විපක්ෂ නායක කාර්යාලයේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විපක්ෂයේ පක්ෂ නායක හමුවට සහභාගි නොවුණු එකම විපක්ෂයේ දේශපාලන පක්ෂය වී තිබුණේ තමිල් අරසු කච්චි පක්ෂයය. මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙසට තමිල් අරසු කච්චි පක්ෂයේ නායක එම්.ඒ. සුමන්තිරන් මහතාටත්, පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ටත් අවස්ථා කිහිපයකදීම ආරාධනා කිරීම සිදුකළද ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් කියා සිටියේ ඇතැම් ජාතිවාදී පක්ෂද මෙම සාකච්ඡාවට එක්වීම සම්බන්ධයෙන් උතුරේ දැනටමත් විරෝධයක් මතුව ඇති බවකි. Sri Lanka Latest News
යම් හෙයකින් එවැනි පක්ෂ සමග එකට අසුන්ගතහොත් තමිල් අරසු කච්චි පක්ෂයටද උතුරේ ජනතාවගෙන් විරෝධයක් එල්ල විය හැකි බව එහිදී ඔවුන් සජබයට දැනුම් දීමක් කොට තිබිණි. ඒ අනුව තමිල් අරසු කච්චි පක්ෂය සජබයට දැනුම් දී ඇත්තේ ඉදිරියේදී වෙනම හමුවී සජබය සමග දැනට රට තුළ මතුව ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම පක්ෂය සූදානම් යැයි කියාය. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා දිනයේදී තමිල් අරසු කච්චි පක්ෂය පැවැත්වීමට සූදානමින් සිටින බවක්ද ආරංචිය.










