• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මාරයාගේ ගොඩහොද්ද

September 8, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
මාරයාගේ ගොඩහොද්ද
Share on WhatsAppShare on Facebook

දෛව පරීක්ෂාවට උපන් හැටියේ බිළිදා හිම මිදෙන ජලයේ ගිල්වයි

පරම්පරාවෙන් පරම්පරාවට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පැවැත එන චාරිත්‍රයක් අපේ මවුපියෝද නොවළහා ඉටුකරති.
කිසියම් දරුවකු උපන් කල ඒ දරුවාට ජීවත් වීමට වාසනාව තිබේද? නැතහොත් අඩු ආවිසෙන් (බාල වියේදීම) මියයන්නේ දැයි යන්න දැනගැනීමයි. ඒ සඳහා පරීක්‍ෂණයක් පැවැත්වෙයි. පරීක්‍ෂණය පැවැත්වෙන්නේ උත්සවාකාරයෙනි. දරුවා ඉපිදීමෙන් පසු නිනයාගත් දිනයකදී උත්සවය පැවැත්වෙයි. ඒ නිනයාගත් දිනයට පවුලේ සියලු ඥාති මිත්‍රාදීන්ට පැමිණෙන ලෙසට ඇරැයුම් කෙරේ. එදින මඟුල් උත්සවයකි. දරුවා ඉපිද දින දාහතරක් ඇතුළත උත්සවය පැවැත්විය යුතුය. දෙසතියක කාලයක් ගැනෙන්නේ ඥාති මිත්‍රාදීන්ට ඇරැයුම් කර උත්සව සංවිධානයටය.
නියමිත දිනයේදී රැස්වූ පිරිසට කාජ්‍ය භෝජ්‍යාදියෙන් සංග්‍රහ කර අලංකාරවත්ව සැරැසූ දරුවා ඔහුගේ හෝ ඇගේ හෝ මිත්තණිය විසින් වඩාගෙන සියලුම ඥාති සමූහයා සමඟින් කොඩි, දජ, සේසත් සහිත අලංකෘත පෙරහරකින් ළඟපාතින් ගලා බසින ජල ධාරාවක් කරා ගෙනයනු ලැබේ. අනතුරුව සියල්ලන් බලා සිටියදී දරුවාගේ නාසයටත්, කටත්, හිසත් හැරෙන්නට මුළු ශරීරයම ජලයේ ඔබාගෙන විනාඩි කිහිපයක් සිටියි.
අධික ශීතල නිසා දරුවාගේ සිරුර සම්පූර්ණයෙන්ම රත්පැහැ වෙයි. අනතුරුව නිල්පැහැ ගැන්වෙයි. සීතල ඉවැසිය නොහැකි බිලිඳා පළාත දෙවනත්කර මොරදෙයි.
ඒ ඔහුට මෙලොව ජීවත්වීමට වාසනාව තිබීමේ පූර්ව ලක්‍ෂණයයි. එසේ නැතහොත් ඔහු මියයයි.
මෙහිදී සඳහන් කළ යුතු විශේෂ දෙයක් තිබේ. ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති අපේ ජන්ම භූමිය තිබ්බතයේ ලාෂා නගරයයි. අපේ මුහුදු මට්ටමෙන් අඩි දොළොස් දහසක් (12,000) උසින් හිම මිදෙන ප්‍රදේශයේ පිහිටා ඇත.

ටිබොට් ලාමාවරයකුගේ ජීවන චරිතයකිනි

පාතාල වේතාල සහ වෛතාල

අදට අවුරුදු හැට හැත්තෑවකට පෙර ‘පාතාල භෛරවී’ සහ ‘පාතාල උලගම්’ යන නම්වලින් යුතු චිත්‍රපට දෙකක් ප්‍රදර්ශනය කෙරිණි. ඒ චිත්‍රපටවල සඳහන් පාතාලය භූගත ලෝකයකි. ඒවායේ විසුවෝ මන්ත්‍ර බලයෙන් යටත් කළ හැකි භූතයෝය.
එහෙත් අද වෙසෙන පාතාලයෝ මන්ත්‍ර බලයට තබා ශක්‍රයාටවත් මෙල්ල කළ නොහැක්කෝය. ඈත අතීතයේ සඳහන් පාතාලයත් වර්තමානයේ භාවිත පාතාලයත් අහසට පොළොව මෙනි. ඉඳුරා වෙනස්ය. කෙසේ වෙතත් පාතාලයේ වෙසෙන්නෝ පාතාලයෝය.වේතාලයාද පාතාලයාට සමානය. වේතාලයාත් භූ අභ්‍යන්තර ගුහාවල වෙසේලු. මළවුන්ට මන්ත්‍ර බලයෙන් පණ දුන් විට නම් කරනු ලබන්නේ වේතාලයන් ලෙසට යැයි කියත්.
‘ඉංගිරිසියෙන් කියන සොම්බි සාමාන්‍ය පිල්ලි (පිල්ලු) වශයෙන්ද සැලකෙයි. පාතාලයට යැයි ඉංග්‍රීසියෙන් යෙදේ. ‘හේදිසය’ නොහොත් නිරය යන වචනය ක්‍රිස්තියානි ග්‍රන්‍ථවල පාතාලයට ලැබෙන අරුත්ය.
පෘථිවියේ ඉතාම ගැඹුරු විවරයේ ගිනිදැල්වලින් නරකාදිය නිර්මිත බව පොතපතේ සඳහන් වෙයි. ඉතාම ගැඹුරු වළකට කියන්නේද පාතාලයයි. පතල යන්නද යෙදේ. Infernal Abysmal යන්න ඉංග්‍රීසියෙන් කියන එදා පාතාල දෙවියෝ යම රජු වුවත් අද God Fatherය. වේතාලයාද පාතාලයට සමානය.
බූමික්කු අඩියිල් ඉරුක්කුම් උලගම් වේ. ඉතාම ගැඹුරු පතුලක යමක් ගැනීමට කොකු කිහිපයක් සවිකළ උපකරණයට දෙමළ භාෂාවෙන් ‘පාතාලක්කරඬි’ කියන්නේ එහෙයිනි.
වත්මන් පාතාලයේ උපත සිදුවන්නේ ප්‍රංශයේ පැරිස් නුවර භූගත ජලපවාහන මාර්ගයෙනි. මේ උමං මාර්ගවල නඩත්තු කටයුතු කරන්නන්ගේ පහසුව සඳහා යම් ස්ථානද ඉදිකර තිබිණි. ඒවා ගුහාවලට සමානය. මේවායේ සේවය කළේද ‘උන්නත් දාහයි මළත් දාහයි’ මට්ටමේ අය නිසා සුළු අපරාධ කළ අයට ඒවායේ දවල් සැඟවී සිටීමටද හැකිවිය. ටික කලක් ගතවෙත්ම ප්‍රංශ නගර ශෝභනියෝද ඔවුනටම එක්වූහ. ක්‍රමක්‍රමයෙන් ආයුධ සන්නද්ධ වූද කාය බලයෙන් අනූනවූවෝද පසුව එකතු වුණු නිසා ‘උමං කල්ලිය’ හැඳින්වීමට ‘Under Ground’ වචනය ප්‍රංශ පොලිසිය යොදාගත්තේය. මේ දෝනා කෙළවර විවර වූයේ මුහුදට හෝ විශාල ගංගාවලට හෝ නිසා නීතියේ ආක්‍රමණවලදී එම දාමරිකයෝ නොබියව මේ ගංගා හෝ මුහුදුවලට හෝ පැන බේරීගත්හ. දිවා කල මේවායේ ගතකරන මේ වර්ගය රාත්‍රියට කොහේ හෝ මුවවිටකින් එළියට එයි. එවන් මුවවිටකින් නැවැත අතුරුදන්වීම නිසා පොලිසියට මොවුන් මෙල්ල කිරීම අසීරු විය. (මනුතාපයේ ඉංග්‍රීසි චිත්‍රපටය වූ ‘Les Miserables’ ‘වික්ටර් හ්‍යුගෝ’ නම් ශ්‍රේෂ්ඨ ලේඛකයා රචිත) ක්‍රි.ව. 1862 මුද්‍රිත ප්‍රංශ ඓතිහාසික නව කතාවේ චිත්‍රපටය නැරැඹුවහොත් ‘ජීන් වැල්ජින්’ නම් නගරාධිපතිවරයා මේරියන් ප්‍රන්නරසී’ (Geam. Valgean & Marian Punnarasee) කරතබාගෙන යන භූගත ජලමාර්ගය අනුව ඔබට පාතාල ලෝකයේ උපත තීරණය කළ හැකිය.

පාර්ලිමේන්තුවේ හිටපු උද්‍යාන පාලක සරත් විජයානන්ද

කට ටං කටටං

තණමල්විල, කොටවෙහෙරමංකඩ ප්‍රදේශයේ රෝහලකට නමසිය පනහ දශකයේ (1950) අග භාගයේදී වෛදා්‍යවරයකු වශයෙන් පළමු පත්වීම ලද යාපනේ මහත්මයෙක් රාජකාරියට ගියේය.
මහත්මයා යාපනේ කෙනකු නිසාත් යාපනේදීත් වෛදා්‍ය විදා්‍යාලයේදීත් කතාබහ කරන්නටත් ඉගෙන ගන්නටත් සිදුවුයේ ඉංගිරිසියෙනි. වැල්ලවත්තේ ඔහු නැවතී සිටි ඥාති නිවසේදීද කතාබහ කරන්නට සිදු වූයේද ඉංගිරිසියෙන් නිසා ඔහු සිංහල මෙලෝ දෙයක් නොදත්තේය.
අලුත් වෛද්‍යවරයාට යන්නට සිදු වූ පර්යන්ත රෝහලේ සිටි එකම වෛද්‍යවරයාද යාපනේ මහත්තයෙකි. ප්‍රදේශයේ පවුල් සංඛ්‍යාව හතළිහකට (40) අඩු බවත් සියල්ලන්ම හේන් ගොවියන් බවත් ප්‍රතිකාර ගැනීමට එන්නේ ළමයින් සමග මව්වරුන් සහ වයසක ආච්චිලා බවත් ඒ අයට උණ, මැලේරියාව, බඬේ අමාරුව වැනි රෝග මිස වෙනත් කිසිම ආබාධයක් නැති බවත් ඊට වැඩිමනත් අමාරුවකට රෝගියා යැවිය යුතු ළඟම රෝහල සැතපුම් පනහකට (50) ආසන්න දුරක පිහිටි මොණරාගල බවත් ඔහු විස්තර කෙළේය.
පසුදා උදේ කළ යුතු රාජකාරිද කියාදුන් ලොකු දොස්තර මහත්තයා රෝගීන් පරීක්‍ෂා කරන ගොඩනැගිල්ලද පෙන්නා, රෝහලේ එකම සේවකයා ළඟපාත පදංචිකරුවකු බවද ඔහු අට (8.00) අට හමාර (8.30) වන විට එන බවද පවසා හදිසි ගමනක් යන බවද කියා ඔහුගේ යතුරු පැදියෙන් යන්න ගියේය. අර කී සේවක මහතා එන විට දරුවන් වඩා ගත් සහ අතින් පයින් එල්ලා ගත් මැදිවියේ අම්මණ්ඩිලා දහපහළොවක් ඇවිත් පෝලිමේ උන්හ.
මුලින්ම සිටියේ හැරමිටි වාරුවෙන් පැමිණි අවුරුදු අසුවකට (80) ආසන්න වයසක අම්මා කෙනකි. ඇය වැරහැලි ගැසුණු කම්බායක් සහ හැට්ටයක් ඇඳ සිටියාය. කාලයක් තිස්සේ බුලත් විට හපා ඇති බව ලොඹු කට කීය. අනේ පුතේ මට මැලේරියාව යැයි කියමින් ඕ කොන්දට අත තබා ගෙන කෙඳිරිගාමින් කාමරයට ගෑටුවාය.
ඇය මාලේරියාව යයි කී පමනින්ම රෝගය අල්ලා ගත් වෛදා්‍යවරයා නළාව තබා බැලුවේය. අනතුරුව ඇගේ දිව පරීක්‍ෂා කරන්නට අවශ්‍ය වුවත් දිවට කියන සිංහල වචනය ඔහු දැන සිටියේ නැත. ඒ නිසා ඔහු දන්න ඉංගිරිසි වචනයෙන් ටං, කීවේය. වයසක උන්දෑ මොකක් දැයි ඇසුවාය. මහත්තයා ටං ටං දාන්න යැයි කීය. උපන්තේකට ඉංගිරිසි ටං එකක් අසා නැති උන්දෑ දන්න සිංහල ටංඑක දබාස් ගා හැට්ටෙන් එළියට දැම්මාය. මහත්තයා උඩ ගියේය.
නොට්, නොට් දිස්, අනික ටං අනික ටං යැයි දොස්තර මහත්තයා කෑගසන්නට වූවේය. මේ විපිරියාසය මොකක් දැයි පෝලිමේ සිටි අනිත් උන්දැලාද තබ්බීරිවී බලා උන්හ. දොස්තර මහත්තයා අනික ටං අනිකටං කී නිසා උන්දැ අනිත් ටං එකත් එළියට දැම්මාය. දෙලාව රත්වූ දොස්තර මහත්තයා නෝ නෝ නෝ යැයි බෙරිහන් තළමින් ඇයට තම ඇඟිල්ලෙන් කට පෙන්වා දිස් ටං දිස් ටං යැයි කෑගෑවේය. එය හොඳින් තේරුම්ගත් වයසක උන්දැ හැරමිටිය පසෙකට විසි කර හොහ් හොහ් ගා සිනාසෙමින් දෑතින්ම අල්ලා අර දෙකම මහත්තයාගේ කටේ එබුවාය.
කාමරයෙන් පැන දිවූ මහත්තයා නැවත රාජකාරියට වාර්තා කළේ සිදත් සඟරාව, කව්සිළුමිණ, ධර්මප්ප්‍රදීපිකාව, අමාවතුර ආදී සියලු පොත් පරිශීලනය කිරීමෙන් පසු බව
පැරැන්ණෝ කියති.

යකා මහත්තයා

සමාජ මෙහෙවර උපහාර

රඹුක්කන, වහව, බංගලාවත්තේ පදිංචි කේ. සෝමදාස මහතා මුළු දිවයිනටම බලපාන අන්දමේ සාමදාන විනිසුරුවරයකු වශයෙන් කෑගල්ල දිසා අධිකරණයේ දී පසුගියදා දිවුරුම් දුන්නේය. රාජ්‍ය කළමනාකරණ සේවයේ පුරා වසර විසි නමයක (29) රාජකාරියේ යෙදීමෙන් අනතුරුව ඔහු විශ්‍රාම ලබා ඇත. සමාජ සේවා, උඩරට ගැමි පුනරුත්ථාපන, අධ්‍යාපන සහ පළාත්පාලන යන රාජ්‍ය ආයතනවල හෙතෙම රාජකාරි කෙළේය. රඹුක්කන, වහව, ග්‍රාම නිලධාරි වසමේ වැඩිහිටි මණ්ඩලයේ ලේකම් වරයාද, එම වසමේ ගොවි සංවිධානයේ සභාපතිවරයාද, බංගලාවත්ත මරණාධාර සමිතියේ අනුශාසකවරයාද, රඹුක්කන රෝහලේ රෝහල් කමිටුවේ කාරකසභිකයකුද වන කේ. සෝමදාස මහතාට රාජ්‍ය සේවය සහ සමාජ සේවය වෙනුවෙන් කළ මෙහෙවරට උපහාර වශයෙන් පදවිය පිරිනමා ඇත.

වල් අලියා වන කළ වන අලි

“දුට හට ලිහන තන පට වෙසඹුවක ලෙ සේ” යන කවි පදය කවර හෝ කවියක තුබූ බව මතකය. එසේම “දුවන්නන් වාලේ කෙට එළදෙන දුවනවා වාගේ දුවනවා” යන තැනැති කියමනද (ප්‍රස්ථාපිරුළ) අපේ ගෙදර fදාර නිරන්තරයෙන් කියැවෙන්නකි.
අශික්‍ෂිත (ලජ්ජා බය නැති) ස්ත්‍රියාවකට තැන නො තැන, ඔබින නොහොබින ඒ කිසිවක් වැදගත් නැත. උඩු කයේ පමණක් නොව යටි කයේ වැහුම්ද ඕ උනා දමන්නී යැයි ඉහත කවි පදයෙන් කියන අරුතය.
කිසිදු ඉවක් බවක් නැතුව (සිතාමතා බැලීමකින් තොරව) අනුන් කරන්නන් වාලේ යමක් කරනවිට වල්ග කෙට එළදෙනකු පට්ටියේ අනිත් ගවයන් දුවන්නා සේම ඒ පස්සේ දුවන අන්දමට දුවනවා යැයි අපේ කීම වැඩිහිටියන්ගේ කියමනකි.
(තල් අත්තක් උඩට බෙලි ගෙඩියක් වැටීමෙන් පොළොව පෙරළෙනවා යැයි සිතූ හාවකු දුවනු දුටු කැලයේ සෙසු සතුන්ද ඌ පස්සේ දීවා සේ. අපේ වැඩිදෙනෙක්ද දිව යති. දිවීම ගැන වග විභාගයක් නැත. සොයා බැලීමක් ද නැත. කල්පනා කිරීමක්ද නැත. දුවන්නන් වාලේ දුවනවාය. ඉන් සිදුවන විපැත්තිය, හානිය අප්‍රමාණය.
මේ අටුවාව, ටීකාව, ටිප්ණිය, චූර්ණිකාව, ගැටපදය, වන්නම කෙටල කැපිල්ල කීවේ අද අපේ ගොය්යලා (මිනිස්සු) ලියන දේවලත් කියන දේවලත් ඇති ‘දේවල්’ කියවන අසන අපේ පොඩි දරුවන්ට පමණක් නොව යමක් ඉගෙන ගන්න කෙනකුටද සිද්ධ වෙන වින්නැහිය පෙන්නීමටය.
එක කරුණක් වල් අලියා “වන” අලියා කිරීමය. අනික “මගින්” කිරීමය. (පොලිසිය “මගින්” අත්අඩංගුවට ගෙන තිබේ) තවත් එකක් “සිදුකිරීමය” (උත්සවය සිදුකරයි) පුවත් පතක හෝ විද්‍යූත් මාධ්‍යයක හෝ නොවැරදීම කියවන්නට අසන්නට ලැබෙන්නේ ඔය අන්දමිනි.
වල් අලියා වල් අලියාමය. ඒ සතාගේ නමට වන විශේෂණ පදය යොදා වෙනස් කර (වන) සළුපිළි අන්දවා ශිෂ්ට සමපන්න කිරීමට ගියත් ඒ වල් අලියාමය. චිරාත්කාලයක් තිස්සේ සැකසුණු පද කාට හෝ අවශ්‍ය අන්දමට හිතූ හැටියට වෙන්ස් කළ නො හැකිය.
අර ලජ්ජා නැති ස්ත්‍රිය ඕනෑ ඕනෑ විටක ඇඳුම් ලිහා දමන්නාක් මෙන් කාට හෝ ඕනෑ ඕනෑ හැටියට වල් යන පදයද එක තැනකින් එක දෙයකින් පමණක් ඉවත් කළ නො හැකිය.
සිංහල භාෂාව ඉතා දිර්ඝ කාලයක් තිස්සේ හැදී වැඩී ඔප වැටී මටසිලිටිවී බැබළි බැබළි ආවකි.
අප දන්නා පරිදි අලි දෙවර්ගයකි. වල් අලි සහ හීලෑ අලිය. පෙරහරේ යන්නේත් කොට අදින්නේත් හීලෑ අලියාය. හීලෑ නැති එකා වල් එකාය. ඌට අණක් ගුණක් නැත.
‘වල්’ යන පදය අපේ බසේ කැලෑවටද යෙදේ. එය සිංහලයට ම ආවේණික (නිෂ්පන්න ෂබාසටැබදමි ඵදරචයැපැ* පදයකි. සංස්කෘත පාලි භාෂාවන්හි මෙතෙක් හමුවූ බවක් නොදනිම්. (ඇති බවක් පෙන්වා දෙන්නේ නම් fදාහොත් මුදුන් දී පිළිගන්නෙමි).
බුදු ගුණ අලංකරයෙහි “අවුත්වල වැදි දනෝ එතැනට” යනුවෙන් වැදි ජනයා කැලේ වෙසෙන බව සඳහනි. ගච්ඡයෝ (ගස්-වෘක්‍ෂ) නම්වල වෙතැයි අමාවතුරෙහි ඇත.
එමතුද නොව අදට අවුරුදු හත් අට සියයකට පෙරාතුව (fදාළොස් වැනි හෝ දහ තුන් වැනි හෝ සිය වස්හි) ගුරුළුගෝමීන් විසින් ලියන ලදැයි පිළිගත් අමාවතුරෙහි වල් පදය මෙසේ සඳහනි.
“මම අඟුල්මල්මි”යි ශබ්ද කරන්නා හා ආවුධ පෙරළන්නට එකෙක්දු නැති. හැම දෙනා කොටා මරයි. ඇත්හු -වල්- ඇත් වෙති. අස්හු-වල්-අස් වෙති. -අඟුල්මල් දමන.
එකල්හි අඟුල්මල් සොර බුදුන්ගෙ දේශනා අසා “දෙව් මිනිසුන් විසින් පුදන ලද බුදු රජ බොහො කල් ගිය කලැ මට වැඩ සඳහා මේ මහ, ‘වලට’ වැඩීයැ. මෙ තැන්පටන් ගෙනා පව් නොකෙරෙමි” අඟුල්මල් දමන.
වල් අලියා පමණක් වන කරන්නේ නම් -වන – කළ යුතු තවත් බොහෝ දේ ඇත.
ඒවා මෙසේය.
වල් බල්ලා, වල් බළලා, වල් ඌරා, වල් හරකා, වල් අශ්වයා, යන සතුන්ද, වල්අම්බලම වැනි ස්ථානද, වල් දෙල්, වල් බෙලි, වල් කොහොඹ, වල් බිංතඹුරු, වල් කොත්තමල්ලි, වල් ලූනු, ඈ වෘක්‍ෂද මෙසේම ශුද්ධ පවිත්‍ර කළ යුතු බව “භාෂා භක්‍ෂකයන්” දත යුත්තේමය.
අනිත් යෙදුම “මගින්” යන්නය. මගින් යන්නෙහි අරුත ලවා හෙවත් කෙනකු මාර්ගයෙන් යන්නය. වැඩි දෙනකු ලියන්නේත් කියන්නනේත් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවයි. එසේ නම් සැකකරුවකු පොලිසිය ලවා (පොලිසිය මාර්ගයෙන් අත්අඩංගුවට ගනු ලබන්නේ කවරකුද? කාගේ වුවමනාවකටද?
අනිත් යෙදුම “සිදු කිරීම”ය. ලේ දන්දීම සිදු කරයි යන්න ද පොලිසිය මගින් අත්අඩං ගුවන්නා සේ අව්‍යක්ත යෙදුමකි. ලේ දන් දෙති. උත්සවය සිදු කරයි. උත්සවය පැවැත්වේ හෝ පවත්වති හෝ ව්‍යක්තය.
දිවයින සහ ලක්බිම යන පුවත්පත්වල ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන් සේවය කළ සිරිමල් ෆොන්සේකා මහතා ළඟට දිනක් මාධ්‍යවේදියකු ගෙනා ප්‍රවෘත්තියක උත්සවය සිදුකරනු ලැබේ යැයි ලියා තිබිණි. මාධ්‍යවේදියා ළඟදී විවාපත් අයෙකි. සිරිමල් මහතා හය්යෙන් ඔහුට අඬගැසුවේය.
“මෙහෙවර” ඒ සිරිමල් මහත්තයාගේ ගේ ළෙන්ගතු කතා විලාශයය.
“ඈ යකෝ, උඹ කසාද බැඳපු දවසෙ අහවල් එක (වචනය සිතා ගනිත්වා) සිදු කළාද? නැත්නම් කළාද?” කර්තෘ මණ්ඩලය දෙවනත් වෙන්නට ඇසුවේය.
මාධ්‍යවේදියා ඉන්පසු කිසි දිනෙක ඒ වරද කළේ නැත.

වසවර්ති මාර

SendShareShare
Previous Post

CCDය කුඩුවලට ගෑවුණු හැටි එළියට එයි (CID SPECIAL)

Next Post

ආණ්ඩුවේ මිලින්ද ප්‍රශ්නය (රාජ්‍ය රහස්)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.