• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

July 26, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ ඊට ආසන්න මට්ටමක තියෙනවා. ඒ වගේම මේ කාලයේ වැසි වැටීමේ සම්භාවිතාව ටිකක් අඩුයි. මේ හැමදේමත් එක්ක ගැළපුණාම මේ උදාවෙන්නේ ග්‍රීෂ්ම කාලය. සාමාන්‍යයෙන් අගෝස්තු මාසෙට අපිට පාසල් නිවාඩුව ලැබෙනවා. ඒ නිවාඩුවට කියන්නේ ග්‍රීෂ්ම නිවාඩුව කියලා. ඉතින් මේ ග්‍රීෂ්ම කාලයත් එක්ක ගිනිගැනීම් සඳහා අවශ්‍ය කරන පහසු පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා කියලයි අපිට හිතෙන්නේ.Sri Lanka Latest News

මේ කතන්දරය මෙහෙම කියන්න හේතුව මේ ලිපිය ලියන දවසේ සිද්ධ වෙච්ච කර්මාන්ත ශාලාවක ගින්න. කර්මාන්ත ශාලාවේ ගින්නත් සමග පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි නිල වශයෙන් දැනගන්න ලැබෙන්නේ. සමහර විට මේ පිළිබඳ තව ඉදිරියට වෙනස් වාර්තා ඉදිරිපත් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ විදිහට මේ ලිපිය ලියන දවස වෙනවිට මියගිය සංඛ්‍යාව පහක්. කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් සිවුදෙනකු මේ විදිහට මියගොස් තිබෙන බව දැනගන්න ලැබෙනවා. මළ සිරුරු තුනක් සම්පූර්ණයෙන්ම හඳුනාගත නොහැකි ලෙස පිලිස්සී තිබෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ.
දුමාරය ආඝ්‍රාණය වීමෙන් ශ්වසන අපහසුතා ඇති වූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරලා තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ගින්න හටගන්නේ පෙරවරු 9.45ට. පෙරවරු 9.45 කියලා කියන්නේ සාමාන්‍යයෙන් කර්මාන්ත ශාලාවක වැඩකටයුතු සිද්ධ වෙන කාලය. කර්මාන්ත ශාලා අභ්‍යන්තරයේ සිසිල් කිරීමට සවිකර තිබිච්ච විදුලි පංකාවක සිදුවූ විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්න ඇති කියලා පොලිසිය මේ වෙනකොට කියලා තියෙනවා. හිස්වැසුම් නිෂ්පාදනය සඳහා ගබඩා කර තිබිච්ච පී.වී.සී. සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ගින්න තෙමහල් ගොඩනැගිල්ල පුරා වේගයෙන් ව්‍යාප්ත වෙලා මුළු ප්‍රදේශයම කළු ධුමාරයකින් වැහිලා ගිහිල්ලා තියෙනවා.

අපි දැක්කා ගින්න හටගන්නා අවස්ථාවේ සේවකයන් 80කට අධික පිරිසක් මේ ස්ථානයේ ඉඳලා තියෙනවා. බොහෝ පිරිසක් උදෑසන ආහාරය සඳහා වෙනත් ගොඩනැගිල්ලකට ගොස් සිටීම නිසා මේ ගින්නෙන් යම් මරණ ප්‍රමාණයක් අඩුවෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ගින්න පාලනය කරන්න කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල – ගල්කිස්ස සහ හොරණ යන නගර සභාවල ගිනි නිවන රථ 10කට අධික ප්‍රමාණයක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා, යුද හමුදා භට පිරිස් යොදවලා තියෙනවා.

කොහොම වුණත් මේ සිදුවීම වෙන්නේ හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ තිබිච්ච කර්මාන්ත ශාලාවක. මෙම ගින්න නිසා මියගිය සංඛ්‍යාව පහක් වෙනකොට, දැන් අපිට සිද්ධ වෙනවා ලංකාවේ මීට ආසන්න කාලයේ සිද්ධ වෙච්ච ගිනිගැනීම් ගැන කතා කරන්න. මේ ආසන්න කාලයේ ඔබට මතක ඇති ඉතාම කනගාටුදායක සිදුවීමක් වාර්තා වුණා. ඒ සිදුවීමෙන් විශාල ප්‍රමාණයක් මියගියා. මේ සිදුවීම සිදුවුණේ වැඩිහිටි නිවාසයක කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. නමුත් ඒ ගින්න වැඩිහිටි නිවාසයකටත් වඩා ඇත්තටම ආබාධිතයන් රඳවා තැබූ ස්ථානයක සිද්ධ වෙච්ච ගිනිගැනීමක් ලෙස වාර්තා කරන්න පුළුවන්කම තියෙනවා.

මේ හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ පිහිටි ‘මවුපිය සෙවණ – සෙනෙහසේ කැදැල්ල’ කියන ආයතනය. මේ ගින්නෙන් නේවාසිකයන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව තමයි දැනගන්න ලැබෙන්නේ. මේ ගින්නට හේතුව ජල මෝටරයකට සම්බන්ධ කර තිබිච්ච මල්ටි ප්ලග් එකක විදුලි කෙටි පරිපථයක යම් සිදුවීමක් විදිහට තමයි වාර්තා වෙන්නේ. විවිධ දේවල් මේ සම්බන්ධව කියවුණා. මේ ස්ථානයේ ඉඩකඩ මදිකම, එම ස්ථානයේ පහසුකම් නැතිකම, ගින්න නිවාගන්න බැරිවීම ආදී විවිධ කාරණා ගැන කතා කළා. නමුත් අවසාන වශයෙන් අපිට අදාළ වෙන කාරණාව තමයි ගින්නත්, ඉන් සිදුවූ මරණත්.
ඒ වගේම ඔබට මතකද දන්නේ නැහැ මේ ඉතාම ආසන්න කාලයක ගිනිගැනීමක් සිද්ධ වෙනවා තලවතුගොඩ ආසන්නයේ ආපනශාලාවක. 2026 ජුනි මාසයේ මේ සිදුවීම වාර්තා වෙන්නේ. මේ ප්‍රසිද්ධ ආපනශාලාවේ ගිනිගැනීමෙන් රෝහල්ගත කරන ලද පුද්ගලයන් අතරින් තිදෙනකු ජීවිතක්ෂයට පත්වෙනවා. ඒ වගේම පහුගිය කාලයේ කොළඹ කොටුව විවිධ හරස් වීදිවල තිබුණු ගොඩනැගිලි ගිනිගන්න ආකාරය ඇතුළු විවිධ ස්ථානවල මේ විදිහට ගිනිගැනීම් වාර්තා වෙන ආකාරය අපි දැක්කා. සමහර වෙලාවට මෙහෙම සිදුවෙන ගිනිගැනීම්වලින් පුද්ගලයන් මිය නොගියත් විශාල වශයෙන් දේපළ හානි වෙන ආකාරය දැනගන්න ලැබුණා.

ශ්‍රී ලංකාවේ ගිනි නිවන හමුදාවේ පැමිණීමේ ප්‍රමාදයකුත් බොහෝ තැන්වල සිදුවෙන ආකාරය අපිට දකින්න ලැබුණා. ඒ වගේම ගිනි නිවන රථවලට පැමිණෙන්න පුළුවන් විදිහට පහසුකම් නැතිකම විශාල ප්‍රශ්නයක්. ඉතින් අපි චුට්ටක් හොයලා බැලුවා ගොඩනැගිල්ලක් හදනකොට කොහොමද මේ ගිනිගැනීම සහ මෙවැනි සේවා සම්බන්ධව ඇතිකර ගන්න ඕනේ ආරක්ෂිත විධිවිධාන කියලා. ඇත්තටම හැම ගොඩනැගිල්ලකම නිදහස් පිටවීමේ මාර්ග කියලා ජාතියක් තියෙන්න ඕනේ. ඒවා ඇඳන්, රෝද පුටු පවා පහසුවෙන් ගෙන යන්න පුළුවන් විදිහට ඇල බෑවුම් සහිතව මාර්ග නිර්මාණය වෙලා තියෙන්න ඕනේ.

ඒ වගේම තනි මහලක් හදනවා නම් හැකිතාක් දුරට නේවාසික කාමර තියෙනවා නම් ඒවා බිම් මහලේ පමණක් හදන්න, ඒ වගේම ගිනි ප්‍රතිරෝධී මෙට්ට සහ රෙදිපිළි භාවිතය, ස්වයංක්‍රීය ජල පද්ධති නිර්මාණය කිරීම, ඉතා ඉහළ ගුණාත්මක මට්ටමේදී කර්මාන්ත ශාලාවල ඉදිකිරීම් සිදුකිරීම, ඒ වගේම විදුලි පරිපථ නිර්මාණය කරද්දී ඒ පරිපථවල ගුණාත්මක බව පිළිබඳ හඳුනාගැනීම, උසස් තත්ත්වයේ වයර් වර්ග ඒ සඳහා යොදාගැනීම, ඒ වගේම ආරක්ෂිත විදුලි පරිපථ ගුණාත්මක ඒවා පමණක් සකස් කිරීම, දුම් පිටවීමේ මාර්ග සකස් කිරීම, ඒ වගේම සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා ගින්නකදී පිටවීමේ මාර්ග ඊතල දාලා සාමාන්‍ය අවස්ථාවකදී නිර්මාණය කරලා තියෙන්න ඕනේ.

ගින්නකදී විදුලි සෝපාන හරහා ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ගිනි පවුරු කියලා ජාතියක් ලෝකයේ තියෙනවා. ගින්න මුළුමනින්ම ගොඩනැගිල්ල පුරාම පැතිරීම වළක්වන්න ගිනි ප්‍රතිරෝධී බිත්ති සහ දොරවල් භාවිත කිරීමක් ලෝකයේ සිද්ධ වෙනවා. ඒ වගේම ගිනි නිවන රථවලට ගොඩනැගිල්ල අසලට ළඟාවෙන්න පුළුවන් විදිහට ප්‍රමාණවත් ඉඩ සහ මාර්ග පද්ධතියක් සකස් විය යුතුයි ගොඩනැගිලිවල. බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි ගිනි ගන්නවා හැබැයි ගින්න ආසන්නයට පැමිණෙන්න ගිනි නිවන රථවලට හැකියාවක් නැහැ.

දුම් සහ තාප අනාවරක කියලා ජාතියක් තියෙනවා. ඒ වගේම ස්වයංක්‍රීය ජල විදින ගැන ඔබ අහලා ඇති. සමහර චිත්‍රපටවල තියෙනවා මේ ගොඩනැගිලිවල දුමක් එනකොටම වහලේ නැත්නම් ගොඩනැගිල්ලේ ඉහළ සිට ජලය පහළට ස්වයංක්‍රීයව ගමන් කරන ආකාරය. ඒ වගේම යම් ආයතනයක් පවත්වාගෙන යනවා නම් ගිනි නිවන බට සහ උපකරණ සුදුසු ආකාරයෙන් ගැළපෙන ආකාරයෙන් තමන්ගේ ආයතනය පවත්වාගෙන යද්දී ආයතනය තුළ තියෙන අමුද්‍රව්‍යවලට ගැළපෙන ආකාරයෙන් ගිනි නිවන උපකරණ අදාළ ස්ථානවල සවිකරලා තියෙන්න ඕනේ.

ඉතින් මේ සියල්ලම තියෙනවා නම් ගොඩනැගිල්ලට මූලික ගිනි නිවන අනුමැතිය ලබාගන්න පුළුවන්. ගොඩනැගිල්ලක් සැලසුම් කරගනිද්දී පළාත් පාලන ආයතනයකින් ලබාගන්න සහතිකයක් අවශ්‍යයි. ගිනි ආරක්ෂක සැලසුම් සහතිකය සහිතව ගොඩනැගිල්ලක් හදනවා නම් ඇත්තටම ඒ ගොඩනැගිල්ල ආරක්ෂා කරගැනීමේ ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ දැන් එවැනි කිසිවක් නැතුව තමයි ගොඩනැගිලි නිර්මාණය වෙන්නේ. මේ කාරණාවත් එක්ක ගිනිගැනීම්වලින් පුද්ගලයන් මියයාම ඉතාම බහුලව සිද්ධ වෙන බව පේන්න තියෙනවා. ඒ නිසා ඔබ ගොඩනැගිල්ලක් මිලදී ගන්නවා නම් ඒ ගොඩනැගිල්ලේ ගිනි නිවීම සඳහා අවශ්‍ය කරන පහසුකම් ටික තියෙනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම ඉතා වැදගත් දෙයක් තමයි තමන් පාවිච්චි කරලා තියෙන විදුලි උපකරණ ගුණාත්මකයිද කියන එක. විශේෂයෙන්ම නිවසක මල්ටි ප්ලග් වගේ දේවල් පාවිච්චි කරන එක අවම කළ යුතුයි. එහෙම මල්ටි ප්ලග් වගේ දේවල් හරහා ලබාගන්නා ඇතැම් විදුලි ලබාගැනීම් දීර්ඝකාලීනව සිද්ධ කරනකොට ඒවායේ ඇතිවෙන විදුලි කාන්දුවක් ඇති මහ ගින්නක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා මේ සියල්ලම පහසුවෙන් විසඳගන්න පුළුවන් දේවල්, මේවා කෝටි ගණන් වියදම් වෙන දේවල් නෙමෙයි. ඒ නිසා මේ ගිනිගැනීම් දෙස බලලා ගින්නෙන් ආරක්ෂා වීමට, ගින්න නොගැනීමට, ගින්නක් සිදුවෙනවා නම් ඉන් පිටවීමට, ගින්නෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය උපකරණ භාවිත කිරීමට මූලික පුහුණුව, සුදුසුකම් සහ හැකියාවන් ලබාගත යුතුයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Next Post

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

MORE NEWS

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

අපි කවුරුත් දන්න දෙයක් තමයි සුනාමියක් එන්නේ මුහුදු පතුලේ සිදුවන භූමිකම්පාවකින් කියලා. ඒත් පසුගිය දවසක මම ලොස් ඇලමොස් (ඛදි ්ක්පදි)...

Read more
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.