• About us
  • Contact us
Wednesday, July 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර 2027 අයවැයට ලෑස්ති වෙයි! දුප්පත්කම නැති කරන්න ලොකු වැඩපිළිවෙළක් සකස් කරන්නත් යයි! I Sri Lanka Latest News

July 8, 2026
in Exclusive
Reading Time: 10 mins read
A A
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ග්‍රාමීය සංවර්ධන,  සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 වසරේ අයවැය යෝජනා පිළිබඳ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (07) පස්වරුවේ පැවැත්විණි.Sri Lanka Latest News

සමාජ සුබසාධන ක්‍රමවේදයන් යටතේ ප්‍රතිලාභ ලබන සෑම පවුල් ඒකකයක්ම සැබෑ ලෙසම සවිබල ගැන්වෙන්නේද යන්න මැනිය හැකි විධිමත් මිණුම් ක්‍රමවේදයක් සකස් කර ගනිමින්, ඒ මත පදනම්ව ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී  ප්‍රකාශ කළේය.

ඒ අනුව විවිධ ආයතන මගින් විසිරි පවතින ප්‍රතිපාදන ඒකාබද්ධ කර, නිෂ්චිතව හඳුනාගත් පවුල් ඒකක ඉලක්ක කරගනිමින් දුගී බව තුරන් කිරීමේ විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී ප්‍රජා සංවර්ධනය අරමුණු කර ගත් ප්‍රජා ශක්ති වැඩසටහන සහ අනෙකුත් ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රාදේශීය සභා මට්ටමින් ව්‍යාපෘති සඳහා බෙදී ගොස් ඇති ආකාරය සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.

එසේම ප්‍රජා සංවර්ධනය වෙනුවෙන්  අපනයන විභවතාව සහිත ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා හඳුනාගත් ව්‍යාපෘති  වෙනුවෙන් අමාත්‍යාංශය මඟින් යෝජිත ණය සහ ආධාර ලබා දීමේ වැඩපිළිවෙළ පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

තවද මෙම වසර තුළ අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ දෙකක් ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට යොමු කර ඔවුන් සහනාධාර මත යැපීමෙන් මුදවා ගැනීමට සැලසුම් කර ඇති බවත් මේ වන විට පවුල් 16,000ක් සඳහා මනෝ-සමාජීය සහ ආර්ථික සහාය ලබා දීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවත් මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය කෙරිණි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා අඩු ආදායම්ලාභීන් හුදෙක් සහනාධාර මතම රඳවා නොගෙන, අර්ධ කාලීන ශ්‍රම දායකත්වයන් සඳහා ඔවුන් යොමු කිරීම වැදගත් බවත්, ඒ වෙනුවෙන් වැවිලි ක්ෂේත්‍රය වැනි අංශයන්හි පවතින විභවතාව පිළිබඳවත් පෙන්වා දෙන ලදී.

එසේම කිසිදු ශ්‍රම දායකත්වයක් ලබා දිය නොහැකි ආබාධිත, වැඩිහිටි හෝ නිදන්ගත රෝගීන් සහිත පවුල් රජය විසින් පූර්ණ ලෙස රැක බලා ගන්නා අතර, ශ්‍රම ශක්තිය සහිත ඉතිරි පිරිස සහනාධාර ලබා ගන්නා අතරතුර රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඔවුන්ගෙන් ලබා ගත හැකි දායකත්වය පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

තවද එක් එක් අමාත්‍යාංශය වෙන් වෙන්ව මුදල් වැය කරනු වෙනුවට, පවුල් ඒකකයක අවශ්‍යතා නිවැරදිව හඳුනාගත් “පවුල් සංවර්ධන සැලැස්මක්” සකස් කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම  ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව වැනි විදේශ ආධාර සහ රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සවිබල ගැන්වීමේ කටයුතු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

රැකියාවේ නියුතු මව්වරුන්ට සහනයක් ලෙස සහ ආබාධ සහිත දරුවන් වෙනුවෙන් දැනට සැලසුම් කර ඇති දිවා සුරකුම් මධ්‍යස්ථාන 10ක මේ වසර තුළ අවසන් කිරීමටත් ඉදිරි වසර කිහිපය තුළ දිවයින පුරා මෙවැනි මධ්‍යස්ථාන 50 ක් ඉදිකිරීමේ ඉලක්කයක් කරා ගමන් කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසත්  ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම ආබාධිත පුද්ගලයන් සඳහා පොලිස් ස්ථාන, රෝහල් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි පොදු ස්ථානවල ප්‍රවේශ පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 283ක ව්‍යාපෘති ක්‍රියාත්මක බවද  ජාතික සමාජ සංවර්ධන ආයතනය  මගින් පවත්වාගෙන යනු ලබන දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය නවීන තාක්ෂණය ඔස්සේ වඩාත් ආකර්ෂණීය සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද  මෙහිදී අනාවරණය කෙරිණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය  උපාලි පන්නිලගේ, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් එම්.ඒ. එල්. එස්.එන්. කේ මන්ත්‍රීනායක යන මහත්වරු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය

2026-07-08

SendShareShare
Previous Post

බිමල් අලුත් වැඩක් ලංකාවට හදුන්වා දෙයි! ලොකු තරගයක් තියෙන 170-177-190 බස් සේවය පළමුවරට පොකුරුකරණය කරන්න යයි! කැබිනට් එකත් අත උස්සයි! I Sri Lanka Latest News

Next Post

මීගමුවෙන් අඟුණුකොළපැලැස්සටයි බූස්සටයි යවපු තවත් රැඳවියන් දෙදෙනකු මරුට!  I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණය ගැන විනිසුරුවන් ගැන තර්ජන ගැන චාමර සම්පත්ගෙන් පාර්ලිමේන්තුවේදී කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහර බන්ධනාගාරයේ වෙඩි තියපු වෙලාවේ එදා 17 වැනි පුටුවේ හිටපු හුරුබුහුටි මන්ත්‍රී අනුර කුමාර කියපු කතාවක් සහ ජුලම්පිටිය අමරේ ගැන අතීත කතාවක් කියමින් චාමර පාර්ලිමේන්තුව රස සාගරයක ගිල්වයි! ‘මචන් උඹලටත් වැරදුණා.. අපිටත් වැරදුණා.. ජුලම්පිටියේ අමරෙත් එක්ක හිටපු මහින්දව ජනාධිපති කළේ උඹලයි අපියි තමයි..! VIDEO I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

මීගමුවෙන් අඟුණුකොළපැලැස්සටයි බූස්සටයි යවපු තවත් රැඳවියන් දෙදෙනකු මරුට!  I Sri Lanka Latest News

නුවර ගිය අනුර මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීමත් පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බිමල් අලුත් වැඩක් ලංකාවට හදුන්වා දෙයි! ලොකු තරගයක් තියෙන 170-177-190 බස් සේවය පළමුවරට පොකුරුකරණය කරන්න යයි! කැබිනට් එකත් අත උස්සයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි ආණ්ඩුවක් කොහොමද ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ..? ආණ්ඩුව මහර-වැලිකඩ සිද්ධිවලින් පාඩම් ‌ඉගෙනගෙන නෑ! අධිකරණ ඇමතිට මේවා හොයන්න වෙලා නෑ! එයා හදන්නේ අධිකරණයට බලපෑම් කරන්න! විපක්ෂනායක සජිත්ගෙන් හර්ෂණ නානායක්කාරට ‘උගත් පාඩම්’ මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට විරෝධය පළ කොට මුළු විපක්ෂයම අද කළු පටි බඳී!  I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට විරෝධය පළ කොට මුළු විපක්ෂයම අද කළු පටි බඳී!  I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ ගාල්ල මහමෝදර වහලා දාපු රෝහල අලුත් හිරගෙදරක් කරයි! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන විනිසුරුවන් ගැන තර්ජන ගැන චාමර සම්පත්ගෙන් පාර්ලිමේන්තුවේදී කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහර බන්ධනාගාරයේ වෙඩි තියපු වෙලාවේ එදා 17 වැනි පුටුවේ හිටපු හුරුබුහුටි මන්ත්‍රී අනුර කුමාර කියපු කතාවක් සහ ජුලම්පිටිය අමරේ ගැන අතීත කතාවක් කියමින් චාමර පාර්ලිමේන්තුව රස සාගරයක ගිල්වයි! ‘මචන් උඹලටත් වැරදුණා.. අපිටත් වැරදුණා.. ජුලම්පිටියේ අමරෙත් එක්ක හිටපු මහින්දව ජනාධිපති කළේ උඹලයි අපියි තමයි..! VIDEO I Sri Lanka Latest News

ජුලම්පිටියේ අමරෛ් සම්බන්ධයෙන් ඉතිහාසාය මතක් කරමින් චාමර සම්පත් දසනායක මහතා ආණ්ඩුවට ප්‍රබල දේශපාලන ප්‍රහාරයක් එල්ල කළේ මෙසේය.Sri Lanka Latest News

Read more
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

මීගමුවෙන් අඟුණුකොළපැලැස්සටයි බූස්සටයි යවපු තවත් රැඳවියන් දෙදෙනකු මරුට!  I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර 2027 අයවැයට ලෑස්ති වෙයි! දුප්පත්කම නැති කරන්න ලොකු වැඩපිළිවෙළක් සකස් කරන්නත් යයි! I Sri Lanka Latest News

නුවර ගිය අනුර මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීමත් පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

බිමල් අලුත් වැඩක් ලංකාවට හදුන්වා දෙයි! ලොකු තරගයක් තියෙන 170-177-190 බස් සේවය පළමුවරට පොකුරුකරණය කරන්න යයි! කැබිනට් එකත් අත උස්සයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි ආණ්ඩුවක් කොහොමද ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ..? ආණ්ඩුව මහර-වැලිකඩ සිද්ධිවලින් පාඩම් ‌ඉගෙනගෙන නෑ! අධිකරණ ඇමතිට මේවා හොයන්න වෙලා නෑ! එයා හදන්නේ අධිකරණයට බලපෑම් කරන්න! විපක්ෂනායක සජිත්ගෙන් හර්ෂණ නානායක්කාරට ‘උගත් පාඩම්’ මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.