ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති බැවින් එවැනි සමාගම්වල මුදල් ආයෝජනය කොට ඇත්නම් වහාම එම මුදල් නැවත ලබාගැනීමට කටයුතු කරන ලෙස මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබේ. Sri Lanka Latest News
පසුගියදා මහබැංකු පරිශ්‍රයේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා මේ බව දැනුම් දී සිටියේය.
මේ වනවිටත් පැමිණිලි ලැබී ඇති එවැනි සමාගම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇති බව කී මහබැංකු අධිපතිවරයා, අදාළ මුදල් ඉල්ලීමෙන් පසු ඒවා ලබා නොදීමට කටයුතු කරන සමාගම් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම මහබැංකුව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.










