• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

උමංදාවෙන් පාට අරගෙන පාට කරගමු ජීවිත‌ේ…

September 9, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
උමංදාවෙන් පාට අරගෙන පාට කරගමු ජීවිත‌ේ…
Share on WhatsAppShare on Facebook

‘සමන්ත භද්‍ර’ කියන උන්වහන්සේ ගැන කතා කරන්න.
අපි එහෙම කිව්වම ඔබ ‘සාදු’ කියන්න ඕනෙ හරි නං. මොකද මේ ඉන්නෙ ලංකා ඉතිහාසයේම බිහිවුණු ඉතාම ආකර්ෂණීය බෞද්ධ භික්‍ෂුවක්. ඒ භික්‍ෂුව විවිධ තැන්වල විවිධ කතා කියනවා. වෙලාවට රහත් බව කියනවා. තවත් වෙලාවකට බුදුන් බව කියනවා. ඔය කාරණා දෙක තුනම බෞද්ධ භික්‍ෂුවකට ළඟා විය හැකි විශිෂ්ට ජයග්‍රහණ. හැබැයි සමන්ත භද්‍ර හාමුදුරුවො එහෙම කියන කොට සැදැහැති මහෝපාසිකාවෝ උන්නාන්සේට අම්ම, අප්පා මතක් කරලා බනිනවා. ඒ නිසා මේ ලිපිය පටන් ගත්ත ගමන්ම තම තමන්ගේ ලේ ඩිංග පුච්චා ගන්නෙ නැතිව පරෙස්සමට කියවන්න ගන්න.
මේ ලිපියට ගැළපෙන මාතෘකාව සමන්ත භද්‍ර උන්නාන්සේ ගෙන්මයි.
‘උමන්දාව’
ඇත්තටම කවුරු කොහොම කිව්වත්, මොන තාලෙ වාද භේද තිබ්බත් ඒක සුන්දරම තැනක්. ගහ-කොළ, වැල්, මල් එක්ක ඒ පරිසරය හරි සොඳුරුයි. හීං හීතලත් අරගෙන හුළං රැළි එන්නෙ කලින් නොදන්නාම. දිය රැළි අතරෙ දඟකරන පුංචි පුංචි මාළුවො උමන්දාවට අමුත්තො නොවේ. කුරුලු, කිරිලියෝ, ගහකොළ අතර නතර වෙන්නෙ පරණ පුරුදු නවාතැනක ගිමන් නිවන්නාක් වගේ. උමන්දාවෙ සිල් සුවඳ අභියෝග කරන්න කාට පුළුවන් වුණත් මල් සුවඳට නම් අභියෝග කරන්න කාටවත්ම බැහැ. ඒ තරමටම මේ බිම නම් විසිතුරුයි. ඒ නිසාම උමංදා බිමේ වැඩ ඉන්නෙ ජීවිතේ විසිතුරු කරගත්ත අය වෙන්ඩ පුළුවන් කියලා හිතෙනවා. මේ බිමට නෙත් නිමන්න පුළුවන්නම් හිත් නිවන එක ඒ තරම් අමාරු වෙන එකක් නැහැ. ඒත් මේ කතාව වෙන අතක ගිහිල්ලා. ඔබ මගේ අකුරුත් එක්ක පැටලෙන්ඩ එපා. මොකද මේක මේ වෙනමම කතාවක්.

සිල් ගැනවත්, දුසිල් ගැනවත් කතා කරනවට වඩා රසවත් දේවල් උමන්දාවෙ තියෙනවා. අවාසනාවකට අපි හැමදාම හැමකතාවක්ම අල්ලගන්නෙ වැරැදි තැනකින්. උමන්දාවෙ පාට පාට කෑම තියෙන කොට ගෑනු ළමයෙක්ගෙ යටකෑල්ලෙ පැටලුණා වගේ. සිහි කල්පනාවෙන් උමන්දාවෙ ඇවිදින්න එන්න. ඒක රසගුලාවක්.
හොඳට බලන්න. උමන්දාවෙන් මතුවෙන්නෙ මොනවද? උමන්දාවෙ තියෙනවා අපේකම. ඒ කියන්නෙ මුස්ලිම් කඩවල්වලට යන්න එපා කියන, දෙමළ මිනිස්සු එක්ක මරාගන්න කියනා අපේකම නෙවෙයි. ඡන්ද කාලෙට ඉස්ටේජ්වල දෙකයි පනහට මාර්කට් කරන අපේකම නෙවෙයි. ඉම්පෝර්ට් අපේකම වෙනුවට ඔරිජිනල් එක. පුළුවන් නම් උමන්දාවෙන් පාට අරන් පාට කරගමු අපේ ජීවිත. මම දන්නවා මේක මෙහෙම කිව්වම තේරෙන්නෙ නැහැ කියලා. අපි කන ටොෆියේ ඉඳලා ලාබෙට හමුවෙන අයිස්ක්‍රීම් එකේ ඉඳලා කන බොන හැම එකකම තියෙන්නෙ ‘වර්ණකාරක.’ ඒවා හැම එකක්ම අඩුවැඩි වශයෙන් ඇඟට නරකයි. සමහර විට මේ රසකාරක, වර්ණකාරක ඔබව වකුගඩු ලෙඩෙක් කරාවි. නැත්නම් පිළිකාවක් තෑගි දේවි. ඔබ දැක්කද උමන්දාවේ ඒකට උත්තරයක් තියෙනවා.
උමන්දාවෙ හුඟාක් කෑමවලට පාට තියෙනවා. ඒ නිල්, කොළ, රතු අපිටත් ඕනෙ මේ පාට ටිකමනෙ නේද? උමන්දාවෙ කිරිබත් පිඟාන දැන් බෝඞ් එකක් වගේ. නිල්පාටයි. සුදුපාටයි. හාමුදුරුවො දානෙට ගන්නවා ‘උමන්දා ස්පෙෂල්’ නිල් බතක්. උමන්දාවේ ප්‍රසිද්ධ බීමක් තියෙනවා. නිල්ම නිල් පාට. උමන්දාවේ ඉඹුල් කිරිබත්, ඉඳිආප්ප, ආප්ප මේ හැම එකක්ම එසේමයි. නිලුයි, රතුයි, කොළයි. මේ විදියට කෑම එකක් පාට පාට දකින එක අද අපිට අරුමයක් නෙවේ. මොකද අපි දන්නවා වස, විෂ දාලා කෑම පාට කරන කලාව. ඒත් උමන්දාවේ තියෙනවා. ගහකොළ, වැල් මල්වලින් අපේ කෑම පාට කරන කලාව. දැන් ඒ රටාව ඉගෙනගන්න. හාමුදුරුවො හොඳ වුණත් නරක වුණත් ඒ පාඩම නරක් වෙන්න බැහැ.

හාමුදුරුවොම කියන විදියට, නිල් පාට හදාගන්නෙ නිල්කටරොලු මල්වලින්. මල් ටිකක් අරගෙන උණුවතුරට දැම්මට පස්සේ ඒ වතුර එක නිල්පාට වෙනවා. කිසිම වසක් විසක් නැහැ. සාමාන්‍යයෙන් සෙම් රෝගීන්ට නිල්කටරොලු මල් දාපු වතුර බොන්න කියනවා. ඒ නිසා මේක ඖෂධීය වර්ණ ගැන්වීමක්. ඊළඟට මේ රතුපාටත්, හදාගන්නෙ එහෙමයි. අර වගේම සරල වැඩක්. ඒකට පාවිච්චි කරලා තියෙන්නෙ රතුපාට වදමල්. වැඬේ අරවිදියමයි. වසක් විසක් නැහැ. පාටක් විතරයි තියෙන්නෙ. මේ කතාවටත්, කොළපාට හදන්නෙ මුරුංගා කොළයි, කටරොලු කොළයි පාවිච්චි කරලා. පුළුවන්නම් අපි මේ වැඬේට උත්සාහ කරමු. රටක් විදියට පරම්පරාවක් විදියට. බේත් නොබොන මිනිස්සු වෙන්න. නිවන් දකින්න පස්සෙ පුළුවන්. ඒ නිසා උමන්දාවෙන් නිවන්මග හොයාගන්න කලින් ජීවිතේ හොයාගන්න.
ඒ වගේම ඔබ දැක්කද දන්නෙ නැහැ. උමන්දාවෙ කෑම හදන්න අවශ්‍ය කරන පිටි වර්ග හදාගෙන තියෙන විදිය. උමන්දාවෙ එක තැනක තියෙනවා කොස් පිටිවලින් හදපු ස්පන්චි. මේ විදියට කොස් පිටි හදන්න පුළුවන් කියලවත් කවදාවත් හිතලා තියෙනවද. ඒත් මේ හාමුදුරුවෝ ඒක කරලා තියෙනවා. ‘හාමුදුරු කෙනෙක් මහන වෙලා කරන්ඩ ඕන කොස්පිටිවලින් ඉස්පන්චි හදන එකද?’ කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. ඒත්,
‘තොපි හදනකල් බලන් ඉඳලා
නැති නිසයි අපි හැදුවෙ’
කියලා හාමුදුරුවො නිශ්චිතවම කියාවි.

ඇත්තටම එහෙම කිව්වාය කියලා ඒකෙ වරදක් නැහැ. මොකද මේ රටේ දේශපාලනික මැදිහත් වීමෙන් ගේන්න ඕන විශාල ව්‍යාපෘති උමන්දාවෙන් වෙනවා. අපේ රටේ ගෙවල්වල තියෙන කොස්ගස් ප්‍රමාණෙ ගත්තොත් මේ විදියට පිටි හදලා අපිට රටත් යවන්න පුළුවන් වෙයි. කල්පනා කරල බලන්න. ඔබේ ගෙදර මොනතරං නම් කොස් ගෙඩි ගානක් නාස්තිවෙලා යන්න ඇත්ද. මේ හැම කොස්ගෙඩියකටම මිලක් වගේම වටිනාකමක් ලැබෙනවා නම් මොනවද වෙන කතන්දර. පුළුවන් ඉක්මනට හාමුදුරුවන්ගේ සිල් නොසොයා හදාපල්ලා කොස් පිටි. සාදුකාර දෙයි දෙයියො බුදුන්. ඒ පිනම ඇති නිවන් දකින්න. ලොකු රටවල එක එකාගේ දෙපතුල් ළඟ වැටිලා සල්ලි ඉල්ලගෙන ඇවිත් කන එකට වඩා මේ වැඩ කොච්චර නම්බුද? තිරිඟු පිටි නරකයි, පාන් පිටි අගුණයි කිය කියා හිටිය දේශපාලකයොන්ට කියන්ඩ, පුළුවන්නම් ගිහින් එන්ඩ කියලා උමන්දාවට, නිවන් දකින්ඩ නෙවේ, පාඩමක් ඉගෙනගන්ඩ.
මේ පන්සලෙන් ඉගෙනගත්ත එකම පාඩම කොස් පිටිවලින් කෑම හදන එක නම්, ඒත් ඇති කියලා අපිට හිතෙනවා.
උමන්දාවෙ හාමුදුරුවො සෝස් චට්නි හදනවා. ඒ අතර හදනවා පොල් බටර් එකක්. තමන්ගෙ පරිහරණයට ඕනෑ තරමට වෙන්න ඇති.
‘ඕවා හදන එකද හාමුදුරුවන්ගෙ වැඬේ? කියන ප්‍රශ්නය අහන්න එපා. මේ ප්‍රශ්නය වෙනුවට හාමුදුරුවො අපෙන් නොඅසා අසන ප්‍රශ්න ගණනක් තියෙනවා.
‘ඇයි තොපිට බැරි’
කියලා. අපි හැමදාම කරන්නෙ පිටින් ගේන මහපරිමාණයෙන් හදන වස විස වැඩි කෑම රසකාරකත් එක්ක කනවා. ඒත් උමන්දාවේ පොල්වලින් බටර් හදනවා. පුළුවන් නම් අන්න ඒකත් ඉගෙන ගන්න.
ඒ නිසා උමන්දාවෙන් පාඩම් ඉගෙනගෙන කොස්වලින් මඤ්ඤොක්කාවලින් කෑම බීම හදන්න පටන්ගමු. කෑම බීමවලට අපි අපිම පාට හදාගමු. පොල්වලින් බටර් හදමු. හදලා ඒවා පිටරට යවමු.

එතැනින් එහාට ඒ දානෙ ගැන කතාකරන්න නම්, ඔබ මේ දේවල් ටික කරන්න පටන් අරගෙන ඉන්න. මොකද ඒ අතින් අපිට උමන්දාවට අභියෝග කරන්න බැහැ. කොස්පිටිවලින් චොකලට් රෝල් හදන හාමුදුරු කෙනෙක් කියන්නෙ මොනවා නැතත් වටිනා කෙනෙක්. ඒ නිසා සමන්ත භද්‍ර හාමුදුරුවන්ගෙ හැම වචනයක්ම නොඅදහ හරි මෙන්න මේ වචනය විතරක්වත් අදහන්න.
‘මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නෙ නැතිකම නිසා නෙවේ. හිතන්නෙ නැතිකම නිසා’
ඒක හැම ආගමකම, හැම ජාතියකම, හැම වර්ගයකම මිනිස්සු අදහන්න ඕනෑ දහමක්. ඒ දහම අදහන්න පටන් ගත්ත දවසක අපිට පුළුවන් වේවි රටක් විදියට නැඟිටින්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පාස්කු කොමිසමේදී රනිල්ගේ බිරිදගේ නමත් එළියට එයි

Next Post

ආනවිළුන්දාව ඩෝසර් කළේ ඇමැති සනත්ගේ සහෝදරයා

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.