අගවිනිසුරුවරයාගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වසර 2කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතිකාවක් මතුව පවතිද්දී ලබන 18 වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ මහා සභා රැස්වීම දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති බවක් දැකගන්නට තිබේ. Sri Lanka Latest News
ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ සාමාජිකයන් ලෙස අධිකරණ නිලධාරීන්ට මෙන්ම දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ අනෙකුත් විනිසුරුවරුන් ඇතුළත්ව සිටීම නිසාය.
මේ වනවිටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ආණ්ඩුවේ මෙම උත්සාහයට එරෙහිව සිය විරෝධය පළකොට ඇති පසුබිමක ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දරන මතය කුමක්ද යන්න මෙම මහා සභා රැස්වීමේදී ප්‍රකාශයට පත්කරනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.










