වැසියෝ කියති අයියෝ අපට කෙළවුණා…
සිදුවන අමුතු දේවල් මහ ගෙය පැත්තේ
එළියට ගලා එනු නොපෙනෙද ඇයි නැත්තේ
නැග එන විරුදු මතයට එහි තැන නැත්තේ
රට යන අත බලව් තද සැකයකි ඇත්තේ Sri Lanka Latest News
නිල රථ මොටද බස් තිබුණම ඇති පාරේ
කතිරය දෙතොත් රට හදනව එන වාරේ
කළ කී කතා සිහිවී අද හද පෑරේ
මෙයටය කියන්නේ ආරේ ගුණ නෑරේ
කී විට එහෙම රට සහ වැසියො පිබිදුණා
ලැබෙනව හොඳ හෙටක් යැයි සැවොම ඉපිලුණා
දැනෙනා දෙයක් නැත දෙවසකුත් ළංවුණා
වැසියෝ කියති අයියෝ අපට කෙළවුණා
කතිරයෙ බලය දෙන්නේ හැදුමටය රට
ජනයා දෙනෙත් දල්වා ඇත සතර වට
වැඩ නොකෙරුවොත් පවතින සම්මතයට
ගෙදරම යන්න සූදානම් වෙමුද හෙට
හඬ දෙන විපක්ෂයෙ කටවල් වහන්නට
විරුදුව නැගෙන හඬ නිහඬව තබන්නට
ගැසුවට කොතෙක් වෙර දර දර දහන්ගැට
තෙල් නැතිදාට නිවෙනව ඔය පහන් වැට










