පසුගියදා ගාල්ල, නෙළුව, ලංකාගම ප්‍රදේශයේ කළ සංචාරය අතරතුර ඔවුන්ගේ දරුවන්ට දැනුම ලබා ගැනීම සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දෙන ලෙසට ප්‍රදේශවාසී ජනතාව කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එම ගමට අන්තර්ජාල පහසුකම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොම්/මොබිටෙල් ආයතනය විසින් ලංකාගම ප්‍රදේශයට අන්තර්ජාල පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති අතර ගා/නෙළු/ලංකාගම ආදර්ශ කනිෂ්ඨ විදුහලේ සිසු දරුවන්ට අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා අවශ්‍ය කටයුතුද පිළියෙළ කොට ඇත.
මෙම ක්‍රියාවලිය සංකේතවත් කරමින් ඊයේ (8) ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති, රොහාන් ප්‍රනාන්දු මහතා, විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් , ඕශද සේනානායක මහතා සහ සමාගම් ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනවිරත්න මහතා සහ ගා/නෙළු/ලංකාගම ආදර්ශ කනිෂ්ඨ විදුහලේ විදුහල්පතිතුමා, ගුරුභවතුන් සහ සිසුදරුවන් අතර Zoom තාක්ෂණය ඔස්සේ දුරකථන පණිවිඩයක් හුවමාරු විය.
ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ ඉගනුම ලබන මෙම දූ දරුවන් හට ලෝකය හා සම්බන්ධ වීමට අඩිතාලමක් ලෙස ඉතා කෙටි කලකින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට කටයුතු කළ ශ්‍රී ලංකා ටෙලිකොම්/මොබිටෙල් කළමනාකාරීත්වයට සහ සේවක මඬුල්ලට ජනාධිපතිවරයා සිය ප්‍රණාමයද පුද කොට ඇත.












