• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

July 11, 2026
in Exclusive
Reading Time: 10 mins read
A A
රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ස්වභාවධර්මයත් එක්ක ගනුදෙනු කරන මිනිස්සු ඒ හා බැඳෙන්න තමන්ටම ආවේණික ක්‍රම හොයා ගන්නවා. ඒවා විවිධාකාරයි. එකිනෙකට වෙනස්. සමහර ඒවා අද්භූතයි, ගුප්තයි, අභියෝගාත්මකයි. ඒ මොන ක්‍රමයක් වුණත් ඒවා ස්වභාවධර්මය එක්ක අනුගතයි. කඳු නැගීම කියන්නෙත් අන්න එහෙම දෙයක්. විදේශ රටවල නම් hiking කියලා කියනවා. අපේ රටේ කඳු නැගීම එතරම් ප්‍රචලිත නොවුණත්, තනි පුද්ගලයන් වශයෙන්, ඒ කියන්නේ solo hikers හා කණ්ඩායම් වශයෙන් මෑත කාලයේදී යම්තාක් දුරකට කඳු නැගීම ප්‍රචලිත වෙමින් පවතිනවා. Solo hiker කෙනෙක් විදියට දශකයක පමණ කාලයක් මෙරට ගිරි මුදුන් තරණය කළ, ස්වභාවධර්මයට ළැදි තරුණයෙක් ‘කැලෑ කොලමේ’ මට ගිරිනුවර කඳු මුදුනේ ඉතිහාසයේ පුරාවෘත්ත රැසකට උරුමකම් කියන ගල්ලෙනක් තුළදී මුණගැහුණා. ඒ, අකලංක රණසිංහ සහෘදයා. අද අපි කැලෑ කොලමෙන් ලෑස්ති වෙන්නේ ඔහුගේ කඳු නැගීමේ කලාවේ රසබර තැන් දැනගැනීම සඳහායි. Sri Lanka Latest News

අද අපි ‘කැලෑ කොලම’ පටන් ගන්න යන්නේ අමුතුම කතන්දරයකින්. කෑලි කැපිය හැකි අඳුරක මහා කන්දක ගල් ගුහාවක් ඇතුළේ යන්තම් ගිනි මැලයක එළියකින් මුහුණ පේන ස්ථානයක සිට. ඒ ස්ථානය තමයි අම්පාර පොල්ලෙබැද්ද ග්‍රාමයේ තියෙන ඓතිහාසික පුරාවෘත්ත රැසකට උරුමකම් කියන නුවරගල කන්දේ ගල් ගුහාව. අපේ කතාවේ කතානායකයා අද ලංකාවේ ‘හයිකින්’ එහෙම නැත්නම් ‘සෝලෝ හයිකින්’ හෙවත් තනියෙන් කඳු නැගීම තමන්ගේ විනෝදාංශය කරගත් අකලංක රණසිංහ මල්ලි.

අකලංක මල්ලි මම ඉස්සෙල්ලාම ඔයාව ‘කැලෑ කොලම’ට ආයුබෝවන් කියලා පිළිගන්නවා. කියන්නකෝ ඔයාගේ මේ කඳු නැගීමේ කලාව කොහොමද ඉස්සෙල්ලාම පටන් ගත්තේ කියලා.

ඉස්සෙල්ලාම මම කඳු නගින්න පටන් ගත්තේ 2016 මාර්තු. මගේ පළමුවැනි හයික් එක විදියට මම යන්නේ නකල්ස්වල ගොම්බානියට. ඒ කියන්නේ නකල්ස්වල තියෙන උසම තැන. එතැනින් එහාට ‘යකුන්ගේ හෙළ’ කියලා තැනක් තියෙනවා. එතැනට තමයි ඇත්තටම මම යන්නේ සෝලෝ නෙමෙයි, මගේ යාළුවෝ සහ තව හත්අට දෙනෙක් එක්ක යන්නේ. මම හයිකින් පටන් ගත්තේ එතැනින්.

ලංකාවේ තාම හයිකින් කියන එක විනෝදාංශයක් හැටියට කෙරෙනවා මිසක් වෘත්තීය මට්ටමෙන් ඒක කෙරෙනවා අඩුයි. හැබැයි දැන් මෑත කාලයේදී අපි දැකලා තියෙන දෙයක් තමයි විශේෂයෙන්ම තරුණ තරුණියෝ තනියෙන් හයික් කරන්න යන එක. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
තරුණ තරුණියෝ ඇත්තටම ස්වභාවධර්මයට මෙහෙම එකතු වෙන එක හොඳයි. ප්‍රොෆෙෂනල් ලෙවල් එකේ වේවා, විනෝදාංශයක් විදියට හෝ වේවා ස්වභාවධර්මයත් එක්ක එකතු වෙන එක ඇත්තටම හොඳයි. ඒකේ කිසිම වරදක් නැහැ. හැබැයි මේ දේවල් ඒ විදියටම පරිස්සම් කරලා, රැකබලාගෙන ඒ දේවල් අනාගත පරපුරටත් ඉතුරු කරලා තමන්ගේ කටයුත්ත කරන එක තමයි හොඳම දේ.

අපි හයික් එකක් කරන කොට දැනගත යුතු මූලික දේවල් තියෙනවා. ඒ වගේ දේවල් ගැන ඔබේ අත්දැකීම් අනුව මොකක්ද කියන්න තියෙන්නේ?
අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අපි හයික් එකක් යනවා නම් ඒකට පෙර සූදානමක් තියෙන්නම ඕනේ. ඒ කියන්නේ අපි නුවරගලම ගමුකෝ. අපි නුවරගල තැනට එනවා නම් අපි ඉස්සෙල්ලාම ඒ ගැන හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ. මොකද නුවරගල කියන්නේ අලි, කොටි, වලස්සුන්ගෙන් පිරිච්ච මහා කැලෑවක්. එතකොට ඒ වගේ කැලේකට එද්දී විශේෂයෙන් කොටි වලස්සු හම්බ වුණේ නැතත් අලි අනිවාර්යයෙන්ම අපිට හම්බ වෙනවා. අලි ගැන විශේෂ දැනුමක් තියෙන්න ඕනේ නැහැ, හැබැයි අපි ආරක්ෂා වෙන්න අවශ්‍ය හැමදේම දැනගෙන ඉන්න ඕනේ. ඊට අමතරව අපි කොහේ ගියත් අපිට අවශ්‍ය බෙහෙත්, වතුර, ආහාර ඇතුළු සියලු දේ සහිත බැක් පැක් එක අපිට උස්සගෙන යන්න පුළුවන් විදියට ඒක සකස් කරගන්න ඕනේ. ඒකෙදි අපිට අත්‍යාවශ්‍යම බඩු ටික විතරක් අරගෙන, අනිත් දේවල් ගොඩාක් දුරට අඩු කරලා, අපිට කන්ද උඩකදී, කෑම්පින් එකකදී ඕනෙම දේවල් ටික විතරක් අරන් යන්න අපි වගබලා ගන්න ඕනේ. ඊට අමතරව හයික් එකකදී තමන්ගේ ෆිට්නස් ගැන, තමන්ට ලෙඩ තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි යන්නේ කැලෑවක. තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න පුළුවන් නම්, ඒකට ආත්ම ශක්තියක් තියෙනවා නම් හයික් එකක් ගියාට කමක් නැහැ.

මම අහලා තියෙනවා සමහර හයිකින් යන කණ්ඩායම් නිසා ඇතැම් හයිකින් ගමනාන්ත මේ වෙනකොට තහනම් වෙලා තියෙනවා. ඒක හොඳ පූර්වාදර්ශයක් නෙමෙයි ඉස්සරහට හයිකින් යන්න බලාපොරොත්තු වෙන අයට. අත්දැකීම් තියෙන පරිණත හයිකර් කෙනෙක් හැටියට ඔබට ඒ ගැන මොකක්ද කියන්න පුළුවන්?

ඇත්තටම දැන් ලංකාවේ අපේ භාෂාවෙන් කිව්වොත් ‘රැල්ලට යනවා’ කියලා දෙයක් තියෙනවා. එක තැනක් කොහෙන් හරි වයිරල් ගියොත් අපි ඒ තැනට යන්න පුරුදු වෙලා ඉන්නවා. ඊට පස්සේ ලොකු අය හෝ වේවා පොඩි අය හෝ වේවා එතැනට ගිහිල්ලා කාලා බීලා විනෝද වෙනවා. ඒක නෙමෙයි ඇත්තටම ප්‍රශ්නය. අපි එතැනට ගෙනියන දේවල් ආපහු ගේන්න දැනගන්න ඕනේ. අපි කවුරුත් ඒ තැන විනාශ නොකර නැවත එන්න වගබලා ගන්නාතුරු ලංකාවේ තව ගොඩක් තැන් ඔය විදියටම තහනම් වෙයි මගේ මතය විදියට මේ යන විදියට ගියොත්. මම යන කිසිම තැනකදි මම නම් ටොෆි කොළයක්වත් දාලා එන්නේ නැහැ. ඒ ටික අපි අනිවාර්යයෙන් නැවත අරන් එනවා. නමුත් දැන් ඉන්න හයිකින් කරන බොහෝ අය තමන් රැගෙන යන ගොඩක් දේවල් දාලා එනවා. ප්ලාස්ටික් බෝතල්, බියර් ටින් ඒ හැමදේම. ඒක නොවෙන්න වගබලා ගත්තේ නැත්නම් නුදුරේදීම අපිට ලංකාවේ ලස්සන තැන්, සුන්දර තැන් ගොඩක් මගහැරෙන්න ඉඩ තියෙනවා.

සංචාරක කර්මාන්තය දියුණු කරන්න මේ ලංකාවේ තියෙන මේ hiking destination එහෙම නැත්නම් කඳුකර ගමනාන්ත තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය හෝ පුද්ගලික අනුග්‍රහය ඇතිව දියුණු කරන්න ඕනේ කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම. රාජ්‍ය අනුග්‍රහයක් එක්කම මේක දියුණු වෙන්න ඕනේ. මේ තැන් තහනම් කරන එක නෙමෙයි වෙන්න ඕනේ. හරි පරිපාලනයක් එක්ක ඒවාට යනවා නම්, ඒ විදියට ගිහිල්ලා ආපහු එන්නේ කොහොමද, ඒවා ආරක්ෂා කරන්නේ කොහොමද කියලා එයාලට මොකක් හරි මාර්ගෝපදේශයක් දෙන්න ඕනේ. උදාහරණයක් විදියට මේ මේ දේවල් ගෙනියන්න බැහැ, අරන් ගියොත් ඒ දේවල් නැවත ගේන්න ඕනේ වගේ. අන්න ඒ වගේ දෙයක් රාජ්‍ය අනුග්‍රහයක් හෝ පෞද්ගලික ආයතනයක් හරහා හෝ සිදුවිය යුතුයි. ඒ වගේම එය නීතියක් බවට පත්කරලා ඒ නීති කඩකරන අයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමත් අත්‍යාවශ්‍යයි.

ස්වභාවධර්මයේ අපූර්ව අත්දැකීම් ඇස් පනාපිට අද නුවරගල කඳු මුදුනේ ඉඳන් දකින ඔබට හයිකර් කෙනෙක් හැටියට අනාගත පරපුරට දෙන්න තියෙන උපදේශය මොකක්ද?

මම කියන්නේ නංගි මල්ලි… ඔයාලා හයික් එකක් කරනවා නම් හෝ ගමනක් යනවා නම්, විනෝද චාරිකාවක් යනවා නම් ඒ තැන් විනාශ කරන්නේ නැතුව, ඒ තැන් අනාගත පරපුර වෙනවුවෙන් රැකබලා ගන්න. එයාලටත් එයාලගේ ඇස්වලින් ඒ සුන්දරත්වය හරියට බලාගන්න දීලා එය ආරක්ෂා කරගන්න කටයුතු කරන්න කියන එක තමා මට කියන්න තියෙන්නේ. රැගෙන යන හැමදේම නැවත අරගෙන එන්න. ටොෆි කොළයක්වත් දාලා එන්න එපා. මොකද ස්වභාවධර්මය රැකුණොත් අපි අනිවාර්යයෙන්ම රැකෙයි. ස්වභාවධර්මය කියන්නේ මේ ලෝකේ තියෙන පළමුවැනිම දේ. ඒක රැකුණොත් තමයි අපි රැකෙන්නේ. ඒ හින්දා ඒක ආරක්ෂා කරන්න. තමන්ගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන ගමන් ස්වභාවධර්මයත් ආරක්ෂා කරගන්න. කිසිම දෙයක් විනාශ නොකර අනාගත පරපුරටත් ඒක රකින්න කියලා තමා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.

බොහොම ස්තුතියි අකලංක මල්ලි. දැන් හුඟාක් රෑ බෝවෙලා. අපිට නිදාගන්නත් කාලය ඇවිල්ලා තියෙන්නේ. හෙට උදේ අපි ඉර පායන දර්ශනය බලන්නත් තිබෙනවා. ඉතින් අදට අපි ‘කැලෑ කොලමෙන්’ සමුගන්නවා. බොහොම ස්තුතියි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News

Next Post

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

MORE NEWS

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…!  Sri Lanka Latest News
Exclusive

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…! Sri Lanka Latest News

කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!
Exclusive

හිරගෙවල් ඇතුළේ මරාගත් ඉතිහාසයයි වර්තමානයයි මෙන්න…! විමර්ශනවලට බාධාවක් නොවන විදියට අපි වාර්තා කරනවා…! Sri Lanka Latest News

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Exclusive

‘අමරපුර’ උපසම්පදාවේදී ජනාධිපති කතා නොකළේ ඇයි? Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

18 වැනිදා විනිසුරු මහ සමුළුව තීරණාත්මකයි! Sri Lanka Latest News

Load More
‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…!  Sri Lanka Latest News
Exclusive

‘අමරේ මම මහින්ද… ඔය වැඩේ නවත්තපං…’! එහෙම කිව්වේ නැත්නම් මළා ජෝන් තමයි…! Sri Lanka Latest News

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ඝාතන පිළිබඳ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා එවකදී තංගල්ල බන්ධනාගාරයේ සිදුවූ සිදුවීමක්ද සිහිපත්...

Read more
කැරැල්ලක් මැඩපවත්වන්න වෙඩි තැබූ බවක් පේන්නේ නෑ! මහර බන්ධනාගාරයේ රැඳවූවන් 11ක් වෙඩි තබා මරා දැමීම අපරාධයක්! වහාම බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගන්න! අධිකරණය CIDයට නියෝග කරයි!

හිරගෙවල් ඇතුළේ මරාගත් ඉතිහාසයයි වර්තමානයයි මෙන්න…! විමර්ශනවලට බාධාවක් නොවන විදියට අපි වාර්තා කරනවා…! Sri Lanka Latest News

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.