• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුරු වුණත් කමක් නෑ මාලනීව විකුණගෙන කන්න ලෑස්ති වෙන්න එපා! Sri Lanka Latest News

July 18, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
කවුරු වුණත් කමක් නෑ මාලනීව විකුණගෙන කන්න ලෑස්ති වෙන්න එපා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යම් කෙනෙක් විසින් තවත් කෙනකුට ලියපු ලියුමක් කියවන එක හෝ ඒ ලියුම කියවන්නැයි කියලා වෙනත් කෙනකුට බලකරන එකද සදාචාරාත්මක දෙයක් නෙවෙයි. හැබැයි ලියන්න සූදානම් වන මේ සටහනට පසුබිම් වෙලා තියෙන පසෙකින් දැක්වෙන ‘අනුන්ගේ ලියුම් දෙක’ නම් දැනටමත් බොහොමයක් දෙනා, එහෙමත් නැත්නම් සිය ගණනකට වැඩිය කියවලා අහවරයි. සෝෂල් මීඩියාවල පවා ඒ ලියුම පසුගිය දවස්වල හෝගාන සද්දෙට වයිරල් වෙලා තිබුණා. ඒ වගේම සුවිශේෂ පුද්ගලයන් දෙදෙනකු අතර වුණු ඒ ලියුම් හුවමාරුව ලෙහෙසි පහසු ගනුදෙනුවකුත් නෙවෙයි. ලියුම් යවන්නේ ලංකාවේ ජනප්‍රියම ප්‍රවීණ කලාකාරියන් දෙදෙනකු වූ දමයන්ති ෆොන්සේකා සහ සමනලී ෆොන්සේකා. ලියුම් ලබන්නා වෙන්නේ ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සහ දානපතියකු වූ නවලෝක සමූහ ව්‍යාපාරයේ අධිපති ජයන්ත ධර්මදාසයි. ලියුම් හුවමාරුවට මුල් වන්නේ හෙළයේ නිළි රැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ ජීවිත කතාව අලළා නිර්මාණය වන ‘රැජිනියේ’ චිත්‍ර පටයයි. Sri Lanka Latest News

‘රැජිනියේ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනයි. නිෂ්පාදන මෙහෙවරට අතපොවලා තියෙන්නේ ජයන්ත ධර්මදාසයි. ‘රැජිනියේ’ සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල තියන්නත් පළමුව මාලනී ෆොන්සේකාගේ චරිතාපදාන සිනමාවට නගන්නයි සූදානම කියන පණිවුඩය සමාජ සහ මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වනවිට සිනමා ලෝලීන් මුහුණු පොත හරහා එයට දුන් ප්‍රතිචාරවල වැඩි හරියක්ම තිබුණේ මනාපයක් නැති සටහන් සහ සිනමා නිර්මාණයට විරුද්ධව දැක්වූ අදහස් සමූහයකි.

‘මාලනියගේ ප්‍රතිරූපයට එය හානියක්. වහාම ඔය අදහස ඔබේ සිතින් අයින් කරන්න…’
‘මාලනිය කියන්නේ හෙළ සිනමාවේ නිළි රැජින. ඇයට ඇගේ පාඩුවේ ඉන්න දෙන්න. එයයි ගෞරවය…’
‘රැජිනක් වැනි වූ ඇගේ පෙනුමට සමාන නිළියක් කොහෙන් හොයන්නද…? අනේ ඇයට අපහාස කරන්න එපා…’
‘ජයන්ත ධර්මදාස… මේ ඔබටයි කියන්නේ. තව සල්ලි ගරන්න ඕනෑ නම් වෙන බිස්නස් එකක් තෝරාගන්න. හෙළ නිළි රැජිනව විකුණගෙන කන්න එපා…’
‘රැජිනියේ’ චිත්‍රපටය නිර්මාණය කරන්න යනවයි කියන සූදානම වෙනුවෙන් මුහුණු පොතෙහි සටහන්ව තිබුණු අදහස් ගණනක් කමෙන්ට්වල වැඩිපුරම තිබුණේ එවැනි අදහස්ය. තමා ලොකු මෙහෙවරක් හෝ වීරකමක් කරන්න යනවා යැයි කියා සිතූ නවලෝක සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා එකී ප්‍රතිචාර කිසිසේත්ම බලාපොරොත්තු නොවන්නට ඇත. සමහර විටෙක ඔහු සිතන්නට ඇත්තේ ‘රැජිනියේ’ චිත්‍රපටය නිර්මාණය කිරීමේ මෙහෙවර වෙනුවෙන් ඔහුට විශාල ප්‍රශංසාවක් ලැබෙනු ඇතැයි කියාය. වගකිව යුතු පුද්ගලයන්ගෙන් සහ ප්‍රවීණ කලාකරුවන්ගෙන් පවා ඊට යම් විරුද්ධත්වයන් සමග නොපහන් ප්‍රතිචාර ලැබෙන විට ඇතැම් විට ඔහු තක්කු මුක්කු වන්නට ඇත.

‘තම ජීවිත කතාව සිනමාවට නගන්නටැයි කියා මාලනිය තමා හමුවේ ඇගේ අවසාන දවස් කිහිපය තුළදී ඉල්ලීමක් කළා යැයි ජයන්ත ධර්මදාස සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබුණේ එයට පසුවය. තමා ඉතසිතින් එම ඉල්ලීම ඉටුකරන පොරොන්දුව ඇයට දුන් බවත් ඔහු පවසා තිබිණි. ඇත්තෙන්ම නිළි රැජින මාලනී ෆොන්සේකා ඔහුට එවැන්නක් කිව්වාද නැද්ද කියා දන්නේ ඔහුම පමණි. එවැනි ඉල්ලීමක් කළ බව කියන්න ඉන්න එකම සාක්ෂිකාරයාද ඔහුම පමණය. එයින් එහාට ඒ සිදුවූවාය කියන සංසිද්ධියෙහි සත්‍යය අසත්‍යය දන්නේ ඔහු සහ ඔහුගේ හිත පමණමය. ඊට එහා අයකු වේ නම් මාලනිය සහ උඩ ඉන්න දෙවියන් පමණය.

කොහොම වුණත් ජයන්ත ධර්මදාස ප්‍රවීණ නිර්මාණකරු අරුණ ජයවර්ධනවත් හවුල් කරගෙන තමා හමුවේ ඇති සියලු විරුද්ධත්වයන් නොතකා වැඩේට අතගැසුවේ කවුරු මොනවා කිව්වත් ‘රැජිනියේ’ චිත්‍රපටය කරනවා කියන පාරට්ටු ප්‍රකාශයද සමගය. සමනලී ෆොන්සේකා සහ දමයන්ති ෆොන්සේකා කතාකරගෙන තිබුණේ ‘රැජිනියේ’ මුහුරත් උළෙලට සහ රූගතකිරීම්වලට පළමුව තිරපිටපත ගැන සාකච්ඡා කරන්නට එන බව සහ ලිඛිතව එය ඔවුන් වෙත ඉදිරිපත් කරන බවත්ය. තිරපිටපත රැගෙන දමයන්ති ෆොන්සේකාව හමුවීමට පැමිණෙන බව එය රචනය කිරීමේ වගකීම භාරගත් සුනෙත් මාලිංගද පවසා තිබූ බව දමයන්ති ෆොන්සේකා ජයන්ත ධර්මදාසට ලියාපදිංචි තැපෑලෙන් යවන ලද ලියමනෙහිද සඳහන්ව ඇත.

එනමුත් ‘රැජිනියේ’ සිනමා නිර්මාණයෙහි සියලු මුල් වැඩකටයුතු පිළියෙල වී තිබුණේ මාලනියගේ පවුලේ අයව දැනුවත් කොට නෙමේය. නිර්මාණය ජනගත කිරීම, නළු නිළියන් තෝරාගැනීම ඇතුළුව සියල්ල සිදුව තිබෙන්නේ ජයන්ත ධර්මදාසගේ හිතූ මනාපෙටය. හෙළ රැජිනියගේ චරිතයට මෙන්ම සෙසු චරිතයන් සඳහා තෝරාගත් නළු නිළියන් ගැනද බොහෝ දෙනකුගේ හිත් තුළ ඒ තරමටම මනාපයක් නැති බව සමාජ මාධ්‍ය ජාලවල ‘රැජිනියේ’ වෙනුවෙන් දක්වන සටහන්වලින් පෙනෙන්නට තිබිණි. නළු නිළියන් තෝරාගෙන තිරපිටපතද සමගින් ‘රැජිනියේ’ මුහුරත පැවැත්වුණේද මාලනියගේ චරිතය සඳහා තෝරාගත් තාරුකා වන්නිආරච්චිගේ, මාලනියගේ ස්වරූපයට ගන්නා ලද සේයාරූ කලඑළි දැක්මක් පැවැත්වුණේද එම සේයාරූ සමාජ ජාල ඔස්සේ මුදාහැරුණේද නිළි රැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ පවුලේ උදවියගේ අනුදැනුමකින් තොරවය.

දමයන්ති ෆොන්සේකා තම වැඩිමහල් සහෝදරිය වෙනුවෙන් බලය අතට ගන්න සිතුවේ ඒ නිසාය. ජයන්ත ධර්මදාසට කතා කළ ඈ පවසා සිටියේ තිරපිටපත රැගෙන තමා හමුවීමට එන ලෙසය. ඒ සඳහා විධිවිධාන යොදන්නට ඔහු පොරොන්දු විය. සුනෙත් මාලිංග තිරපිටපත ගැන දුරකතනයෙන් පැහැදිලි කරන්නට සූදානම් වූයේද ඒ පොරොන්දුව නිසාම වන්නට පුළුවන. යම් සුවිශේෂ පුද්ගලයකුගේ චරිතාපදානය අලළා සිනමා නිර්මාණයක් කරන විටක එම තිරපිටපතෙහි අනන්‍යතාව දුරකතන සංවාදයක් හරහා තහවුරු කරගන්නට මානබැලීම ඇත්තෙන්ම විහිළුවක් නොවේද? අනේ කාලේ වනේ වාසේ කියන්නේ මෙවැනි විලම්භීතවලටය.

කෙසේ වෙතත් දමයන්ති ෆොන්සේකා තිරපිටපත හැකි ඉක්මනින් රැගෙන තමා හමුවට එන්නැයි සුනෙත් මාලිංගට කීවද ඔහු පැමිණියේ නැත. ජයන්ත ධර්මදාසද ඒ ගැන කතා නැතිව සද්දේ වහලා සිටියේය. ඒ හැම තැනකදීම,

‘මොන බලපෑම ආවත් රැජිනියේ චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා මා පෙරට තැබූ පියවර නැවත පස්සට නොගන්නෙමි..’ යැයි කියා හරි උද්දාමයෙන් ජයන්ත ධර්මදාස කිහිප විටක්ම ප්‍රසිද්ධියේ පවසා තිබිණි. ‘රැජිනියේ’ රූගතකිරීම්ද ආරම්භ විය. මාලනියගේ පවුලේ උදවිය කලකිරීමට සහ කෝපයට පත්වූයේ එතැනදීය. දමයන්ති ෆොන්සේකා සහ සමනලී ෆොන්සේකා සැර පදමට දමා ජයන්ත ධර්මදාසට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් දැම්මේ බැරිම තැනදීය. අනතුරුව එය සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ කරන්නට පියවර ගත්තේ ‘රැජිනියේ’ චිත්‍රපටයේ සියලු වැදගත් අවස්ථාවන් කොළේ වහලා ගහන ගේම් එකකට සම කරන්නට ඔහු උත්සාහ කළ නිසාය.

ජයන්ත ධර්මදාස ‘රැජිනියේ’ චිත්‍රපටයෙහි තිරපිටපත මාලනියගේ පවුලේ උදවියගෙන් වසං කළේ ඇයි?
මාලනී ෆොන්සේකා මහත්මිය ජීවත්ව සිටි අවසාන දවස් කිහිපය තුළ තම ජීවිත කතාව සිනමාවට නගන අයිතිය ජයන්ත ධර්මදාසට දුන්නා නම් ඒ උණුසුමේම එය ඇගේ අසලින්ම හිටපු සමනලී ෆොන්සේකා සමගවත් කියන්නට ඔහුට නොසිතුණේ මන්ද?
‘රැජිනියේ’ නිර්මාණය කරන අදහස ප්‍රසිද්ධියේ කී දවසේ ඉඳන්ම ඔහු කටයුතු කළේ උගුරට හොරා බෙහෙත් බොන සෙල්ලම කරන ලෙසින් නොවේද? මාලනිය දැඩි ලෙස රෝගාතුර වූ අවස්ථාවේ ඈ වෙනුවෙන් දිය යුතු සියලු රෝහල් පහසුකම් සුපිරියටම එතුමිය වෙනුවෙන් දුන්නාය කියා ‘රැජිනියේ’ සිනමා පටය කිසිදු කොන්දේසියකින් තොරව නිර්මාණය කරන්නට මාලනියගේ පවුලේ උදවිය ඔහුට අවසර දිය යුතුද?
ඇතැමුන් මුහුණු පොතෙහි සටහන් කොට තිබුණේ මාලනියගේ ජීවිතයේ අවසාන දවස් කිහිපය තුළ ඔහු සියලු රෝහල් සේවාවන් නොමිලේ තිළිණ දුන්නේ මෙවැනි අරමුණක් සිත කොනක තබාගෙන කියාය. අනෙක මාලනිය ජයන්ත ධර්මදාසට සිය චරිතාපදානය සිනමාවට නැගීමේ අයිතිය සහ මනාපය තමාට දුන්න බව අඩුම ගණනේ ඇගේ අවමංගල්‍ය කටයුතුවලින් පසුවවත් පවුලේ උදවිය සමග පවසන්නට ඔහුට නොසිතුණු එක පුදුමය. ඒ තරම් සුවිශේෂ අගනා කාරණයක් අමතකව යෑමද පුදුමයකි.

‘රැජිනියේ’ සිනමා පටය නිර්මාණය කරන අදහස ඔහු විසින් සමාජගත කළ දිනයේ පටන්ම ඊට විරුද්ධ වූ පිරිස අසීමිතය. බොහොමයකගේ අදහස වී තිබුණේද සිංහල සිනමාවේ හෙළ රැජිනියගේ අභිමානයට මෙය අවමානයක් බවය. තෝරාගත් නළු නිළි කැල ගැන හිතන විට වුවද සිනමා ලෝලීන්ගේ, ඇගේ පවුලේ උදවියගේ හෝ මාලනියට ළෙන්ගතු කිසිදුම අයකුගේ මනාපයක් එයට ලැබී තිබුණේ නැත.

සූර බුද්ධියක් ඇති ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ජයන්ත ධර්මදාස හදන්නේ තමාද රටට විහිළුවක් වී මාලනී ෆොන්සේකා නම් අසමසම කලාකාරියගේ ගෞරවනීය ප්‍රතිරූපද විහිළුවක් කරන්නද?

ඇතැමුන් අදහස් දක්වා ඇති ආකාරයට විශිෂ්ට ගණයේ ව්‍යාපාරිකයකු වූ ඔහුට ‘රැජිනියේ’ නමින් නිර්මාණය වන සිනමා පටය මාලනියගේ අසහාය නාමයට දක්වන උපහාරයකට වඩා තම ව්‍යාපාරික ඇහැට අනුව කදිම ආයෝජනයක් ලෙස පෙනුණා විය හැකිය. එලෙසම මාලනියගේ අවසන් කාලය තුළ ඔහු නොමිලේ දුන් සුපිරි මට්ටමේ රෝහල් පහසුකම් ඒ සඳහා ලද ලයිසන් එකක් විදියටද ඔහුට පෙනුණා වන්නට බැරි නැත.

එතකොට දැන් මේ සියල්ල හමුවේ ඔහුගේ හිතුමතේට වැඩ කරන්නට ඉඩ දී මේ සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගතයුතු වගකිව යුත්තන් නිහඬ විය යුතුද? ‘මොන බාධක ආවත් මාලනියට උපහාර වෙනුවෙන් මා ගත් තීරණය ‘රැජිනියේ’ සිනමා පටය නවත්වන්නේ නැහැ’ යැයි කියමින් ඔහු හිතුමතේ දියත් කොට ඇති සැලැස්ම දිගින් දිගට ක්‍රියාත්මක කරන්නට ඉඩ දිය යුතුද?

‘වගකිවයුත්තනි, වහා නැගී සිටිනු. ශ්‍රී ලාංකේය සිනමාවේ අසහාය නිළි රැජිනියගේ නම අලෙවි කරන්නට සූදානම් වන මේ නිර්මාණ ව්‍යාපාරය නවතා දමනු…’ කියන්නට ඉතිරිව ඇත්තේ එපමණකි.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

හොරාගේ අම්මාගෙන්ම පේන අහපු ඩොලර් මිලියන දෙකහමාරේ භාණ්ඩාගාර කොල්ලය! මුදල් කමිටුවේදී හෙළිවූ අලුත් තොරතුරු මෙන්න! Sri Lanka Latest News

Next Post

අනුරයි සජිතුයි රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නද මේ යන්නේ..? රට මුහුණ දෙන්න යන දරුණු එල්-නිනෝ අර්බූදයට විසදුම් හොයන පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට කමිටුවේ සම සභාපති මාලිමා මන්ත්‍රී මහාචාර්ය අබේවික්‍රම විපක්ෂනායක කාර්යාලයට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.