• About us
  • Contact us
Sunday, July 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෞෂාල් රණසිංහ බෝධිචිත්ත හිමි සහ වස්සානයේ යාත්‍රිකයා! Sri Lanka Latest News

July 5, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
කෞෂාල් රණසිංහ බෝධිචිත්ත හිමි සහ වස්සානයේ යාත්‍රිකයා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමහර මිනිසුන්ගේ ජීවිත අපට ජීවිතය ගැන උගන්වන්නේ ඔවුන් කී දේවලින් නොව ඔවුන් ගත් තීරණවලින්. ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන කෞෂාල් රණසිංහගේ පැවිදි වීමත් එවැනි නිහඬ පාඩමක් අපට කියා දුන්නා. බුදු රජාණන් වහන්සේගේ කාලයේ පවා වැරදි කළ පුද්ගලයන් සුමගට ගත් බව දහමේ අපි කියවලා තියෙනවා. බුදුදහම අපට කියා දෙන්නේ වරදක් කළ මිනිසාටත් යහමග විවෘත බවයි. බෞද්ධ දර්ශනයේ හරය තිබෙන්නේ අතීතයේ නොව වර්තමානය තුළයි. ඕනෑම මිනිසෙකුගේ ජීවිතය වෙනස් කරගත හැකි බවට ඉතිහාසය ශාක්ෂි දරයි. උදාහරණයක් ලෙස සුදින්න හිමියන්ගේ කතා පුවත හඳුන්වා දෙන්න පුළුවන්. මේ හිමියන් ගිහි කල සිටි තමන්ගේ බිරිඳ සමග චීවරයේ සිටිද්දී ලිංගිකව එක්වෙනවා. බුදු හිමියන් ජීවමානව වැඩසිටි කාලයේදීම පාරාජිකා නමින් විනය නීතියක් පැනවූයේ මේ හේතුව නිසයි. වර්තමාන සමාජයේ හැමෝම කියන්නේ තවත් මුදල් හොයන්න, තවත් ජනප්‍රිය වෙන්න, තවත් ඉහළට යන්න කියලයි. ඒත් ඒ සියල්ල මැද මනුෂ්‍යයාට තමන්වම අහිමි වෙන බව දන්නේ කීයෙන් කීදෙනාද? Sri Lanka Latest News

අපි ජීවිතය පුරාම අනෙකාගේ ප්‍රශංසාව සතුට වෙනුවෙන් දුවනවා. සමාජය අපි ගැන හොඳ කියන තැනට යන්න වෙහෙසෙනවා. නමුත් රාත්‍රියේ අපි තනියෙන් සිටින විට ඒ ප්‍රශ්නයට පිළිතුරු දිය හැක්කේ අපටම පමණයි. සමහර තීරණ ලෝකයට තේරෙන්නේ නැහැ. ඒ නිසාම ඒවා විවේචනයට ලක්වෙනවා.
සමාජයේ බොහෝ දෙනෙක් තවකෙකුගේ තීරණයක් දුටු විගස එය විනිශ්චය කරනවා. ‘ප්‍රශ්නයක් වෙලා ඇති, ජීවිතේ එපාවෙලා ඇති…’ කියලා විනිශ්චය කරනවා.

‘සෑම තීරණයක් තුළින්ම වේදනාවක් උපදින්නේ නැහැ. මිනිස්සු සමහර තීරණ ගන්නේ ජීවිත අවබෝධය තුළින්මයි…’

අපේ කතානායකයා, කෞෂාල් රණසිංහත් එසේමයි. කෞෂාල් රණසිංහ කලක් ජීවත් වුණේ ප්‍රංශයේ. ඔහු ප්‍රසිද්ධ නර්තන ශිල්පයෙක් වගේම, නීතිඥයෙක් සහ ලේඛකයෙක්. ඔහු විසින් ‘මන්දස්මිත’ සහ ‘යාත්‍රිකයාගේ වස්සානය’ යන පොත් රචනා කර තිබෙනවා. ඔහු රැකියාව වශයෙන් කළේ තරුණ සංවිධානයක මානව හිමිකම් උපදේශකයකු වශයෙන් කටයුතු කිරීමයි. කොළඹ විශ්වවිද්‍යාලයේ ලිංගිකත්වය හා සෞඛ්‍යය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාවක් සහ නීතිවේදය හදාරා ඇති කෞෂාල්, ශ්‍රද්ධා රූපවාහිනියේ මාධ්‍යවේදියකු ලෙසද කලක් කටයුතු කර තිබෙනවා. ජාතික රූපවාහිනියේ නිවේදකයකු ලෙසත් කටයුතු කළ ඔහු සමාජ මාධ්‍යයේ තබා තිබූ සටහනක දැක්වුණේ මෙවැන්නක්.

‘මම පැවිදි වුණේ බණ කියන්න. ජීවිතයේ පලායාම වෙනුවෙන් තාවකාලික පැවිද්දක් නෙවෙයි මේ. නැතිනම් කවර හෝ පුද්ගලයකු ගැන කලකිරිලා හෝ වෙනත් කරුණක් මත නෙවේ. මම ගිහි ජීවිතයේ අවසානය වෙනුවෙන් ‘යාත්‍රිකයාගේ වස්සානය’ ලිව්වෙත් මේ නිසාමයි. ඒ නිසා කවුරුවත් පැවිදි වීම ගැන අපැහැදෙන්න එපා. මගේ මේ තීරණයේ තියෙන්නේ ඉන් එහා ඉලක්කයක්…’

ඔහු තවදුරටත් පවසා සිටියේ,
‘කාට හෝ පසුගිය කාලයේ සිත් රිදවීමක් කනස්සල්ලක් මගේ යම් ක්‍රියාවක් වචනයකින් දැන හෝ නොදැන වුණා නම් ඒ ගැන සමාව ඉල්ලමි..’ යනුවෙනි. එය ඔහු පැවිදි වීමට පෙර සිය මුහුණු පොතේ තබා තිබූ අවසන් සටහනයි.

සමාජ මාධ්‍ය ඔස්සේ රට තුළ සිදුවන විවිධ සිදුවීම් වෙනුවෙන් හඬනැගූ, අපේ රටේ මෙන්ම ජාත්‍යන්තරයේ පවා ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙක් ලෙසයි කෞෂාල් රණසිංහ හඳුනාගත හැක්කේ. ඔහු, තමන්ගේ අදහස් කිසිම බියක් නැතිව ඉදිරිපත් කර සමාජයේ දැඩි කතාබහකට පාත්‍ර වූ පුද්ගලයෙක්. සමාජ ක්‍රියාකාරියකුව සිටි සමයේ විවිධ මත ගැටුම් කතාබහට ලක්වුණා. ඔහු සමලිංගිකත්වයට පක්ෂව කතාකළා. ඒත් ඔහු දැන් පැවිදි දිවියට පත්වෙලා. ඒ නිසාම වන්නට ඇති සමාජයෙන් සමාව ඉල්ලන්නට ඇත්තේ. ඔහු දැන් ජීවිතය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරන්. පසුගිය 28 වැනිදා ඔහු සියලු දෙනා පුදුමයට පත්කරමින් පූජ්‍ය බෝධිචිත්ත හිමි යන නාමයෙන් පැවිදි දිවියට එළැඹ තිබුණා.

ඔහු තරුණයකු ලෙස ජීවිතයේ අනිත්‍ය තේරුම් අරගෙන අලුත් මාර්ගයක් සොයන්නට වුණා. ඔහු පැවැසුවේ කවමදාවත් කලකිරීමට පත්වෙන්න එපා. බොහෝ දෙනෙක් ජීවිතය එපාවෙලා, ‘දැන් ඇති දැන් ජීවිතය හැරයන වෙලාව ඇවිල්ලා’ කියලා ආතතියට පත්වෙනවා. එවැනි තරුණ ප්‍රජාව වෙනුවෙන් ඔහු මුහුණු පොතේ සඳහන් කර තිබුණේ ‘හිත ශක්තිමත් කරගන්න’ යනුවෙනුයි.

ඒ බව ඔහු සිය ‘යාත්‍රිකයාගේ වස්සානය’ පොතේ පවා සඳහන් කර තියෙනවා. ෆැන්ටසිවලින් එහාට ලෝකයක් ගැන මේ පොතේ විස්තර කරනවා. මිනිස්සු හරි ආසයි නැවත ආත්මයක් ගැන අහන්න. ආරණ්‍යවලට යනවා. විවිධ චරිත ගැන කතා කරනවා. ලිංගික හිංසන ගැන කතා කරනවා. මේ පොතේ පන්සල් ඇතුළේ හිමිවරුන්ගේ ලිංගික ගැටලු, හිංසනය පිළිබඳ කතා කරලා තියෙනවා. සිවුරට වෛර කරන හිමිවරු ඉන්නවා. මේ වගේ මතභේදාත්මක කතාවක් මේ පොත තුළ කියැවෙනවා. මේ පොතේ පෙරවදන ලෙස සඳහන් කරන්නේ ‘වසාගත් ආත්ම, සඟවාගත් ආදර කතා, මවාගත් ස්වයං අඳුරු පටල තුළ සිරවී නොසිට හුදෙක් නිවන දැක්වීමට නොව ආලෝකය සහිතව ජීවත්වීම පිණිස සම සරාගය නිබ්බිදාව සහ ආදරණීය නිර්වාණය අරමුණු කරලීමේ වස්සාන සූත්‍රය’ යනුවෙනි. ඔහු මේ පොත එළි දක්වන්නට ඇත්තේ පැවිද්ද අරමුණු කරගෙන වන්නට ඇති.

ඔහු සමාජ මාධ්‍යයේ තවදුරටත් සටහන් කර තිබුණේ මෙවැන්නකි.
‘ජීවිතයේ අමාරු මොහොතවල්වලට මුහුණ දෙන, ජීවිතයේ තනිවෙන, ඒ දුක කියාගන්න බැරි ඔබට කියන්නේ… සියලු දේම අනිත්‍යයි නම් ඔබේ දුක සහ කරදරයත් අනිත්‍යයි. ඒ නිසා වෙනස් වෙන දෙයක් ඒ විදිහට දැක මුහුණ දෙන්න. හිත ශක්තිමත් කරගන්න…’

‘ඔබේ අනන්‍යතාව මොකක් වුණත්, ඔබ ආදරේ කරන්නෙ කාට වුණත් ඔබ ඔබව මුලින්ම පිළිගන්නවා නම්, ලෝකයෙන් අනුමත බව නොසොයනවා නම්… නූපන් අනාගතය ගැන බිය නොවී, ගිය අතීතය ගැන පසුනොතැවෙනවා නම්, ඔබට අනිවාර්යයෙන් සතුට උරුමයි…’ යනුවෙන් ඔහු ලියා තිබුණේ සියදිවි නසාගන්නා තරුණ තරුණියන්ට ආදර්ශයක් දෙමිනි.

අනුන්ගේ ජීවිත විනිශ්චය කිරීමට පෙර ඔවුන්‌ගේ ජීවිතවල තිබූ නිහඬ අරගලය ගැන සිතා බලන්න. අද සමාජයට අවශ්‍ය වන්නේ කාටත් වෛර කරන මිනිසුන් හෝ විවේචන නොවේ. අවශ්‍ය වන්නේ එකිනෙකා තේරුම් ගැනීමට හැකි මිනිස්සුයි. වැටුණු කෙනකුට අත දෙන මිනිස්සුයි. අඬන කෙනකුගේ කඳුළක් පිසදමන්න පුළුවන් මිනිස්සුයි. ජීවිතයේ ලොකුම ජයග්‍රහණය වන්නේ අන් අය පරාජය කිරීම නොවෙයි, තමන්ගේ ලෝභය ඊර්ෂ්‍යාව සහ අහංකාරය පරාජය කිරීමයි. ඒ ජයග්‍රහණය ලබාගත් මනුෂ්‍යයාට ඔහු දිනුවත් නොදිනුවත් ජයග්‍රාහයකයෙක්ම පමණයි… ඒ බව ඔහු අපට වටහා දුන්නා.

අපි හැමෝම දවසක මේ ලෝකෙන් නික්ම යනවා. අපි රැගෙන යන්නේ මුදල්, බලය හෝ ජනප්‍රියත්වය නොවේ. කළ හොඳ සහ නරක විතරයි. අපේ හිත්වල නිර්මල බව විතරයි. ඒ නිසා ජීවිතය තරගයක් කර නොගන්න. කෙනකුට රිදවීමට පෙර දෙවරක් හිතන්න. සමාව ඉල්ලීමට ප්‍රමාද නොවන්න. සමාව දීමටත් පසුබට නොවන්න. අපි හැමෝම මේ ලෝකයේ නවාතැන් ගත් යාත්‍රිකයන් පමණයි. ඒ නිසා යන ගමනේදි වෛරය නොව ආදරයත්, විනිශ්චය නොව අවබෝධයත්, අහංකාරය නොව නිහතමානීත්වයත් ඉතිරි කර යමු. එවිට අපි ජීවත් වුණේ අර්ථවත් ලෙසය යන සැනසීම අපේ හිත්වලට දැනෙයි. සසර ගමන ජයගන්නට බෝධිචිත්ත හිමියන්ට අවශ්‍ය කායික මානසික ශක්තිය හා ධෛර්යය උන්වහන්සේට ලැබේවායි අපි හදවතින්ම ආශීර්වාද කරමු…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මඩ ගාගත්‍තාය කියා රජා ගොවියා වන්නේ නැත! Sri Lanka Latest News

Next Post

විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතියට Gratiaen ත්‍යාගය! Sri Lanka Latest News

MORE NEWS

වාර්තා පිට වාර්තා තබමින් තියෙන ඔක්කොම රන් පදක්කම් තමන් සතු කරගත් පේරාදෙණියේ සුපිරි බුලට් එක! Sri Lanka Latest News
Exclusive

වාර්තා පිට වාර්තා තබමින් තියෙන ඔක්කොම රන් පදක්කම් තමන් සතු කරගත් පේරාදෙණියේ සුපිරි බුලට් එක! Sri Lanka Latest News

නත්තල නිමිත්තෙන් සිරකරුවන් 1004කට නිදහස හිමිවෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙසක් දවසේ නඩු 28ක් තියෙන විත්තිකරුවෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කරපු සිද්ධිය මතකද? බොරු ලේඛන හදපු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිට අධිචෝදනා බාර දීලා! I Sri Lanka Latest News

අයගම ලස්සන කරන්න ගමේ පොඩි කොල්ලො සෙට් එකක් පාර අයිනේ වවපු මල්වලට වස ගහලා විනාශ කරපු අපතයෙක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අයගම ලස්සන කරන්න ගමේ පොඩි කොල්ලො සෙට් එකක් පාර අයිනේ වවපු මල්වලට වස ගහලා විනාශ කරපු අපතයෙක්! VIDEO I Sri Lanka Latest News

රණවිරුවාගේ ආඩම්බරය වෙච්ච ‘පදක්කම’ අද ‘යකඩ කෑල්ලක්’ වෙලා! නාමල් කොටපොළට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රණවිරුවාගේ ආඩම්බරය වෙච්ච ‘පදක්කම’ අද ‘යකඩ කෑල්ලක්’ වෙලා! නාමල් කොටපොළට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

දිට්වා නිසා කඩාගෙන වැටුණු – අවුරුද්දයි මාස දහයක් හදපු – නිර්මාණ ශිල්පියාට ජීවිතේ එපාවුණු – අන්තිමට ඔක්කොම එකතු වුණු – ලෝකෙ ලොකුම පහන් කූඩුව දැක්කද?  Sri Lanka Latest News
Exclusive

දිට්වා නිසා කඩාගෙන වැටුණු – අවුරුද්දයි මාස දහයක් හදපු – නිර්මාණ ශිල්පියාට ජීවිතේ එපාවුණු – අන්තිමට ඔක්කොම එකතු වුණු – ලෝකෙ ලොකුම පහන් කූඩුව දැක්කද? Sri Lanka Latest News

හත්දවසේ බණට වැඩම කළ හාමුදුරුවන්ට ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් ගුටි පූජාවක්! බේරන්න ආපු පොලිසියේ දෙන්නටත් හොඳටම ගහලා! මෝටර් සයිකලයත් අරගෙන ගිහින්! Sri Lanka Latest News
Exclusive

කුඩු ජාවාරමක් පාවලා දීලා? මීගමු බන්ධනාගාරය ඇතුළේ මිනීමරා ගනී! දෙදෙනෙක් මරුට! 25ක් රෝහලේ! STF එකත් ගෙන්වයි! Sri Lanka Latest News

Load More
වාර්තා පිට වාර්තා තබමින් තියෙන ඔක්කොම රන් පදක්කම් තමන් සතු කරගත් පේරාදෙණියේ සුපිරි බුලට් එක! Sri Lanka Latest News
Exclusive

වාර්තා පිට වාර්තා තබමින් තියෙන ඔක්කොම රන් පදක්කම් තමන් සතු කරගත් පේරාදෙණියේ සුපිරි බුලට් එක! Sri Lanka Latest News

ලංකාවේ සරසවි ඉතිහාසය ඇතුළේ ‘කැම්පස් ලයිෆ්’ එක කියන්නේ එක එක අයට එක එක විදියේ අත්දැකීමක්. සමහරුන්ට ඒක ආදරය, තවත් සමහරුන්ට...

Read more
නත්තල නිමිත්තෙන් සිරකරුවන් 1004කට නිදහස හිමිවෙයි! VIDEO I Sri Lanka Latest News

වෙසක් දවසේ නඩු 28ක් තියෙන විත්තිකරුවෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කරපු සිද්ධිය මතකද? බොරු ලේඛන හදපු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිට අධිචෝදනා බාර දීලා! I Sri Lanka Latest News

අයගම ලස්සන කරන්න ගමේ පොඩි කොල්ලො සෙට් එකක් පාර අයිනේ වවපු මල්වලට වස ගහලා විනාශ කරපු අපතයෙක්! VIDEO I Sri Lanka Latest News

අයගම ලස්සන කරන්න ගමේ පොඩි කොල්ලො සෙට් එකක් පාර අයිනේ වවපු මල්වලට වස ගහලා විනාශ කරපු අපතයෙක්! VIDEO I Sri Lanka Latest News

රණවිරුවාගේ ආඩම්බරය වෙච්ච ‘පදක්කම’ අද ‘යකඩ කෑල්ලක්’ වෙලා! නාමල් කොටපොළට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

රණවිරුවාගේ ආඩම්බරය වෙච්ච ‘පදක්කම’ අද ‘යකඩ කෑල්ලක්’ වෙලා! නාමල් කොටපොළට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

දිට්වා නිසා කඩාගෙන වැටුණු – අවුරුද්දයි මාස දහයක් හදපු – නිර්මාණ ශිල්පියාට ජීවිතේ එපාවුණු – අන්තිමට ඔක්කොම එකතු වුණු – ලෝකෙ ලොකුම පහන් කූඩුව දැක්කද?  Sri Lanka Latest News

දිට්වා නිසා කඩාගෙන වැටුණු – අවුරුද්දයි මාස දහයක් හදපු – නිර්මාණ ශිල්පියාට ජීවිතේ එපාවුණු – අන්තිමට ඔක්කොම එකතු වුණු – ලෝකෙ ලොකුම පහන් කූඩුව දැක්කද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.