• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

July 25, 2026
in Astrology, Exclusive
Reading Time: 4 mins read
A A
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චෟදාත් ශනෞ තත්‍රගනේ ව්‍යය රන්ධුගෙසු
ප්‍රාප්තීර් තදාහි නාපතෙරපි රාජ්‍ය නාශං
දාරිද්‍ර දුඃඛ ව්‍යාසනාද්‍යපි රත්‍ථි හානිම්
ඒරාෂ්ටකොමිති මනංa යවනෙසු ශ්‍රේෂ්ඨම්

‘උත්පත්තියේ චන්ද්‍රයා සිටි රාශියෙහිදී එයින් දෙවැන්නෙහිද, එයින් අටවැන්නෙහිද ගෝචර වශයෙන් සෙනසුරු ගමන් කරන කල රජෙකුගේ වුවත් රාජ්‍ය විනාශ වී යන්නේය. දිළිඳු බවට පැමිණෙයි. දුක් විපත්ති ආදිය හා ධන හානියද ඇතිකරත් මෙය සෙනසුරු ඒරාෂ්ටක අපල කාලයයි…’ උසස් යවනාචාර්යවරයන්ගේ මතය වේ. Sri Lanka Latest News

ද්වාදශෙ ජන්මගෙ රාශෞ
ද්විතියෙච ශනෛෂ්වරෙ
සාධ්ානි සප්ත වෂ–ානි
තදා දුඃඛෛර්යුතො භවෙත්

‘යම් කලෙක ශනි ගෝචර වශයෙන් 12-1-2 යන භාව තුනේ ගමන් කරයිද,එසේ ගමන් කරන වර්ෂ 7, 1/2 තුළදී දුකෙන් යුක්තව වාසය කිරීමට සිදුවනු ඇත. මෙහිදී උත්පත්තියේදී චන්ද්‍රයා සහ එයට දෙපැත්තේ ඇති රාශි ගැනය…’

දුර්වන්ත දෙහ බල වීය්‍ය– යශඃ ප්‍රහීණං
කාය්‍ය– ප්‍රමාද ධන හානි වියෝග දුඛඃ
ශස්ත්‍රැංහි භිත වධ වන්ධන රෝග පීඩා
ඒරාෂ්ට ජන්ම ද්වි දශ මන්ද යුතඃ ද්විතියේ

සෙනසුරු 12-1-2 යන භාව තුනේ ගමන් කරන ඒරාෂ්ටක කාලයේදී ශරීරය අවලස්සන වීමද, ශරීර ශක්තිය, චෛතසික උනන්දුව යන මේවා හීන වීමද, කටයුතු ප්‍රමාද වීමද, ධන හානිද, හිතවතුන්ගේ වෙන්වීම, වියෝග වීමේ දුකද, හිතවතුන්ගේ නෑයන්ගේ විනාශයද, සතුරන්ගෙන් බිය ගෙන දීමද, වධ බන්ධනවලට හසුවීමද හෙවත් රාජ දඬුවම් ලැබීමට හේතු යෙදීමද, රෝග පීඩා ඇතිවීමද යන මේ විපත්තිවලට මුහුණ දීමට සිදුවන බව පැරැණි පොතපතෙහි සඳහන් වන්නේය.

ඉහත කාරණා අනුව ගත් කල තව තවත් ඒරාෂ්ටක අපල කාල ගැන ඔබව දැනුවත් කිරීම කළ යුතු බව මා හට හිතුණේ දුරකතන ඇමතුම් ඔස්සේ මගෙන් බොහෝ අය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙසත් තවදුරටත් අසීරු තත්ත්වයන් හමුවේ නොසැලී මුහුණදීමට පෙර සූදානමක් ලෙස ඔබව දැනුවත් කළ යුතුය යන අරමුණ ඔස්සේය. එවිට ඊට පිළියම්, ප්‍රතිකර්ම, ශාන්තිකර්ම, සෙත්කවි රචනය, සුදුසු යන්ත්‍ර භාවිතය මෙකී තත්ත්වයන් අවම කරගැනීමේ ශක්තිය උදාකරගත යුතු වත්පිළිවෙත් හරහා ඔබ දැනුවත් වී යොමුවීම තුළ වඩාත් නිවැරැදි වත්පිළිවෙත් අනුගමනය කිරීමෙන් මෙම අසහන, පීඩාකාරී තත්ත්වයන් හමුවේ ශක්තිමත් වාතාවරණයක් නිසැකවම ඔබ විසින් ඔබ ගොඩනගාගත යුතු බැවින්ය. එසේ කිරීමෙන් සහනදායී මංපෙත් ඔබට විවෘත වන්නේ මා ලද අත්දැකීම් උපයෝගී කරගැනීමෙන් බව මෙහිදී මා සිහිපත් කළ යුතුව ඇත.

සෙනසුරු 12-1-2 යන භාවවල ගමන් කරන කල්හි වර්ෂ 7, 1/2ක ඒරාෂ්ටක තත්ත්වයක් ක්‍රියාත්මක වන බවත් ඔබ මේ වනවිටදී දැනුවත් වී ඇත. නමුත් ඉන්දියානු ක්‍රමයට අනුව ගත්කල මෙකී තදබල අපල ඇති කාලය ලෙස සෙනසුරු 12 සහ ලග්නයේ ගමන් කරන වර්ෂ 5 තුළ තදබල ලෙස ක්‍රියාත්මක වන බවත් පැවසේ. ඇතැම් දෛවඥ මතය ලෙස සෙනසුරු දෙවැන්නෙහි පමණක් ගමන් කරන කාලය, එනම් වර්ෂ 7, 1/2 පමණක් තදබල අපල උපද්‍රවවලට ජන්මියා ඇදදමන බවත් පැවසේ. ඇතැම් අවස්ථාවල සෙනසුරු ගෝචරය 8-12-1 යන භාවවල ගමන් කරන කාලවලදී ජන්මියා දැඩි ලෙස පීඩාවට පත්කර සියල්ල අහිමි කරවන බවද පවසන අතර, ඒ කෙසේ කීවත් මෙකී සඳහන් කළ සියලු භාවවල සෙනසුරු ගමන් කිරීමෙන් ජන්මියා සතු සියලු ශුභ ඵල අහිමි කරවන බව අත්දැකීම් මත මා වටහාගත් කරුණු වේ.

මෙම ඒරාෂ්ටක තත්ත්වය ජීවිත කාලය තුළ වරක් හෝ දෙවරක් ජන්මියාට අත්විඳීමට සිදුවන අතර, තුන් වාරයක් ලබන්නේ දීර්ඝායුෂ ඇති අයට පමණි. අවුරුදු 30ට වඩා අඩු වයස් කාලයේදී ප්‍රථම වාරය පැමිණෙනු ඇත. යමෙකු උපදින විට සෙනසුරු 12-1-2 යන භාවයක සිටී නම් ඔහු උත්පත්තියෙන්ම සෙනසුරුගේ පීඩාවට ලක්වෙමින්ම උත්පත්තිය මෙලොවට දරාගෙන ආ අයෙකි. නැවතත් වර්ෂ 23-37 ආදී වර්ෂ කාලවලදී දෙවැනි වරට ඒරාෂ්ටකය ලබනු ඇත. වර්ෂ අවරුදු 52-67 යන කාල පරාසය තුන්වැනි වරට ඒරාෂ්ටක ලබන අතර, හතරවැනි වරටත් අවුරුදු 81-87 යන කාලවලදී ලබන අතර, ඒ තාක් ඔහු ජීවත් වන්නේද නැත. මේ අනුව ගත්තාම බොහෝ දෙනාගේ මතය වනුයේ ‘අපට ඉතින් දන්න දවසේ ඉඳන්ම ඒරාෂ්ටක අපලනේ.. අපට ඉතින් කවදද හොඳක් වුණේ… හැමදාම මම වින්දේ දුක විතරයි… උපන් දවසේ පටන් මේ වෙනකම්ම වෙච්ච හොඳක් නම් නෑ… ඔය අපල ඉවර වෙන්නේ නෑ… කවදා හොඳක් වෙයිද දන්නේ නෑ…’ මේ ආදී මැසිවිලි මාද බොහෝ අසා ඇත. නමුත් කර්ම විපාක ගැන ඔබටත් මටත් ගෙවා නිම කිරීමට නොහැකි වන අවස්ථාද ජීවිතයේ හමුවන බව වේලාපත්කඩය බැලූ විට පෙනී යන්නේය.

ඇතැම් කර්ම විපාක සෙනසුරු කැඳවාගෙන එන බවත් ජන්ම පත්‍ර පරීක්ෂාවන්වලදී මා දුටුවේ ඇස් අදහාගැනීමට පවා අසීරු අන්දමිනි. අපල සඵල කරගැනීමට අවස්ථාද ඒ අතරම ඇති සහනයක් වනුයේ සිසිල් ජලයෙන් ගින්න හෙමින් හෙමින් නිවී යන බව හොඳින් වටහාගෙන ඊට අදාළ ප්‍රතිකර්ම හරහාය.
තවද ඒරාෂ්ටකය ලග්නයෙන් මෙන්ම චන්ද්‍රයාගෙන්ද 12-1-2-8 යන භාවවලදී තදබල ලෙසට ගෙන දෙන බැවින් යම් භාවයක් හෝ භාව දෙකක් ලග්න චන්ද්‍ර දෙදෙනාගෙන්ම ඒරාෂ්ටක භාවයන්ට හසුවී ඇත්නම් එවිට මෙකී අපල තදබල ලෙසටම ගෙන දෙන්නේ එක භාවයේ හෝ භාව දෙකේදී පමණකි. මෙහිදී උත්පත්තියෙන් සඳු 11 වැන්නේ සිටිනා අයකුට සෙනසුරු 10-11-12-1-2 යන භාව 5ම ඉක්මවා යන තුරුම ඒරාෂ්ටක කාලයකට හසුවන නමුත් නියම වශයෙන්ම තදබල ලෙසටම ඒරාෂ්ටක අපලය ගෙනදීම සිදුවන්නේ සෙනසුරු 12 වැන්නේ සහ දෙවැන්නේ ගමන් කරන කාලය තුළදී බව ඔබ තව තවත් දැනුවත් වීම වඩවඩාත් සුදුසු වන්නේ අනවශ්‍ය බිය ඇති නොකරගෙන ජීවිත පාඩම ඔබ මැනැවින් ඉගෙනගෙන ඉදිරියට යායුතු නිසාවෙන්ය. මෙකී අපල තත්ත්වයන් අඩුවැඩි වීමට සඳුගේ රාශි භාවයන් මෙන්ම නැකැත්, නැකැත් අධිපතීන්, නැකැත් උපඅධිපතීන් මෙන්ම නවාංශකයේ පිහිටීමද බලපානු ඇත.
මෙකී තත්ත්වයන් හමුවේ තදබල අපල මෙන්ම අපල තත්ත්වය අවම වශයෙන් බලපාන ආකාරයත් එම බල බෙදීයන ආකාරයත් ගැන ඉදිරි ලිපි පෙළින් ඔබව දැනුවත් කිරීමට මා සූදානමින්. ඔබත් සූදානමින් සිටින්න. අපල සපඵ කරගෙන ජීවිතය ජයගන්න. මෙවන් ලිපි පෙළ පෙළ ඔබට අත්වැලක් වේවා…
ඔබට සියලු යහපතම උදාවේවා.

ජ්‍යොතිර්වේදිනී පී.එම්. සංජීවී වසන්ති
(ජ්‍යොතිර් විද්‍යා ඩිප්ලෝමාධාරිනී / ජ්‍යොතිෂ ශිරෝමනී, ජ්‍යොතිෂ අවිශ්කාර් විශිෂ්ට ගෞරව සම්මානලාභිනී, සෙත්කවි ශාස්ත්‍ර විශාරද විශිෂ්ට ගෞරව සම්මානලාභිනී)
සංජීවී ජ්‍යොතිර් පියස
දුරකතන – 0777 130391
ලිපිනය – ශ්‍රී ජය, අංක 101, විමුක්ති මාවත, තුන්වැනි පටුමග, තලංගම දකුණ, බත්තරමුල්ල.

SendShareShare
Previous Post

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

Next Post

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.