සිය ආයතනයේ සේවය කළ සේවකයකුට බැන තර්ජනය කර පහරදුන්නැයි කියන සිද්ධියකට අදාළව ව්‍යාපාරිකයකු වූ විරාජ් වික්‍රමනායක (මිස්ටර් කොත්තු) මහරගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.Sri Lanka Latest News
මෙම ව්‍යාපාරිකයා මහරගම පිහිටි සිය ව්‍යාපාර ආයතනයයේ සේවකයකුට පහරදීමේ සිද්ධියට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට සංසරණය වූ බවත් පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු නිතීඥවරුන් දෙදෙනෙක් මාර්ගයෙන් අද (30) පොලිසියට පැමිණ තිබූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සැකකරු අද (30) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.









