ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දිර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.Sri Lanka Latest News
එමගින් ඔවුන් දන්වා ඇත්තේ කිසිඳු ඉදිරි පියවරක් ගැනීමට පෙර මෙම යෝජනාව පරිපූර්ණ ලෙස අධ්‍යනය කර විෂයබද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අරමුණින් සුදුසු කමිටුවක් පත්කරන ලෙසය.
ආණ්ඩුව ගෙන ඒමට සූදානම් බව කියන ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
දැනටමත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ මහෙස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමයේ විනිසුරුවන් 65 දෙනෙකු එම යෝජනාවට විරුද්ධත්වය පළ කර අවසන්ය.
එවන් පසුබිමක යෝජිත මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
උපුටාගැනීම,
කිසිඳු ඉදිරි පියවරක් ගැනීමට පෙර මෙම යෝජනාව පරිපූර්ණ ලෙස අධ්‍යයනය කර විෂයබද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අරමුණින් සුදුසු කමිටුවක් පත්කරන ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
අමාත්‍යාංශයේ , අධිකරණයේ , ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතවරුන්ගේ සහ සුදුසු යැයි සැලකිය හැකි වෙනත් පාර්ශ්වකරුවන්ගෙන් එම කමිටුව සමන්විත විය යුතුය.
මෙම කරුණු පිළිබඳ පූර්ණ ලෙස සාකච්ඡා කිරීම සඳහා ඔබතුමාට පහසු ඉක්මන් වේලාවක අවස්ථාවක් ලබාදෙන ලෙස අපි වැඩිදුරටත් ඉල්ලා සිටිමු.
යුක්තිය පසිඳලීමේ ක්ෂේත්‍රෙය් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ අර්ථවත් උපදෙස් විමසීමක් සිදුකරන තුරු මෙම යෝජනාවට අදාළව කිසිඳු ඉදිරි පියවරක් නො ගනු ඇතැයි අපි අවංකවම බලාපොරොත්තු වෙමු.
උපුටාගැනීම අවසන්,
සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.














