• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

CCDය කුඩුවලට ගෑවුණු හැටි එළියට එයි (CID SPECIAL)

September 8, 2020
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
CCDය කුඩුවලට ගෑවුණු හැටි එළියට එයි (CID SPECIAL)
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලය පුරාම ක්‍රියාත්මක වූ මත්කුඩු ජාවාරම් සහ පාතාලයට එරෙහි මෙහෙයුම් නොකඩවාම ඉතා සාර්ථක අන්දමින් මේ වන විටත් ක්‍රියාත්මක වන්නේය. මෙහි ඇති විශේෂම කාරණය වන්නේ මෙම මත්කුඩු හා පාතාල ක්‍රියාකාරම්වලට අදාළ විමර්ශනවලදී වැඩි වශයෙන් ආරක්ෂක අංශවලට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට පත්වීමය. ඒ අනුව පසුගිය කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ගණනාවක්ම අත්අඩංගුවට පත්වූයේ මත්කුඩු ජාවාරම්කරුවන් හා එකතුව මත්කුඩු බෙදාහැරීම හා ඒවාට සහයෝගය දීම යන කාරණා සඳහා චෝදනා ලබමින්ය. මෙසේ ආරක්ෂක අංශවලට අදාළ නිලධාරීන් විශාල වශයෙන් අත්අඩංගුවට පත්වීමත් සමග බොහෝ දෙනා සිතුවේ පාතාලය හා මත්කුඩු ජාවාරම් සම්බන්ධ ක්‍රියාකාරකම් අවසන් වේ යැයි සිතාය. නමුත් මත්කුඩු ජාවාරම්කරුවන් හා ආරක්ෂක අංශ නිලධාරීන් අතර ඇති සම්බන්ධය කෙතරම් දුරදිග ගොස් ඇතිද යන්න තහවුරු කරමින් පසුගියදා අත්අඩංගුවට පත්වන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකි. ඒ මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට චෝදනා මතය. එම නිලධාරියා පිළිබඳ තොරතුරු හෙළිවන්නේ මීගහවත්ත පොලිසිය සිදුකළ වැටලීමකදී මත්කුඩු ග්‍රෑම් 12ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමකදීය. එම ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත මීගහවත්ත පොලිසියේ සෝදිසියට ලක්වන්නේ සපුගස්කන්ද ප්‍රදේශයේ නිවෙසක පවත්වාගෙන ගිය වඩුමඩුවක්ය. එහිදී රුපියල් කෝටි 23කට අධික වටිනාකමින් යුත් මත්කුඩු කිලෝ 23ක් සොයා ගැනීමට හැකිවන්නේ එම වඩුමඩුවේ බෆල් දෙකක් තුළ ඉතා සූක්ෂම අයුරින් ඒවා සඟවා තිබියදීය. ඒ පිළිබඳව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වන්නේ මෙම වඩුමඩුවේ හිමිකරු කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකුගේ සහෝදරයෙක් බවය. වඩුමඩුවේ හිමිකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වන්නේ තම සොහොයුරා එම මත්කුඩු මීට මාසයකට පමණ පෙර එහි සඟවා තැබූ බවත්, ඉන් පසුව වරින් වර අවස්ථා කිහිපයකදී එයින් යම් යම් ප්‍රමාණ රැගෙන ගිය බවත්ය.

කුඩු ආවේ ඉන්දියාවෙන්

ඒ අනුව පොලිසියේ නිගමනය වන්නේ මෙහි මත්කුඩු කිලෝ 50කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති බවක්ය. මේත් සමඟම මීට පෙර අත්අඩංගුවට ගන්නා ලද මත්කඩු තොගයක් හා මෙම මත්කුඩු තොගය අතර ඇති යම් සබඳතාවක් පිළිබඳ තොරතුරුද අනාවරණය වන්නේය. ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් රටින් පලායෑමට උත්සාහ කළ පාතාල අපරාධකරුවන් සිවුදෙනකු මීට සති දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගැනිමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සොයාගත් මත්කුඩු සම්බන්ධයෙන්ය. පාතාල නායක අංගොඩ ලොක්කාගේ සමීපතමයකු සේ සලකන පුද්ගලයකු සතුව තිබී එම මත්කුඩු කිලෝ 42ක ප්‍රමාණය සොයාගත්තේ අඹතලේ ප්‍රදේශයේ යම් ස්ථානයක සඟවා තිබියදීය. එහිදී දැකගන්නට ලැබුණු එක් සුවිශේෂී කරුණක් වුයේ එම මත්කුඩු ඇසුරුම්වල තබා තිබූ එක්තරා ඉන්දියානු නිල මුද්‍රාවකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම නිලමුද්‍රාවම සපුගස්කන්ද වඩුමඩුවක් තුළ සොයාගත් මත්කුඩු කිලෝ 23ක ඇසුරුම්වලත් දක්නට ලැබීමය. ඒ අනුව පෙනී යන්නේ මෙම මත්කුඩු ජාවාරම එකම තැනකින් මෙහෙයවා විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කර ඇති ආකාරයකි. මේ පිළිබඳව නිශ්චිත තොරතුරු රාශියක් සොයා ගැනීමේ මඟ ඇහිරී යන්නේ වඩුමඩුවේ හිමිකරු අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුගේ සොහොයුරා වන පොලිස් කොස්තාපල්වරයාගේ අතුරුදන් වීම නිසාය.
මෙම පොලිස් කොස්තාපල්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත දූෂණ මර්දන ඒකකයේ සේවය කර ඇත්තේ වසර 10ක පමණ කාලයක සිටය. පසුගිය කාලය පුරා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් බොහෝමයක් සිදුකර ඇත්තේද මෙම නිලධාරියා විසින්ය. මෙම නිලධාරියා මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ බවට නොයෙක් ආකාරයේ කටකතා පැතිර ගියද ඒ පිළිබඳව වැඩිදුර සොයා බැලීම් කරන්නට කොළඹ අපරාධ කොට්ඨාසයේ උනන්දු වී නැත්තේ මොහුගේ මත්කුඩු වැටලීම් සම්බන්ධයෙන් තිබූ සාර්ථකත්වය නිසාය. ඒ අනුව දැන් බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ වී ඇති කාරණාව වන්නේ මොහුට අමතරව තවත් නිලධාරීන් පිරිසක් මේ පසුපස ඇති බවත්, ඔවුන්ගේ අනුදැනුම මත මෙම නිලධාරියා සැඟවී ඇති බවත්ය. ඒ අනුව තොරතුරු වාර්තා වන්නේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි මෙම නිලධාරියා සොයා ගැනීම සඳහා මේ වන විට බුද්ධි අංශ විසින් දැඩි උත්සාහයක යෙදෙන බවත්, නුදුරේදීම මොහුගේ ඡායාරූපයක් පවා මාධ්‍යයට නිකුත් කර තොරතුරු ලබාගැනීමේ සූදානමක් පවතින බවත්ය.

කුඩු අඩුවෙයි: මිල වැඩිවෙයි

මේ අතර පසුගිය වකවානුවේ දිගින් දිගටම සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන් යම් යම් ප්‍රදේශවල දැඩි මත්ද්‍රව්‍ය හිඟයක් පවතිද්දී ඇතැම් ප්‍රදේශවල කිසිදු හිඟයකින් තොරව මත්ද්‍රව්‍ය සංසරණය වන තත්ත්වයක්ය. ඒ අනුව මත්ද්‍රව්‍ය හිඟයක් පවතින බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල කලින් රුපියල් 300ත් 400ත් අතර මිලකට අලෙවි වූ මත්ද්‍රව්‍ය පැකට්ටුවක මිල මේ වන විට දක්නට ලැබෙන්නේ රුපියල් 2500ත්, 3000ත් වැනි ඉතා අධික මිලකට ඉහළ ගොස් ඇති බවක්ය. නමුත් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ලද තොරතුරුවලින් වාර්තා වන්නේ ඇතැම් ප්‍රදේශවල මත්ද්‍රව්‍ය හිඟයක් පැවතියද අත්අඩංගුවට නොගත් තවත් මත්ද්‍රව්‍ය විශාල වශයෙන් සඟවාගෙන ඇති පුද්ගලයන් සතුව පවතින බවත්ය. ඊට අමතරව මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරුවලින් කියැවෙන්නේ කොපමණ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුවුවද පාකිස්තාන, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය වැනි රටවල සිට මෙරටට පැමිණෙන මත්කුඩුවල අඩුවක් දක්නට නොලැබෙන බවය. ඒ අනුව නාවික හමුදාව විසින් මත්කුඩු රට තුළට ඒම සම්බන්ධයෙන් මේ වන විට දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කිලෝ 1000ත් 15000ත් අතර මත්කුඩු ප්‍රමාණයක් ප්‍රවාහනය කළ කුඩා නෞකාවක් පවා නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි දැඩි විශ්වාසයක් මේ වන විට පවතින බව බුද්ධි අංශ වාර්තා කර ඇත.

ඉන්ද්‍රාත් ඉවරයි

ආරක්ෂක අංශ විසින් මේ දිනවල ක්‍රියාත්මක වන මත්කුඩු හා පාතාලය මැඩලීමේ දැඩි මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස පාතාල අපරාධකරුවන් රැසක්ද අත්අඩංගුවට පත්වී හමාරය. එහි ආසන්නම සිදුවීම වන්නේ නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ‘ඉන්ද්‍රා නමැති පාතාල අපරාධකරු පිළිබඳ සිදුවීමය.
බන්ධනාගාර බස් රථයක් තුළ ඝාතනයට ලක්වූ සමයංගේ ප්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා පසුගිය 27 වනදා නවගමුව පොලීසියේ අත්අඩංගුවට පත්වන්නේ කැළණි ගඟට පැන පලා යාමට උත්සාහ කළ අතරතුරදීය. එහිදී නවගමුව පොලිසිය ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම් කරන්නේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් සොයාගැනීමත් සමඟය. එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ගේ සඟවා ඇති අවි ආයුධ සහ ගෝලයන් තමන්ට පෙන්විය හැකි බවක්ය. ඒ අනුව එම ස්ථාන පෙන්වීම සඳහා ඉන්ද්‍රාව පොලිස් නිලධාරීන් පිරිසක් රැගෙන යන්නේ රනාල ඇඹුලගම ප්‍රදේශයටය. එහිදී ඔහු පවසා ඇත්තේ එම ප්‍රදේශයේ අයුධ නොමැති බවත්, රනාල යශෝධරා මාවතේ තමන්ගේ ආයුධ ඇති බවත්ය. එම ස්ථානයෙන්ද ආයුධ සොයාගැනීමට නොහැකි වූ විට ඉන්ද්‍රා කියා ඇත්තේ රනාල ඇඹුළගම ප්‍රදේශයේ ආයුධ ඇති බවක්ය. එහිදී ඇඹුලගම ප්‍රදේශයේ කැළෑබද ස්ථානයක පිහිටි හිස් වතුර ටැංකියක සඟවා තිබියදී සොයාගන්නේ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ 05 ක්, මැගසින් එකක්, ෂොට්ගන් එකක්, අත්බෝම්බයක් හා රම්බෝ පිහියක් ඇතුළු ආයුධ තොගයකි.
පොලිසිය පවසන්නේ එහි සිට පැමිණෙන අතරතුරදී හයිලෙවල් මාර්ගයේ සුදුවිල හංදියේදී එකවරම ආසනයෙන් නැගිටි ඉන්ද්‍රා “තොපිත් එක්කම මරාගෙන මැරෙනවා” යැයි පවසමින් ජීප් රථයේ රියදුරුගේ ගෙල සිරකිරීමට උත්සාහ කර ඇති බවක්ය. එහිදී ජීප් රථයේ පසුපස ආසනයක සිටි පොලිස් නිලධාරියෙකුට සිදුවන්නේ ඉන්ද්‍රාට වෙඩි තැබීමටය. ඒ සමගම අසළ පිහිටි උණපඳුරක ජීප් රථය ගැටී නැවතී ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් හිසට බරපතළ තුවාල සිදු වූ ඉන්ද්‍රා මියයන්නේ නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය.
පොලිසිය හා මාධ්‍ය දිගින් දිගටම වාර්තා කළේ මෙම පුද්ගලයා සමයං පාතාල නායකයාගේ ගෝලයකු බවත්, ඔහුගේ ක්‍රියාකාරකම් එම ප්‍රදේශවල ක්‍රියාත්මක කළේ මෙම පුද්ගලයා හරහා බවත්ය. නමුත් ඔහු පිළිබඳ ලැබී ඇති තොරතුරුවලින් හෙළිවන්නේ ‘ඉන්ද්‍රා’ නමැත්තා කාලයක් සමයං නමැත්තාගේ ප්‍රබල සාමාජිකයකු ලෙස සිට ඇති නමුත් සමයංගේ ඝාතනය වීමත් සමඟ හංවැල්ල ප්‍රදේශයේ තමන්ගේම පාතාල අධිරාජ්‍යයක් ගොඩනඟාගෙන ක්‍රියාකල පුද්ගලයෙක් බවත්ය. ඉන්ද්‍රා කප්පම් ගැනීම්, මත්කුඩු ජාවාරම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම් හංවැල්ල ප්‍රදේශය පුරා මෙහෙයවන්නේ හංවැල්ල ප්‍රදේශයේ පාතාල අධිරාජ්‍ය ගොඩනඟාගෙන සිටි සමයංගේ ඝාතනයේ වාසිය තමන් වෙත නතුකර ගනිමින්ය. මෙසේ හංවැල්ල ප්‍රදේශයේ අණසක පතුරුවා සිටි ඉන්ද්‍රා නමැත්තාගේ ප්‍රධාන එදිරිවාදියා වී ඇත්තේ සමයං නමැත්තාගේම සමීපතමයෙක් වශයෙන් ක්‍රියාකළ ඌරුජුවා නමින් හැඳින්වෙන පුද්ගලයාගේ පාර්ශ්වයෙන්ය. පසුගිය කාලයේ ඉන්ද්‍රා නමැත්තාගෙන් දරුණු ගණයේ අපරාධ වාර්තා නොවූවත් ඔහුගේ ප්‍රධානම ජාවාරම වී ඇත්තේ කප්පම් ගැනීම්ය. ඉන්ද්‍රා නවගමුව පොලිසියට හසුවන්නේ ඌරුජුවාගේ කණ්ඩායමේ දැඩි වෙඩි ප්‍රහාර කිහිපයක් හමුවේ ජීවිතය බේරාගෙන ඉතා ආරක්ෂාකාරී ලෙස තම ක්‍රියාකාරකම් හංවැල්ල ප්‍රදේශයේ සිදුකරමින් සිටියදීය.

එස්.එෆ්. ලොක්කා තවමත් අභිරහසක්

පසුගිය කාලයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් තවත් කාරණයක් වූයේ එස්.එෆ්. ලොක්කාගේ ඝාතනයය. ඒ පිළිබඳව දැනගන්නට ඇති නවතම තොරතුරුවලින් කියැවෙන්නේ අනුරාධපුර පොලිසිය විසින් සිදුකරගෙන යන එම විමර්ශනවල යම් පසුබෑමක් මේ වන විට දක්නට ලැබෙන බවක්ය. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ එම ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සැක මතුකළ සියලු පාර්ශවයන්ගෙන් කිසිදු තොරතුරක් ඒ පිළිබඳව වාර්තා නොවීමත්, ඔවුන්ගේ අවධානය වෙනත් කරුණු සඳහා යොමුවීමත්ය. ඒ අනුව පෙනී යන්නේ එස්.එෆ්. ලොක්කාගේ ඝාතනයත් කාලයත් සමඟ නොවිසඳුණු අභිරහස් ඝාතනයක් බවට පත්වීමට බොහෝ ඉඩකඩ ඇති බවක්ය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

රනිල් දැන්ම යන්නේ නෑ: නීති ලේකම් කියයි

Next Post

මාරයාගේ ගොඩහොද්ද

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.