යහපත් වූ යුගදිවියක් ගතකරන්නට පෙරුම්පුරා මග බලා සිටින ඔබ වෙනුවෙන් මෙවර ලිපියෙහි කරුණු ඉදිරිපත් වනු ඇත. කේන්දරය බැලූ හැම තැනකින්ම කියන්නේ ‘විවාහය ප්‍රමාදයි, හොඳින් ගළපා කළේ නැති නම් විවාහය කැඩෙන්න ඉඩ තියෙනවා. මේ හඳහනට ගැළපෙන හඳහනක් මිසක් කසාදය නම් කරන්න එපා. මේක කළොත් නම් විවාහය අසාර්ථකයි, මේ හඳහන් දෙක නම් ගැළපෙන්නේ නෑ…’ මේ ආදී උත්තර ගණනාවක් ඔබේ දිවියේ ඔබත් අසා ඇති නේද? මේ වනවිටත් විවාහ වන කාලසීමාව පවා පසුකර සිටින අවධියක ඔබත් ඉන්නවද?Sri Lanka Latest News
එසේ සිටින්නට හේතු කාරණා ජ්‍යොතිෂ සිද්ධාන්ත ඇසුරින් ඔබට ඉදිරිපත් කිරීමට මා සිතුවේ මා හට ලැබුණු දුරකතන ඇමතුම්වලට පිළිතුරු ලෙසටය. කෙසේ වෙතත් පාපී කේන්ද්‍ර සටහනක් හිමි ඔබේ කේන්ද්‍රයේ රාහු-කේතු-කුජ-ශනි-රවි ආදීවූ ග්‍රහ බලපෑම් මත 7 වැන්න පීඩාවට පත්වී තිබීම මේ සඳහා ප්‍රබල සාධකයක් වී හමාරය. මෙවැනි දෝෂ සහිත බවක් ඔබේ කේන්ද්‍රයේ පිහිටීමෙන් විවාහ ජීවිතයේ ආයුෂ කෙටි වීම, විවාහ සැපතට බාධා කරදර අධික ලෙස ගලා ඒම, දික්කසාදය දක්වා විවාහය බිඳවැටීම් මතුවීම, දෙදෙනා වෙන්ව වාසය කිරීම, අනෙකාට අනෙකා රුස්සන්නේ නැතිව නිතර අඬදබර ඇතිවීම, දරුණු රෝගාබාධවලට තදබල ලෙස මුහුණ දීමට සිදුවීම, ප්‍රියමනාප ස්වභාවය ඇති නොවීම ආදී බොහෝ ගැටලු පීඩාකාරී ස්වභාවයන් වැඩි වීම, නොගැළපෙන විවාහ දිවියේ කඩඉම් ලෙස වර්ධනය වනු ඇත. විවාහ වන දෙදෙනාගේ හෝ එක් අයකුගේ කේන්ද්‍රයේ මෙම කුජ – ශනි යන ග්‍රහයෝ සංයෝගව හෝ අන්‍යොන්‍ය වශයෙන් දෘෂ්ටි දීම හෝ සම්බන්ධව සිටියහොත් එවැනිම වූ පාපී යෝග නැතිව පොරොන්දම් කොතරම් ගැළපුවත් ඉන් ප්‍රතිඵල වැඩක් වන්නේ නැත. මින් මා අදහස් කරන්නේ දෙදෙනාගේම කේන්ද්‍ර සටහනේ දෝෂ අවස්ථා යෙදී තිබීමෙන් විවාහ දිවියට එන මා මුලින් සඳහන් කළ බාධා, ව්‍යාකූලතා, ව්‍යසන අඩුවී ඒවා ඔරොත්තු දෙන මට්ටමින් දෙදෙනාට කටයුතු කරගෙන යෑමට ඉඩකඩ යෙදීම සිදුවන නිසාවෙනි.
මේ අනුව ගත් කල දරු ඵල හීන වීම, බහු විවාහ සිදුවීම, මානසික විකෘතිතා ඇතිවීම, ශාරීරික ශක්තිය හීන වීම ආදී අශුභ ඵල උදාවීමට ඉඩ යෙදෙනු ඇත.
ලග්නයෙන් යෙදෙන්නා වූ කුජගෙන් යෙදෙන භෞම දෝෂයටත් වඩා චන්ද්‍රයාගෙන් යෙදෙන දෝෂය ඉතා ප්‍රබල වන අතර, චන්ද්‍රයාගෙන් යෙදෙන දෝෂයටත් වඩා විවාහකාරක සිකුරුගෙන් යෙදෙන දෝෂය විවාහයට ඉතා අහිතකර බලපෑම් උදා කරන බව පැරැණි පොතපතෙහි ඍෂිවරු සඳහන් කර ඇත.
තවද පස්වැන්නාධිපතියා නාශාංශකව සිටීමෙන් දරුඵල හීන වීමක්ද, හත්වැන්නාධිපති නාශාංශක බලෙන් යුක්ත වීම නිසා බහු විවාහ කරා යොමුවීමට ඉඩ යෙදෙන බව කේන්ද්‍ර පරීක්ෂාවෙන් පැහැදිලිව තෝරා බේරාගත් කරුණු වනු ඇත.
කුජගෙන් මෙන්ම ශනිගෙන් ඇතිවන්නා වූ විවාහ දෝෂ ලග්නයෙන් 2-4-7-8-12 යන ස්ථානවල පිහිටි විට දෝෂ තත්ත්වය උදාවන අතර, මේ සඳහා කුජ ග්‍රහයාගේ පිහිටීම, ග්‍රහ දෘෂ්ටි, ග්‍රහ නැකැත් චාරය ගැන වඩාත් විමර්ශනය කළ යුතුව ඇත.
දෙවැන්නේ කුජගේ හෝ ශනිගේ දෝෂ තත්ත්වයන් ඇති විට විවාහයේ සැප සතුට සුවය අහිමිවී යෑමට ඉඩකඩ යෙදෙන අතර, ග්‍රහ පිහිටීම, ග්‍රහ දෘෂ්ටි ශුභ ග්‍රහයන්ගේ ග්‍රහ දෘෂ්ටි සහ නැකැත් අධිපති සහ ග්‍රහ බලය, නැකැත් බලය මත මෙම තත්ත්වය මැනැවින් පරීක්ෂා කොට තීරණය ගත යුතුව ඇත.
කුජ ග්‍රහයා 7 වැන්නේ සිටි විට විවාහ සහකරුගේ මරණය ඉක්මන් වීම, කුජ 8 වැන්නේ සිටීමෙන් විවාහ සැප අහිමි වීම ආදියට බලපෑම් එල්ල වනු ඇත.
කුජ – ශනි හෝ කුජ ග්‍රහයා 12 වැන්නේ සිටීම සහකරු හෝ සහකාරියගේ ආයුෂ කෙටි වීම, වැන්දඹු දෝෂ ක්‍රියාත්මක වීම සිදුවීමට ඉඩකඩ යෙදුණද මෙකී දෝෂ තත්ත්වයන් අවම වන ලෙස වෙනත් ශුභ ග්‍රහ දෘෂ්ටි, ශුභ නැකැත්වල අධිපති වීම, භාව කේන්ද්‍ර විග්‍රහය, නවාංශකයේ පිහිටීම ආදී පරීක්ෂා කිරීමෙන් මෙම තත්ත්වය තරමක් දුරට අඩු වැඩි වී ශුභ ඵල උදාකිරීමට සමත් වනු ඇත.
මෙකී දෝෂ තත්ත්වයන්,
● සිකුරු ග්‍රහයාගේ ශුභ පිහිටීම.
● සිකුරු පාපී නත්‍රි නොවීම.
● සිකුරු දුර්වලවී නොසිටීම.
● හත්වැන්නාධිපති බලවත්වී නවාංශකයේ ශුභ අංශකයක සිටීම.
● හත්වැන්නාධිපති පාප සංයෝග පාප නත්‍රි නොවීම, පාප දෘෂ්ටිවලට හසු නොවීම.
● ගුරු ග්‍රහයා බලවත්ව 7 වැන්නේ සිට පාප දෘෂ්ටි, නැකැත්වලට හසු නොවීමෙන් මෙකී අශුභ ඵල අවම වන්නේය.
ඉතින් ඔබගේ ගැටලුවලට විසඳුම් මැනැවින් පරීක්ෂා කළ කේන්ද්‍ර සටහනට අනුව ග්‍රහ යෙදීම් ග්‍රහ බලපෑම් සියල්ල නිවැරැදි ලෙස පරීක්ෂා කොට ඒ සඳහා සුදුසු වත්පිළිවෙත් නිවැරැදි ලෙස කිරීමට යොමුවීම තුළින් මෙන්ම ඒ සඳහා සුදුසු යන්ත්‍ර පැලඳීම, සෙත්කවි රචනය කිරීම, නිවැරැදි ග්‍රහ පූජා විධි, ශාන්ති කර්ම කිරීමෙන් මෙකී තත්ත්වයන් අවම කරගෙන විවාහ දිවියේ ගැටලු බාධා කරදර ජයගන්න ඔබටත් හැකිවනු නියතය.
එවැනි වත්පිළිවෙත් කිරීමෙන් තම තමන්ට සුදුසු සහකාරිය හෝ සහකරුවා නිවැරැදි ක්‍රමවේදයන්ට අනුව තමාට යොමුවීම සිදුවන අවස්ථා අප ජ්‍යොතිෂ කටයුතුවලදී අත්දැක ඇත. පෙර කළ කර්ම බලය යටපත් කරගනිමින් ජ්‍යොතිෂය ඇසුරෙන් එම මාර්ගය සකසා ගැනීමට ඔබ දක්ෂයකු විය යුතුය. එවිට ඉන් නිසි ඵල ප්‍රයෝජන ඔබටද උදාකරගත හැකි වනු ඇත. විවාහ ප්‍රමාදයට බලපාන සෙනසුරු සහ කුජ දෝෂ මෙන්ම විවාහ දෝෂ ඔබේ ජීවිතයට බලපෑම් කිරීමට ඔබ තවත් ඉඩ දී බලා සිටිය යුතු නැත. එහෙම නම් නැවත මෙවැනි අර්ථවත් ලිපියක් සමගින් පාඨක ඔබ දැනුවත් කිරීමට මෙන්ම ශක්තිමත් කිරීමට අප සූදානම්. එතෙක් ඔබ සැමට සියලු යහපතම උදාවේවා…

ජ්‍යොතිර්වේදිනී පී.එම්. සංජීවී වසන්ති
(ජ්‍යොතිර් විද්‍යා ඩිප්ලෝමාධාරිනී / ජ්‍යොතිෂ ශිරෝමනී, ජ්‍යොතිෂ අවිශ්කාර් විශිෂ්ට ගෞරව සම්මානලාභිනී, සෙත්කවි ශාස්ත්‍ර විශාරද විශිෂ්ට ගෞරව සම්මානලාභිනී)
සංජීවී ජ්‍යොතිර් පියස
දුරකතන – 0777 130391










