියේදී ඔබව දැක ගන්න ලැබෙන නිර්මාණ ගැන කතා කළොත්?
සරත් වීරසේකර මහත්මයාගේ “ශ්‍රී සද්ධා” චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. ඒක ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ඊට අමතරව ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් ඒකට සම්බන්ධ වෙනවා.
දක්ෂ නර්තන ශිල්පිනියක් විදියට තමයි නිලන්තිව මුලින්ම රටම හඳුනා ගත්තේ. ඒත් මේ වෙද්දී නර්තනය අමතක කරලද?
නැහැ. ඩාන්සින්වලට කවදත් ආදරෙයි. ඒ වගේම කවදත් ආසයි. මගේ යටතේ පුහුණු වුණු ළමයිනුත් තවම ඉන්නවා. නමුත් තවම හරිහැටි ප්‍රසංග පැවැත්වෙන්නේ නැති හින්දා ඒකට ඉඩක් නැහැ. හොඳ නිර්මාණයක් ආවොත් තවමත් ඩාන්ස් කරන්න මම කැමැතියි.
මේ වෙද්දී ඔබ කලාවට සම්බන්ධ වෙලා බොහෝ කාලයක් ගත වෙලා. ආපසු හැරිලා බලද්දී ඒ ආව ගමන ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ ගමන ගැන ලොකු සතුටක් වගේම ආඩම්බරයකුත් දැනෙනවා. මොකද කොහේ ගියත් අපිට ආදරය කරන මිනිස්සු හම්බ වෙනවා. මොන වැඬේට ගියත් අපිව දන්න අය එතැන ඉන්නවා. ඒ විදියට ජනප්‍රිය වෙන්න පුළුවන් වුණේ කලාව හින්දා. ඒ හින්දා ඒ ගැන ගොඩක් සතුටුයි.
ඒ ආව ගමන අතරේ කනගාටුවක් දැනුණු තැන් ඇත්තෙම නැද්ද?
මෙහෙමයි. විවිධාකාර චරිත සඳහා සම්බන්ධ වෙන්න තිබුණා නම් හොඳයි කියලා මට දැන් හිතෙනවා. ඒත් ඒ ගැන දුකක් නැහැ. ඒ වගේ විවිධාකාර චරිත සඳහා ඉදිරියේදී හරි සම්බන්ධ වෙන්න ලැබේවි කියලා මම විශ්වාස කරනවා. එවැනි චරිතයක් ලැබෙනතුරු මම මඟ බලමින් ඉන්නවා.
එවැනි විවිධාකාර චරිත නොලැබෙන්න හේතුවක් තිබුණද? ඔබ එවැනි චරිත ප්‍රතික්ෂේප කළාද?
නැහැ. ඒත් මම බැන්ද අලුත නිර්මාණ සඳහා සම්බන්ධ වුණේම නැහැ. ඒ හින්දා මම කලාවෙන් ඈත් වෙලා කියලා ගොඩක් අය හිතුවා. එවැනි චරිත නොලැබෙන්න ඒක හේතුවක් වෙන්න ඇති.
අපි පොඞ්ඩක් අතීතයට යමු. මතකද ඔබ මුලින්ම රඟපෑව චිත්‍රපටය?
ලාල් ප්‍රියදේව මහත්මයාගේ “ජොලි හලෝ” චිත්‍රපටයට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. බන්දු සමරසිංහ මහත්මයා එක්ක ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මම. ඒ වගේම ඒ චිත්‍රපටය දින 100කට වැඩිය තිරගත වුණා.
පළමු චිත්‍රපටයෙන්ම ප්‍රධාන චරිතයක් ලැබෙන එක දුර්ලභ අවස්ථාවක්. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම වර්තමානයටත් වඩා ඒ දවස්වල ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක්. මම හිතන්නේ ඒක මම ලබපු ලොකු ජයග්‍රහණයක්. එතැනින් පස්සේ මට චිත්‍රපට ගලා ආවා කිව්වොත් හරි. මම රඟපෑව චිත්‍රපට විශාල ගණනක් එතැනින් පස්සේ තිරගත වුණා.
සිනමාවේ ජනප්‍රිය නිළියක් වුණත්, ඔබ ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වුණේ ඉතාම අඩුවෙන්. ඒකට හේතුවක් තිබුණද?
ඔව්. ඔක්කොම එකතු කරලා ගත්තත් මම ටෙලි නාට්‍ය දහයකට විතර තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ දවස්වල නර්තන ප්‍රසංගවලට සම්බන්ධ වුණු නිසා ටෙලි නාට්‍ය සඳහා දින ලබා දීමේ ගැටලුවක් තිබුණා. මොකද චිත්‍රපට වගේ නෙවෙයි ටෙලි නාට්‍ය රූගත කිරීම් සඳහා වැඩි කාලයක් යනවා. මං හිතන්නේ ඒක තමයි ටෙලි නාට්‍ය සඳහා අඩුවෙන් සම්බන්ධ වෙන්න ප්‍රධාන හේතුව වුණේ.
ඔබ සිනමාව සමඟ සම්බන්ධ වුණු කාලය සහ වර්තමාන සිනමාව අතර මොන වගේ වෙනසක්ද ඔබ දකින්නේ?
සිනමාව විතරක් නෙවෙයි සමස්ත කලාවම එදාට වැඩිය දැන් ගොඩක් දියුණුයි. උදාහරණයකට කිව්වොත් ඒ කාලේ රඟපාන්න එන ගොඩක් අයට ඩාන්ස් කරන්න බැහැ. ඒත් දැන් ඩාන්ස් කරන්න බැරි කෙනෙක් හොයා ගන්න බැහැ. හැමෝටම හොඳට ඩාන්ස් කරන්න පුළුවන්. මම හිතන්නේ දැන් ඉන්න දෙමව්පියෝ වුණත් ප්‍රාසාංගික කටයුතු සඳහා තමන්ගේ ළමයි වැඩිපුර යොමු කරනවා. අපි ආව කාලේ එහෙම තිබුණේ නැහැ.
වර්තමානය වෙද්දී ඔබත් මවක්. මවක් විදියට ඒ නිදහස ළමයින්ට ලබා දෙන්න ඔබ සූදානම්ද?
අනිවාර්යයෙන්ම. ළමයින් ඒ දේවල්වලට කැමැති නම් ඒවට ඉඩ ලබා දෙන්න ඕනෑ කියලා තමයි අම්මා කෙනෙක් විදියට මම හිතන්නේ. මොකද ඒවට ඉඩ ලබා නොදුන්නොත් ඒ අය හිර වෙනවා. ඒ වගේම තව දෙයක්. ඉගෙන ගන්න එකම විතරක් නැතිව වෙනත් බාහිර දේ සඳහාත් යොමු වෙලා තිබුණොත් ඒක ළමයින්ගේ අනාගතයට ඉතාම යහපත් දෙයක් වෙනවා. ඒ හින්දා පොඩි කාලේ ඉඳන්ම ළමයි ආස දේවල්වලට අපි උදව් කරන්න ඕනෑ කියන එක තමයි අම්මා කෙනෙක් විදියට මම කියන්නේ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

අධ්‍යාපන අමාත්‍යංශයේ ඔළුව හොඳ නැති නිලධාරියෙක්

Next Post

සේර සාරයේ ශක්ති ජාලය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.