ආයුර්වේද සිද්ධි යුනානි යන පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රවල බරපතල අර්බුදයක් ඇති බවත් 2023 අප්‍රේල් මාසයේ සිට පාරම්පරික වෛද්‍යවරුන් වෙනුවෙන් වන ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වීම නිසා 700කට වැඩි පිරිසක් අසරණ වී ඇති බවත් මොවුන් මුදල් පවා විභාගයට ගෙව්වත් විභාග නොපැවැත්වීම නිසා අසරණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී පාරම්පරික වෙදකම සුරකීමේ සංවිධානය සමග පැවැති සාකච්ඡාවකදී ය
පාරම්පරික වෛද්‍ය ක්රමයේ ගුරුගෝල ගුරුකුල ක්‍රමය අද වන විට බරපතල බාධා රැසකට මුහුණ පා ඇති බවත් ගුරු වෛද්‍යවරුන් යටතේ වසර 7-10 කාලයක් සතියකට පැය 36ක පුහුණවක් ලැබීමේ දී වෙනත් රැකියාවක නිරත වීම තහනම් බවත් මේ නිසා ජීවත් වීමේ ගැටලුවක් ඇති නිසා දැනට ඉල්ලුම් පත්‍ර බාර ගත් අයට අවශ්‍ය ලිඛිත හා වාචික විභාග කඩිනමින් පවත්වා සහයෝගය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද වන විට කාලයක් පුරා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය අකර්මන්‍ය වී ඇති බවත් මුදල් අය නොකර නොමිලේ ඉගැන්වූ පාරම්පරික වෛද්‍ය විද්‍යාල 11ක් වැසී ගොස් ඇති බවත් මේ විද්‍යාල වැසී යාම යනු පාරම්පරික වෛද්‍යවරුන්ට කරන බරපතල අසාධාරණයක් බවත් 1961 ආයුර්වේද පනත සක්‍රීය කිරීම වැදගත් බවත් ඉන්පසු පැමිණි අනපනත් පුද්ගලික වුවමනා මත ක්‍රියාත්මක වූ නිසා මේ ගැන ද සැලකිලිමත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම දේශීය ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේද ගැටලු රැසක් ඇති බවත් ඖෂධ නිෂ්පාදනයට ගන්නා වර්ග 500ක් තහනම් කර ඇති බවත් ඒ නිසා ඖෂධ නිෂ්පාදනය අඩාල වී ඇති බවත් මේ ඖෂධ නිෂ්පාදනය කරනවා වෙනුවට ඩොලර් කැපකර මේ ඖෂධ ගෙන්වීම රටේ සංචිතවලට ද බලපාන බවත් ඒ නිසා මේ අසාධාරණ වළක්වා දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තවද මේ ක්ෂේත්රය විධිමත් කිරීම තුළින් ආයුර්වේද සංචාරක කර්මාන්තය පවා නිර්මාණය කළ හැකි බවත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේ පවා එවැනි දේවල් සිදු වු නිසා මේ ගැන අවධානය යොමු කළ යුතු බවත් සිද්ධි යුනානි හෝමියෝපති චීන කටු සේම දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ද සුරක්ෂිත කළ යුතු බවත් මේ ගුරු ගෝල ප්‍රතිපත්තිය අහෝසි කරමින් වයස අවුරුදු 70ට අඩු වයස් සීමාව පමුණුවා ගුරුවරුන්ට වසර 15ක පළපුරුද්ද යන කරුණු නිසා පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය විනාශ කිරීම නිසා මේවා ගැන නැවත සිතිය යුතු බවත් නිසි නිවැරදි යාවත්කාලීන කිරීමක් අනපනත් තුළ සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.




















