අවුරුදු 45කට වඩා දිගු ඉතිහාසයක් සහිත විශ්වාසදායක හා විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Senok Trade Combine (Pvt) Ltd විසින් මෙරට ඉදිකිරීම් සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමට සහයෝගය දක්වමින් Foton Tunland G7 ඩබල් කැබ් රථ පෙළක් NEM Construction වෙත බාර දීම පසුගියදා සිදු කෙරුණි.Sri Lanka Latest News
මෙම වාහන ලබාදීම Senok Trade Combine සමාගමේ තවත් දැවැන්ත ඉදිරි පියවරක් වන අතර Foton Tunland G7 හි විශ්වාසදායීභාවය, කල් පැවැත්ම සහ කාර්යක්ෂමතාව පිළිබඳ ආයතනික ක්ෂේත්‍රයේ සමාගම් විශ්වාසය තබා ඇති බවට තවත් එක් උදාහරණයක් වේ. දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයට රුකුලක් වෙමින් සහ ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණය යොදා ගනිමින් මෙම වාහන මෙරටදීම එකලස් කිරීම සිදු කෙරෙන්නේ Senok සමූහයට අයත් කුරුණෑගල පිහිටි Western Automobile Assembly (WAA) කර්මාන්තශාලාවේදී වීම තවත් වැදගත් සංධිස්ථානයක් වේ.
Foton Tunland G7 ඩබල් කැබ් රථ නිල වශයෙන් බාරදීමේ අවස්ථාවට සමාගම් දෙකෙහිම ඉහළ කළමනාකාරිත්වයේ නිළධාරීන් සහභාගී විය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයට තවදුරටත් ඉහළට ඔසවා තැබීමට විශ්වසනීය ගමනාගමන විසදුම් ඉතා වැදගත් වන අතර අතර Foton Tunland G7 වාහන වාණිජ හා කාර්මික මෙහෙයුම් සඳහා අවශ්‍ය ශක්තිය, නවීන තාක්ෂණය, ආරක්ෂාව සහ වටිනාකම එකට කැටි කර ඇති අතර එනිසාම මෙරට ව්‍යාපාරවල ප්‍රියතම තේරීම් වන බව මෙම උත්සව සභාව අමතමින් නිළධාරීන් ප්‍රකාශ කර සිටියේය.
Foton Tunland G7 යනු වාණිජ හා කාර්මික කටයුතුවල අවශ්‍යතා වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ප්‍රබල කාර්ය සාධනය, ආරක්ෂිත විශේෂාංග, බර පැටවීමේ හැකියාව සහ සුවපහසු බවෙන්ද ඉහළ වාහනයකි. මෙම ගුණාංග නිසාම Foton Tunland G7 වාහන ඉදිකිරීම්, ඉංජිනේරු සේවා හා යටිතල සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉතා සුදුසු වේ.
Foton වාහන පිළිබඳ පාරිභෝගික විශ්වාසය ගොඩනැගීමට ප්‍රධානතම සාධකය ලෙස Senok සමාගමේ අංග සම්පූර්ණ සහ දිවයිනා පුරා විහිදුණු අලෙවියෙන් පසු සේවා ජාලය හැදින්විය හැකිය. ශ්‍රී ලංකාවේ වාහන ස්ෂේත්‍රයේ වසර 45කට වැඩි පළපුරුද්ද සමග වාහනයේ කාර්යක්ෂමතාව මෙන්ම ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සදහා පාරිභෝගික පහසුව සලසමින් දිවයින පුරා විහිදුණු සේවා සහය,ජෙනුයින් අමතර කොටස් ලබාගැනීමේ හැකියාව, පුහුණු සහ විශේෂඥ කාර්ය මණ්ඩලය මෙන්ම නඩත්තු කිරීමේ සුවිශේෂී විසදුම් සහ වාහන ඉහළදී පැවැත්ම හා මෙහෙයුම් කාර්යක්ෂමතාවට උපකාරී වන සම්පූර්ණ නඩත්තු විසඳුම් Senok සමාගම විසින් තහවුරු කර ඇත.
Senok හි පසු අලෙවියෙන් පසු සේවාවවේදී විශේෂයෙන් ආයතනික පාරිභෝගිකයින් සදහාම කැපවුණු වාහනයේ සුවිශේෂී සේවාව වාහනයේ පැවැත්ම තිබෙන තාක්කල් තහවුරු කර ඇත. එමෙන්ම Western Automobile Assembly (WAA) හරහා මෙරටදීම වාහන එකලස් කරමින් ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධනයට සහය දීමේ වගකීමද මෙවැනි දේ හරහා තවදුරටත් ශක්තිමත් කරයි.
NEM Construction සමාගමේ දැනට සිදු කෙරෙන මෙන්ම අනාගත ව්‍යාපෘති සඳහා Foton Tunland G7 නව ඩබල් කැබ් රථ පෙළ සහය වෙමින් සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වර්ධනය කිරීමටද ඉවහල් වනු ඇති බව සමාගම් ද්විත්වයේම කළමනාකාරිත්වයේ විශ්වාසයයි.
Foton Tunland G7 බඩල් කැබ් සහ Foton වාහන පිළිබද උනන්දුවක් ඇති පාරිභෝගිකයන්ට කොළඹ 05, ආර්. ඒ. ද මැල් මාවතේ අංක 03 දරණ ස්ථානයේ පිහිටි ප්‍රදර්ශනාගාරයේදී වාහන අත්දැකීම ලබාගත හැකි අතර 077 8596186 අංකය ඇමතීමෙන්ද වැඩි විස්තර සහ පරීක්ෂණ ධාවන සදහා වේලාවක් වෙන් කරගත හැකිය.













