ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් පසුගිය සතියේ සිදුව තිබේ.
පසුගිය සතියේ ජනාධිපති කාර්යාලයේ පැවැති ජාතික ආපදා කළමනාකරණ කමිටු රැස්වීමට පෙරාතුව මෙම දුරකතන සාකච්ඡාව පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.Sri Lanka Latest News
එහිදී ජනාධිපතිවරයාට පළමුව ඇමතුම ගෙන ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ජාතික ආපදා කළමනාකරණ කමිටුවේදී තමන්ට පළමුව අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.
සිය නිවසේ දානමය පින්කමක් පැවැත්වෙන බැවින් ඊට සහභාගි වීමට අවශ්‍ය වේලාව ලබාගැනීම සඳහා මෙසේ රැස්වීමේ පළමු කතාව තමන්ට ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයාද ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් රැස්වීමේදී පළමුව අදහස් දැක්වීමේ අවස්ථාව විපක්ෂ නායකවරයාට ලබාදීමට එකඟතාව පළකොට ඇත.










