අධිකරණය ගැන ජාත්‍යන්තරව ගොඩනැගුණු සම්මුති හා එකඟතා රැසක් ඇති බවත් මෙසපොතේනියානු ඊජිප්තු ග්‍රීක රෝම යුගයේ සිට මැග්නා කාටා දක්වාත් මධ්‍ය කාලීන එංගලන්තයේ පොදු නීතිය නිර්මාණය වීමත් 1787 ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 1948 දී මානව හිමිකම් ද 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සහ 1985 දී අධිකරණයේ ස්වාධිනත්වය සම්බන්ධ මූලික ප්‍රතිපත්ති ආදී නීතිමය ප්‍රගතිශිලී පියවර රැසක් ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය සඳහා බලය බෙදාහැරීම මෙන්ම සංවරන හා තුලන ආදී ක්‍රමය තුළින් ශක්තිමත් කිරීම තුළින් මේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘත්‍රියෙන් රාජ්‍ය පාලනය වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අධිකරණය ස්වාධින වන තරමටම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන බවත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති න්‍යායයන් අප රට තුළත් සාක්ශාත් වී ඇති බවත් සමහර අයට මේ ජාත්‍යන්තර න්‍යායන් ප්‍රතිපත්ති හා සම්මුතීන් ගැන විපක්ෂයේ සිටින විට මතක් වුවත් බලය ලැබුණු පසු එම බල කේන්ද්‍රස්ථානයන් තහවුරු කිරීමේ දී අමතක කර ඇති බවත් අද වන විටත් උපරිමාධිකරණවල විනිසුරුවන් ගණනාවක් පත් කරන්නට තිබුණත් එම පත්කිරීම් නොකරමින් සිටින බවත් මෙම විනිසුරුවන් පත් නොකිරීමම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සේම අධිකරණයට සිදු කරන අනිසි බලපෑමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සමගි නීතිඥ සම්මේලනය විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සංවිධානය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා වූ මහජන කථිකාවත අමතමිනි.






















Sri Lanka Latest News










