විවිධ වැරදිවලට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් මෑත කාලයේ සේවයෙන් නෙරපා ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ජාතික පුවත්පතකට පවසා තිබෙනවා.Sri Lanka Latest News
එම පිරිස අතර පාතාල සාමාජිකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් පිරිසක් සිටින බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
මේ අතර පාතාලයේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වා ඇති බවට තහවුරු වූ පොලිස් නිලධාරීන් හය දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාතමක බවද අමාත්‍යවරයා පවසා තිබෙනවා.
එමෙන්ම පාතාලය සහ විවිධ ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ පොලිස් නිලධාරීන් පිළිබඳව සෙවීම සඳහා බුද්ධි අංශ යොදවා තිබෙන බවද අමාත්‍යවරයා එම පුවත්පතට පවසා තිබුණා.
එවැනි තොරතුරක් අනුව කල්පිටිය ඇතුළු පොලිසි කිහිපයක ඇතැම් නිලධාරීන්ට ස්ථාන මාරු සිදුකර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් එහි සඳහන් කර ඇත්තේ.








