බස් මාර්ග අංක 170, 177 සහ 190 ආවරණය වන බස් රථ කොරිඩෝවන්හි ක්ෂේත්‍ර පොකුරුකරණයට අදාළ නියමු වැඩසටහනක් අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමටත්, එහි ප්‍රතිඵල මත එම වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබෙනවා.Sri Lanka Latest News
මෙරට දෛනික මගී ප්‍රවාහන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වන ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍යය බස් රථ ප්‍රවාහනය වන අතර, එකී සේවාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ස්වාධීන පෞද්ගලික බස් රථ ක්‍රියාකරුවන් විශාල සංඛ්‍යාවක් විසින් ක්‍රියාත්මකයි.
පොදු මගී ප්‍රවාහන සේවා සැපයීමේදී කලක් තිස්සේ ක්‍රියාත්මක වන එම මෙහෙයුම් ක්‍රමවේදය හේතුවෙන් අධික තරගකාරිත්වය, නියමිත කාලසටහන් පිළිපැදීමේ දුර්වලතාව, මාර්ගවල අධික බස් රථ ප්‍රමාණයක් ක්‍රියාත්මක වීම, බස් රථ ධාවනයේ අනාරක්ෂිත හැසිරීම්, මගීන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා, රථ වාහන තදබදය, සේවා අසමතුලිතතාවය සහ සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිත කිරීම වැනි ගැටලු රැසක් පැන නැගී තිබෙනවා.
එවැනි ගැටලු සඳහා සාර්ථක විසඳුමක් වශයෙන් ලෝකයේ බොහෝ රටවල ‘බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණය’ (Bus Sector Clustering) හඳුන්වා දී එකම ප්‍රවාහන කොරිඩෝවක හෝ භූගෝලීය ප්‍රදේශයක ක්‍රියාත්මක වන බස් රථ සේවාවන් ඒකාබද්ධ කළමනාකරණයක් යටතේ ක්‍රියාත්මක කළා.
මෙහිදී එකිනෙකට සම්බන්ධ මාර්ගවල ධාවනය වන බස් රථ සේවාවන් තනි තනි මෙහෙයුම් ඒකක ලෙස නොව, ඒකාබද්ධ හා සම්බන්ධීකරණය කරන ලද සේවා පොකුරක් ලෙස කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් වන බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණය ශ්‍රී ලංකාවට ද හඳුන්වා දීම මඟින් ඵලදායි මගී ප්‍රවාහන සේවාවක් සැලසීමට මෙන්ම, වර්තමානයේ බස් රථ ක්ෂේත්‍රය තුළ පවතින බොහෝ මෙහෙයුම් හා සාමාජීය ගැටලු අවම කර ගැනීමට හැකියාවක් පවතින බව හඳුනා ගෙන තිබෙනවා.
ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක විසින් ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී තිබෙනවා.









