• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුල්ම ඩෙංගු රෝගියා 1962දී! වැඩිම මරණ 2009දී! මේ පාරත් 50ක් මැරිලා! මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න…! Sri Lanka Latest News

July 18, 2026
in Exclusive
Reading Time: 9 mins read
A A
මුල්ම ඩෙංගු රෝගියා 1962දී! වැඩිම මරණ 2009දී! මේ පාරත් 50ක් මැරිලා! මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩෙංගු නීතිය
මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් සහ ආයතන සඳහා උසාවිය මගින් පනවනු ලබන උපරිම දඩ මුදල රුපියල් 25,000කි. සෞඛ්‍ය නිලධාරීන් (එම්.ඕ.එච්./පී.එච්.අයි.) සහ පොලිසිය එක්ව සිදුකරන වැටලීම්වලදී මදුරු කීටයන් බෝවන පරිශ්‍රයන් පවත්වාගෙන ගිය බව තහවුරු වුවහොත්, 2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත යටතේ ඍජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලබයි. මේ හැරුණුකොට පොලිසිය විසින් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගනී. Sri Lanka Latest News

මහජන සෞඛ්‍යයට හානි වන ලෙස සහ බෝවන රෝග පැතිරීමට ඉඩහැරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ ‘මහජන පීඩාවන්’ සහ ‘නොසලකා හැරීමේ වැරදි’ ලෙස සැලකේ. දණ්ඩ නීති සංග්‍රහයේ 262 වන වගන්තියට අනුව ජීවිතයට අනතුරුදායක රෝගයක් පැතිරවීමට ඉඩ හැරීම වරදකි. යම් පුද්ගලයකු තමාගේ ක්‍රියාවක් හෝ නොසලකා හැරීමක් නිසා අනෙක් අයගේ ජීවිතවලට අනතුරුදායක බෝවන රෝගයක් පැතිරීමට ඉඩ ඇති බව දැන දැනම කටයුතු කිරීම මාස 6ක් දක්වා සිරදඬුවමක් හෝ දඩයක්, නැතහොත් සිරදඬුවම සහ දඩය යන දෙකම පැනවිය හැකිය.

එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 263 වන වගන්තියට අනුව බෝවන රෝගයක් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් හෝ රජය ලබාදෙන නීත්‍යනුකූල නියෝග සහ රෙගුලාසි හිතාමතාම කඩකිරීමද මාස 6ක් දක්වා සිරදඬුවමක් හෝ දඩයක් පැනවීමට අධිකරණයට හැකියාව ඇත. ඒ හැරුණු කොට දණ්ඩ නීති සංග්‍රහයේ 283 වැනි වගන්තියට අනුව තමාගේ දේපළක් (ඉඩමක්, වහලක් හෝ ගොඩනැගිල්ලක්) මහජනතාවගේ සෞඛ්‍යයට හෝ ජීවිතයට හානි වන ලෙස අපිරිසිදුව තබාගනිමින් මදුරුවන් බෝවීමට ඉඩ හැරීමද අධිකරණය මගින් නියම කරන දඩ මුදලක් පැනවිය හැක.

අපරාධ විධිවිධාන සංග්‍රහය පනත යටතේද ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට පූර්ණ බලය ඇත. පවතින වසංගත තත්ත්වය සහ අවදානම සලකා බලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවතින නීති තවදුරටත් ශක්තිමත් කරමින් සහ අලුත් නීති එක්කරමින් දඩ මුදල්ද ඉහළ නැන්වීමට අණ පනත් සංශෝධනය කිරීමටද මේ වනවිට සූදානම් වේ.

‍පරිණාමය වන ඩෙංගු මදුරුවා
ඩෙංගු වෛරසය පතුරුවන ප්‍රධාන මදුරු විශේෂය වන්නේ ්ැාැි ්ැටහචඑස (ඊඩිස් ඊජිප්ටයි) නම් මදුරුවාය. අප්‍රිකානු කැලෑබද ප්‍රදේශවල ජීවත් වූ සරල කෘමියකුගේ සිට වර්තමානයේ ලොව පුරා නගර ආක්‍රමණය කළ ‘සුපිරි වාහකයෙකු’ දක්වා ‍මෙම මදුරු විශේෂය පරිණාමය වී ඇත. වසර දහස් ගණනකට පෙර මෙම මදුරුවන් ජීවත් වූයේ අප්‍රිකානු මහද්වීපයේ වනාන්තරවලය. මුල් කාලයේදී මෙම මදුරු විශේෂය මිනිස් ලේ මත යැපුණේ නැත. වනාන්තරවල සිටි පක්ෂීන්, උරගයන් සහ වෙනත් සතුන්ගෙන් ලේ උරාබොමින් පරිණාමය වී තිබුණි. බිත්තර දැමීම සඳහා භාවිත කළේ ගස් බෙනවල රැඳෙන ස්වභාවික ජලයයි.
අප්‍රිකාවේ ඇතිවූ දරුණු නියං කාලගුණ තත්ත්වයන් සමග මදුරුවාගේ පරිණාමයේ විශාලතම වෙනස සිදුවිය. වියළි කාලගුණය නිසා වනාන්තරවල ජලය හිඟ වූ විට, මිනිසුන් එකතු කර තබාගත් ජල බඳුන් සොයා මදුරුවන් මිනිස් ජනාවාස වෙත ඇදී ආවේය. වනාන්තරයේ සතුන් හිඟ වීමත් සමග, නිතර අවට ගැවසුණු මිනිසුන්ගෙන් ලේ උරාබීමට උන්ගේ ඝ්‍රාණේන්ද්‍රිය පරිණාමය විය.

මිනිස් ක්‍රියාකාරකම් ඩෙංගු මදුරුවාට ලෝකය පුරා වේගයෙන් පැතිරීමට මාවත සකසා දුන්නේය. අප්‍රිකාවේ සිට ඇමෙරිකාව බලා යාත්‍රා කළ වහල් නැව්වල තිබූ වතුර බැරල් තුළ මෙම මදුරු බිත්තර සහ කීටයන් බෝවී ඇමෙරිකානු මහද්වීපයට සංක්‍රමණය විය. 19 වැනි සියවසේදී සූවස් ඇළ විවෘත වීමත් සමග ආසියාවට සහ ඔස්ටේ්‍රලියාවටද මෙම මදුරුවා ව්‍යාප්ත වූ බව පර්යේෂණ දත්තවල සඳහන්ය.

වත්මන් ඩෙංගු මදුරුවා නාගරික පරිසරයට උපරිම ලෙස අනුවර්තනය වූ ‘කෘත්‍රිම’ ජීවියකු බඳුය. ගස් බෙන වෙනුවට ප්ලාස්ටික් බෝතල්, ටයර්, කොන්ක්‍රීට් ළිං සහ මල් පෝච්චි වැනි මිනිසා විසින් සාදන බඳුන්වල බිත්තර දැමීමට උන් පරිණාමය වී ඇත. ඩෙංගු මදුරු බිත්තර ජලය නොමැතිව වුවද මාස 8කට ආසන්න කාලයක් වියළි තත්ත්වයේ නොනැසී පැවතීමට ජානමය වශයෙන් ශක්තිමත් වී ඇත. නැවත ජලය ලැබුණු සැණින් ඒවා බිහි වේ. මිනිසා විසින් දිගින් දිගටම භාවිත කරන රසායනික කෘමිනාශක සහ දුම් ගැසීම්වලට ඔරොත්තු දීමේ විශේෂ ජානමය ප්‍රතිශක්තියක් නූතන ඩෙංගු මදුරුවා පරිණාමයේදී ලබාගෙන ඇත. දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යාම නිසා මෙම මදුරුවන්ට නව ප්‍රදේශවලට ව්‍යාප්ත වීමට තවත් පහසු වී ඇත.

මෙරට තුළ ප්‍රධාන වශයෙන් ඊඩිස් මදුරු විශේෂ දෙකක් මගින් ඩෙංගු වෛරසය ව්‍යාප්ත කරනු ලබයි. නවතම සෞඛ්‍ය අංශ හා වෛද්‍ය පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ ඩෙංගු මදුරුවන් මිනිසුන්ට දෂ්ට කරන කාලසීමාවන් වෙනස් කරගෙන ඇති බවයි. මීට පෙර හිරු උදාවන සහ බැස යන කාලයේදී පමණක් දෂ්ට කළ මදුරුවන්, දැන් උදෑසන 6.00 සිට දහවල් වනතුරු සහ රාත්‍රී කාලයේදී පවා දෂ්ට කිරීමට අනුවර්තනය වී සිටී. නිවෙස් තුළ ඇති කෘත්‍රිම ආලෝකයට (විදුලි බුබුළු) හුරුවීම මෙයට හේතුව බව සඳහන්ය.

‍මෙරට ප්‍රථම ඩෙංගු රෝගියා වාර්තා වී ඇතැයි පැවසෙන්නේ 1962 වසරේදීය. අනතුරුව 1965ත් 1968ත් අතර කාලය තුළ ඩෙංගු රෝගීන් 51දෙනෙක් වාර්තා වී ඇති අතර, ඒ කාලය තුළ සිදුව ඇති ඩෙංගු මරණ ගණන 15කි. මේ ආකාරයට 60 සහ 70 දශකවලදී දිවයින පුරා විටින් විට කුඩා පරිමාණයේ ඩෙංගු රෝගී තත්ත්වයන් වාර්තා වී ඇතත් ඩෙංගු වසංගත තත්ත්වයක් බවට පත්වන්නේ 1989 වසරින් පසුවය. 1989 වසරේදී මෙරට ප්‍රථම වරට නිල වශයෙන් ඩෙංගු වසංගත තත්ත්වයක් තහවුරුකර ඇත. එම වසරේ ඩෙංගු රෝගීන් 203 දෙනෙක් රෝහල්ගත කර ඇති අතර මරණ ගණන වාර්තා වන්නේ 20ක් ලෙසිනි. 1990දී තත්ත්වය තවදුරටත් බරපතළ වෙමින් ඩෙංගු රෝගීන් වාර්තා වූ ගණන 1,350ක් වූ අතර මරණ ගණන සටහන් වන්නේ 54ක් ලෙසිනි. 1996දී නැවතත් ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවන අතර එහිදී වාර්තාවන රෝගීන් ගණන 1,298ක් වන අතර මරණ ගණන 54කි. 1999 වනවිට රට තුළ ඩෙංගු රෝගීන් ගණන ජනගහනයෙන් ලක්ෂයකට 10ක් ලෙස ඉහළ ගොස් තිබුණි.

2000 – 2008 අතර කාලයේදී වාර්ෂිකව වාර්තාවන ඩෙංගු රෝගීන්‍ සංඛ්‍යාව සාපේක්ෂව යම් අඩු මට්ටමක පැවතුණි. එහෙත් 2009 වසරේදී නව ඩෙංගු වෛරස් ප්‍රභේදයත් (ෘෑභඪ-1) සමග රෝගීන් සංඛ්‍යාව චක්‍රීයව ඉහළ යාමට පටන් ගෙන ඇත. එම වසරේ ‍වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 35,007කි. ඩෙංගු රොගීන් ප්‍රමණය හා සාපේක්ෂව සැසඳීමේදී ‍මෙරට ඉතිහාසයේ වැඩිම ඩෙංගු මරණ අනුපාතයක් වාර්තා වී ඇත්තේ ‍2009 වසරේදීය. එම වසරේ ඩෙංගු මරණ ගණන 346කි. ඊට පෙර වසරේ ‍ඩෙංගු මරණ වාර්තා වන්නේ 114ක් ලෙසිනි. ඩෙංගු මරණ ගණන 100 ඉක්මවන ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙස සැලකෙන්නේ එම වර්ෂයයි.

2010 වසරේදීද ඩෙංගු රෝගීන් 35,007ක් වාර්තා වූ අතර, සිදුවූ මරණ ගණන 246ක. 2011 වසරේදී ඩෙංගු මරණ ගණන 185කි. එම වසරේදී ඩෙංගු රෝගීන් වාර්තා වී තිබුණේ 28,473ක් බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. 2012 දී ඩෙංගු මරණ 180ක්ද 2014 වසරේදී ඩෙංගු මරණ 120ක්ද වාර්තා වී ඇත.
මෙරට ඉතිහාසයේ දරුණුතම ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වන්නේ 2017 වස‍රේදීය. ඩෙංගු රෝගීන් 186,101ක් වාර්තා වූ අතර මරණ ගණන 440කි. ඩෙංගු රෝගීන්ගේ ගණන ලක්ෂය ඉක්මවූ පළමු අවස්ථාව වන්නේ ‍‍මෙයයි. 2017 වසරින් පසු මෙතෙක් ඩෙංගු මරණ 100 ඉක්මවා නැත. එහෙත් 2019 වසරේදී ‍ඩෙංගු රෝගීන් ගණන ලක්ෂය ඉක්මවා තිබුණි. එම ගණන 105,049කි. එවර මරණ ගණන 90කි.

20 වසරක ඩෙංගු දත්ත


2026 (ජූලි 16 දක්වා) සමස්ත රෝගීන් සංඛ්‍යාව 72,430 සමස්ත මරණ 49
2025 සමස්ත රෝගීන් සංඛ්‍යාව 51,000 සමස්ත මරණ 35
2024 සමස්ත රෝගීන් සංඛ්‍යාව 45,000 සමස්ත මරණ 30
2023 සමස්ත රෝගීන් සංඛ්‍යාව 88,398 සමස්ත මරණ 57
2022 සමස්ත රෝගීන් සංඛ්‍යාව 76,608 සමස්ත මරණ 62
2021 සමස්ත රෝගීන් සංඛ්‍යාව 36,000 සමස්ත මරණ 25
2020 සමස්ත රෝගීන් සංඛ්‍යාව 31,162 සමස්ත මරණ 35
2019 සමස්ත රෝගීන් සංඛ්‍යාව 105,049 සමස්ත මරණ 90
2018 සමස්ත රෝගීන් සංඛ්‍යාව 51,659 සමස්ත මරණ 50
2017 සමස්ත රෝගීන් සංඛ්‍යාව 186,101 සමස්ත මරණ (ඉහළම) 440
2016 සමස්ත රෝගීන් සංඛ්‍යාව 55,150 සමස්ත මරණ 90
2015 සමස්ත රෝගීන් සංඛ්‍යාව 29,777 සමස්ත මරණ 60
2014 සමස්ත රෝගීන් සංඛ්‍යාව 47,246 සමස්ත මරණ 120
2013 සමස්ත රෝගීන් සංඛ්‍යාව 32,063 සමස්ත මරණ 80
2012 සමස්ත රෝගීන් සංඛ්‍යාව 44,456 සමස්ත මරණ 180
2011 සමස්ත රෝගීන් සංඛ්‍යාව 28,473 සමස්ත මරණ 185
2010 සමස්ත රෝගීන් සංඛ්‍යාව 35,008 සමස්ත මරණ 246
2009 සමස්ත රෝගීන් සංඛ්‍යාව 35,007 සමස්ත මරණ 346 (දරුණුතම මරණ අනුපාතය)
2008 සමස්ත රෝගීන් සංඛ්‍යාව 14,886 සමස්ත මරණ 114
2007 සමස්ත රෝගීන් සංඛ්‍යාව 7,332 සමස්ත මරණ 34
2006 සමස්ත රෝගීන් සංඛ්‍යාව 11,980 සමස්ත මරණ 47
2005 සමස්ත රෝගීන් සංඛ්‍යාව 5,211 2සමස්ත මරණ 6
2004 සමස්ත රෝගීන් සංඛ්‍යාව 15,463 සමස්ත මරණ 88
2003 සමස්ත රෝගීන් සංඛ්‍යාව 4,749 සමස්ත මරණ 32
2002 සමස්ත රෝගීන් සංඛ්‍යාව 8,931 සමස්ත මරණ 64
2001 සමස්ත රෝගීන් සංඛ්‍යාව 3,000 සමස්ත මරණ 20
2000 සමස්ත රෝගීන් සංඛ්‍යාව 3,500 සමස්ත මරණ 25

(මූලාශ්‍ර – ජාතික ඩෙංගු මර්දන ඒකකය)

දශක 3ට ඩෙංගු රෝගීන් මිලියනයක්
ශ්‍රී ලංකාවේ ගෙවුණු දසක තුනක කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන මිලියනයකට අධිකය. මේ කාලය තුළ සිදුව ඇති මරණ ගණනද 2,500කට වැඩිය. මේ අතරින් වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේත් මරණ වැඩිම ප්‍රමාණයක් සිදුව ඇත්තේත් පසුගිය දශකය තුළය. ඉතිහාසයේ ඉහළම ඩෙංගු මරණ ගණන මෙන්ම ඩෙංගු රෝගීන් ගණන වාර්තා වී ඇත්තේත් මෙකී දශකය තුළය. ඒ 2017 වසරේදීය. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සහ ‍සෞඛ්‍ය අංශ වාර්තාවලට අනුව එම වසරේ සිදුව ඇති ‍ඩෙංගු මරණ ගණන 440කි. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 186,101කි.

මේ අනුව බලන කල මෙම වස‍‍රේ සිදුව ඇති ඩෙංගු මරණ ගණන සහ රෝගීන් ගණන තැකිය නොහැකි ගණනක් යැයි යමෙකුට සිතෙන්නට පුළුවන. එය එසේ නොවේ. මේ වනවිටත් රට පවතින්නේ දැඩි අවදානම් තත්ත්වයකය. තවමත් මෙම වසරේ ගෙවී ඇත්තේ මාස 07කටත් අඩු කාලයක් පමණි. වසංගත තත්ත්වයක් දක්වා මේ වනවිට වර්ධනය වී ඇති ඩෙංගු තත්ත්වය ඉතා ඉක්මනින් පාලනය නොකළහොත් තත්ත්වය 2017 තරම් නොවුණත් ඒ ආසන්න දරුණු තැනකට රට ගමන් කිරීමට ඇති ඉඩ බොහෝය.

2009 – ඉතිහාසයේ වැඩිම ‍ඩෙංගු මරණ අනුපාත
මෙරට ඩෙංගු රෝගීන් සහ මරණ ගණන ඉහළම අගයක් ගත් වසර ලෙස 2017 සැලකුවද සැබෑ ලෙසම ඩෙංගු මරණ අනුපාතය ඉහළ අගයක් ගන්නේ 2009 වසරේදීය. 2017 වසරේ ඩෙංගු නිසා 440ක් මියයන්නේ රෝගීන් 186,101ක් වාර්තා වී තිබියදීය. සෞඛ්‍ය අංශ දත්තයන්ට අනුව 2009 තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 35,007කි. 346 ‍දෙනෙක් මියයන්නේ ඒ අතරින්ය. එම වසර සැලකෙන්‍නේ දරුණු ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවූ වසර ‍ලෙසිනි.

මෙකල පැවැතියේ මහින්දගේ ආණ්ඩුවයි. පරිසරයේ පිරිසිදුකම අමතකර යුද්ධයට මුල්තැන දීම හේතුවෙන් ඇතිවූ ඵලවිපාකයක් ලෙස ‍‍මෙම තත්ත්වය එකල රටේ ඇතිවූ බව සඳහන් කළහොත් වරදක් නැති තරම්ය. මැයි 18 වැනිදා යුද්ධයට සමුදෙන මහින්දගේ රජයට තවත් යුද්ධයකට මුල පුරන්නට සිදුවන්නේ ඩෙංගු අධි වසංගත තත්ත්වයට එරෙහිවය.

ඩෙංගු මඬින්න ඉතිහාසයේ පළමු වරට ජනපති කාර්ය සාධක බළකායක්
සෞඛ්‍ය, ආරක්ෂක සහ පරිපාලන අංශ ඒකාබද්ධ කරමින් ‍‍ඩෙංගු මර්දනයට ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායක්’ ස්ථාපිත කෙරන්නේ ඒ අනුවය. එහි වැඩි බලයක් කේන්ද්‍රගත වන්නේ එකට ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ වටාය. දැඩි තීන්දු තීරණ මත ක්‍රියාත්මක වූ වැඩසටහන් රැසක් එකල ක්‍රියාත්මක වූයේ තැන තැන කසළ ගොඩවල්වලින් පිරුණු කොළඹ නගරය පිරිසිදු නගරයක් බවට පත්වෙමිනි. මෙකල පරිසරය සම්බන්ධයෙන් වූ නීතිය පවා තරාතිරම නොබලා තදින්ම ක්‍රියාත්මක විය. පරිසර පොලිසිය නමින් ශ්‍රී ලංකා පොලිසියේ නව පොලිස් ‍කොට්ඨාසයක් පවා ඒ සඳහා ස්ථාපිත කළේය. ශ්‍රී ලංකා පොලිසියේ එකල පැවැති බලසම්පන්නම පොලිස් කොට්ඨාසය බවට පත්වූයේද පරිසර පොලිසියයි.

කියුබානු ක්‍රමය
කියුබාව සැලකෙන්නේ සිය රට තුළ ඩෙංගු වසංගත තත්ත්වය මුළුමනින්ම පාලනය කර ඇති රටක් ලෙසිනි. එබැවින් මෙරට ‍ඩෙංගු මර්දන කටයුත්තට කියුබානු ක්‍රමවේදය මෙරටට පළමු වරට ගෙන එන්නේ 2009 දී ඇතිවූ අධි වසංගත තත්ත්වයත් සමගය. එය විද්‍යාත්මක මෙන්ම ප්‍රජා මූලික ඒකාබද්ධ උපායමාර්ගයකි. දේශපාලන අධිෂ්ඨානය, විද්‍යාත්මක දත්ත මත පදනම් වීම, මහජනතාවගේ පූර්ණ දායකත්ව යන ප්‍රධාන මූලධර්ම 03 මත පදනම්ව කියුබානු ක්‍රමය ක්‍රියාත්මක විය.

මේ සඳහා කියුබාවෙන් විශේෂඥ කණ්ඩායමක් ලංකාවට පැමිණි අතර, ‍ඩෙංගු කීටයන් මර්දනයට කියුබාව සාර්ථකව භාවිත කළ බී.ටී.අයි. බැක්ටීරියා තාක්ෂණය ලංකාවට හඳුන්වා දීමට මෙන්ම මදුරු කීටයන් විනාශ කිරීමේ ක්ෂේත්‍ර පුහුණුවද ඔවුන් මෙරටට එවර ලබාදුන්නේය. මහනුවර, අකුරණ, සහ ගම්පොළ ආශ්‍රිතව සාර්ථක අත්හදාබැලීම් සිදුකළද මෙරට තුළ එය දිගුකාලීනව පවත්වා ගැනීමට නොහැකි විය. ඊට ප්‍රධාන හේතු වූයේ බී.ටී.අයි. බැක්ටීරියාවේ සක්‍රීයතාව දින 7කට සීමාවීම නිසා නිරන්තරයෙන් කියුබාවෙන් එම බැක්ටීරියාව ආනයනය කිරීමට සිදුවීමය. එකල ලංකාව තුළ බී.ටී.අයි. දේශීයව වාණිජ මට්ටමින් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණය නොතිබීම මෙන්ම රාජ්‍ය ආයතන අතර පැවැති සම්බන්ධීකරණයේ අඩුපාඩුද ඊට බලපා ඇත්තේය.

මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුව පරිසරය අමත කිරීමේ ප්‍රතිවිපාක
කියුබානු ක්‍රමය නිසි ලෙස ග්‍රහණය කරගැනීමට මෙරට බලධාරීන්ට නොහැකි වුවත් ක්‍රමවත් වැඩ පිළි‍වෙළක් ඔස්‍සේ ඩෙංගු මැඬලීමේ කටයුතු 2009 වසරේ සිට සිදුවන්නට වූයේ පරිසරයේ පිරිසිදුකමට මුල්තැනක් දෙමිනි. කොළඹ ඇතුළු රට පුරා නගර පිරිසිදු වෙමින් හැඩ වැඩ වන්නට වූයේ ඩෙංගු මදුරුවාට හිස ඔසවන්නට බැරි පරිසර පද්ධතියක් ඇතිකිරීමේ දීර්ඝකාලීන වැඩ පිළිවෙළකට අනුවය. සියයට 01ක්ව පැවැති ඩෙංගු මරණ අනුපාතය සියයට 0.05 දක්වා අවම මට්ටමකට පහත හෙළීමකට හැකිවන්නේ මේ නිසාය.

මහින්දගේ බලය බිඳදමා මෛත්‍රී – රනිල් පෙරටු කරගත් යහපාලන ආණ්ඩුව 2015 බලයට ඒමත් සමග ඔවුන්ට පරිසරය ගැන එතරම් තැකීමක් නොවීය. පළාත් පාලන ආයතන සමග සම්බන්ධීකරණය ‍වෙමින් දැවැන්ත වැඩකොටසක් රට තුළ ඉටුකළ පරිසර පොලිසිය අකර්මර්ණ්‍ය කළේය. එහි ප්‍රතිඵල ලැබෙන්නට වැඩි කාලයක් ගත නොවීය. 2017 වනවිට ඩෙංගු හිස ඔසවන්නේ වාර්තාගත ලෙසිනි. දරුණු වසංගත තත්ත්වයකටත් එහා යමින් ඩෙංගු ව්‍යාප්ත වනවිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සිදුවන්නේ ‘ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය’ 2017 මැයි මාසයේදී විශේෂ නියෝගයක් මගින් නැවත සක්‍රීය කරන්නටය.

සෞඛ්‍ය, ආරක්ෂක, පළාත් පාලන, පරිසර සහ අධ්‍යාපන යන ප්‍රධාන අමාත්‍යාංශ 5ක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ඍජුවම මේ තුළින් එකල සම්බන්ධීකරණය කෙරු‍ණේ තත්ත්වය දරුණුම අතට හැරී පැවැතුණු බැවිනි. ජනාධිපතිවරයාගේ නියෝග මත දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සෑම පළාතකම විශේෂ ඩෙංගු මර්දන කමිටු පිහිටුවා සතිපතා ප්‍රගතිය සමාලෝචනය කරන්නට ගත්තේය. අද මෙන්ම එදත් ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් දසදහස් ගණනක් යොදමින් ‍ශ්‍රමදාන පරීක්ෂා කිරීම් කරන්නට ගත්තේය. අකර්මර්ණ්‍ය වී තිබුණු පරිසර පොලිස් කොට්ඨාසයට නැවත පණ දුන්නේය. ඒ අතර ඉතිහාසයේ පළමු වරට ඩෙංගු මර්දන කාර්යයන් සම්බන්ධීකරණය කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ද පත්කළේය. එම නිලධාරියා මේ වනවිට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනය. ඒත් සමගම පොලිසියේ ඩෙංගු මර්දන අංශයක්ද ස්ථාපිත කළේය.

වැහිපීලි ගැලවීම
බලධාරීන්ට නැවත වරක් කියුබාව මතකයට නැගෙන්නේ ඩෙංගු වසංගත තත්ත්වය හමුවේදීය. කියුබාවේ නිවාස ඉදිකිරීමේදී වැහිපීලි තහනම්ය. ඒ, මදුරුවාට බෝවීමට වැහිපීලිවලින් ලැබෙන්නේ පිටිවහලක් බැවිනි. 2013 වසරේ පැවැත්වුණු මෙරට ජාතික මදුරු මර්දන සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සොයාගනු ලැබුවේ මදුරුවන් බෝවන ස්ථානවලින් 29%ක්ම වහලවල වැහිපීලි බවය. ඒ අනුව කියුබාව මෙන්ම මෙරට නිවාස සහ ගොඩනැගිලිවල වැහිපීලි ඉවත් කිරීම සුදුසු යැයි බලධාරීන් අතර ඇති වන්‍‍නේ දැඩි කතිකාවකි. සියලු රාජ්‍ය ආයතන සහ රජයේ ගොඩනැගිලිවල පීලි වහාම ගලවා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝග කරන්නේ ඒ අනුවය. ඉන් නොනැවතී පුද්ගලික ආයතන සහ නිවාසවල ඇති වැහිපීලි ගලවා ඉවත් කිරීමට බලපෑම් පවා කළේය.

2009 වසරේ ඩෙංගු තත්ත්වය සැලකිල්ලට ගෙන දකුණු පළාත් සභාව විසින් 2012 වසරේදී නව නීතියක් ගෙනැවිත් තිබුණේය. ඒ දකුණු පළාතේ ඉදිකරන නව නිවාස සහ ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේදී වහලවලට පීලි යෙදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමිනි. එම තහනම කොතරම් දුරකට ප්‍රායෝගිකව ක්‍රියාත්මකවූයේදැයි යන්න පිළිබඳ ඇත්තේ ගැටලුවකි. 2017 දී සබරගමුව පළාත් සභාව විසින්ද රජයේ ගොඩනැගිලිවල පීලි භාවිතය අත්හිටුවූ අතර පෞද්ගලික අංශයේ නව ඉදිකිරීම් සඳහා පීලි යෙදීමට අවසර දීම ප්‍රතික්ෂේප කළේය. ඒ, පැවැති ඩෙංගු මහා වසංගත තත්ත්වය හමුවේය.

කියුබාව නැවත මතක් වීම සහ ගුවනින් බී.ටී.අයි. ඉසීම
2017 වසරේ තත්ත්වය ඉතිහාසයේ දරුණුතම තත්ත්වයක් වූ බැවින් ඩෙංගු මර්දනයට කියුබාවෙන් විශේෂඥ සහාය ශ්‍රී ලංකා රජය ඉල්ලා සිටියේය. ඒ අනුව කියුබාවෙන් විශේෂඥ කණ්ඩායමක් මෙරටට එන්නේ මදුරු කීටයන් විනාශ කිරීම සඳහා භාවිත කරන ඊ්ජඑසඩැජ :ඊඔෂ* නමැති ජීව විද්‍යාත්මක බැක්ටීරියා දියරයද ලංකාවට නැවත හඳුන්වා දෙමිනි. එම බැක්ටීරියාව රටපුරාම ‍බෙදාහැරියා පමණක් නොව, ගුවනින්ද බී.ටී.අයි. ඉසීමට පියවර ගත්තේය.
පැවැති ඩෙංගු අධිවසංගත තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහාය වැඩි වශයෙන් ලබාගැනීමට පවා රජයට සිදුවිය. ලංකාවේ තත්ත්වය දරුණු වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විශේෂඥයන් පවා මෙරටට පැමිණියේය. තාක්ෂණික සහාය සහ මදුරු කීටයන් විනාශ කරන විශේෂිත ජීව විද්‍යාත්මක සහ රසායනික ද්‍රව්‍ය කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගැනුණි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ පරිසරය අමතක වීම
2018 වසර වනවිට සාර්ථක ‍ලෙස මෙරට ‍ඩෙංගු මර්දන කටයුතු සිදුව තිබුණි. 440ක් වූ ඩෙංගු මරණ ගණන 50 දක්වා පහත බැස තිබුණි. 186,101ක් වූ ඩෙංගු රෝගීන් ගණන 51,659ක් දක්වා පහත බැස්සේය. එහෙත් 2019 වසරේදී එය නැවතත් ඉහළ යන්නේ ‍‍ඩෙංගු රෝගීන්ගේ ගණන ලක්ෂය ඉක්මවා යමිනි. මරණ ගණන 90 දක්වා ඉහළ ගියේය. ‍මේ තත්ත්වයට මුල පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පරිසර පද්ධතිය ගැන එතරම් තැකීමක් බලධාරීන්ට නොවූ බැවින් යැයි තක්සේරු කළ හැකිය.

කොවිඩ් 19 සහ ඩෙංගු
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වීමත් සමග බො‍හෝ දෙනා බියට පත්වූයේ ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටි වකවානුවේ මෙන් පරිසරය සම්බන්ධයෙන් සහ පිරිසිදුකම ගැන දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවය. එහෙත් ඔහුට ඒ ගැන ජනපති වීමෙන් පසු එතරම් උනන්දුවක් පැවැති බවක් ඔහු ධුරය අතහැර යනතුරු පැවැති බවක් දක්නට නොවීය. එය එසේ වුවත් ගෝඨාභයගේ පාලන කාලයේදී නම් ඩෙංගු ව්‍යාප්තිය පැවතියේ අදට වඩා යහපත් තත්ත්වයකිනි. ඊට ප්‍රධාන වශයෙන් මුල්වූයේ කොවිඩ් 19 ව්‍යාප්තියයි. ගෝඨාභය ජනාධිපති වී වැඩි දවසක් යන්නට පෙර රටම වසා දමන්නට සිදුවූ‍‍යේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේය. ජනතාව නිවසට කොටුවීමද, ගෙවතු වගාවට එම වකවානුවේ ජනතාව පෙලඹවීමද 2020 සහ 2021 වසරවල ඩෙංගු අවම අගයක් ගැනීමට බලපෑවේය. ඒ ජනතාව නිවසට කොටුවන විට ගෙවතු පිරිසිදු කිරීම සිදුවන්නට වූ’බැවිනි.

ඒ නිසාම 2020 වසරේදී ඩෙංගු රෝගීන්‍ගේ ගණන 31,162 දක්වා පහත වැටුණු අතර මියගිය ගණනද 35 දක්වා අඩු අගයක් ගත්තේය. 2021දී මරණ ගණන තවදුරටත් අඩු අගයක් ගන්නේ 25 දක්වා එය පහත වැටෙමිනි. එම වසර තුළ ඩෙංගු වැලඳුණු රෝගීන් ගණන සඳහන් වන්නේ 36,000ක් ලෙසිනි.

අරගලය සහ ඩෙංගු
2022 වසරේ තත්ත්වය නම් එසේ ‍නොවීය.‍‍ ඩෙංගු රෝගීන්‍ ගණන ‍‍පෙර වසරට සාපේක්ෂව දෙගුණයකට වඩා ඉහළ අගයක් ගත්තේය. ඒ, රෝගීන් 76,608ක් ‍ලෙසිනි. එම වසරේ මියගිය ඩෙංගු ‍රෝගීන් ගණන 62කි. දැඩි ආර්ථික අර්බුදය සහ අරගලය හමුවේ පරිසර පිරිසිදු කිරීමට මුල් තැන නොමැතිකම මේ තත්ත්වයට මුල්වූයේ යැයි අනුමාන කළ හැකිය.

2023, 2024 සහ 2025 වසරවල තත්ත්වය තරමක් යහපත් වුවත් 2026 නම් ඩෙංගු වසංගත තත්ත්වයක් බවට පත්ව ඇත්තේ කියුබාව නැවත මතකයට ගෙන එමිනි. තවමත් මෙම වසරේ ගෙවී ඇත්තේ මාස හතකටත් අඩු කාලයකි. දැනටමත් ‍ඩෙංගු රෝගීන්ගේ ගණන 80,000කට කිට්ටු කර හමාරය. මරණ ගණන 50 ඉක්මවා ඇත. මේ වසරේ තවත් මාස 5කට වැඩි කාලයක් ඉතිරිව තිබේ. පවතින ඩෙංගු ව්‍යාප්තිය හමුවේ 2020න් පසු වැඩිම ඩෙංගු රෝගීන් ගණන මෙම වසරේ වාර්තා වීමට ඇති ඉඩකඩ ‍බොහෝය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News

Next Post

හොරාගේ අම්මාගෙන්ම පේන අහපු ඩොලර් මිලියන දෙකහමාරේ භාණ්ඩාගාර කොල්ලය! මුදල් කමිටුවේදී හෙළිවූ අලුත් තොරතුරු මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News
Exclusive

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කවුරු වුණත් කමක් නෑ මාලනීව විකුණගෙන කන්න ලෑස්ති වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

කවුරු වුණත් කමක් නෑ මාලනීව විකුණගෙන කන්න ලෑස්ති වෙන්න එපා! Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

හොරාගේ අම්මාගෙන්ම පේන අහපු ඩොලර් මිලියන දෙකහමාරේ භාණ්ඩාගාර කොල්ලය! මුදල් කමිටුවේදී හෙළිවූ අලුත් තොරතුරු මෙන්න! Sri Lanka Latest News

Load More
රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

හවුස් ඔෆ් ෆැෂන් නිමි ඇදුම් ජාලයේ හිමිකරු වන ප්‍රීති ජයවර්ධන, රේගු නිළධාරීන් මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, රක්ෂිත...

Read more
මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කවුරු වුණත් කමක් නෑ මාලනීව විකුණගෙන කන්න ලෑස්ති වෙන්න එපා! Sri Lanka Latest News

කවුරු වුණත් කමක් නෑ මාලනීව විකුණගෙන කන්න ලෑස්ති වෙන්න එපා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.