• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

June 27, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය විසින් පවත්වන ලද ජනමාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ විසින් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.Sri Lanka Latest News

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, වරුණ රාජපක්ෂ විසින් එහිදී ප්‍රකාශ කළ ආකාරයට, චරිත් අබේසිංහ නම් පුද්ගලයා කිසිදු අවස්ථාවක ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට දුරකථන ඇමතුම් ලබාදී නොමැති බවයි.

පහතින් දැක්වෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කර ඇති ඊට අදාළ සම්පූර්ණ නිවේදනයයි.

‘අද (26) සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදුකොට ඇති බරපතළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳව කරුණු පැහැදිලි කළ යුතුව ඇත.

මෙම මාධ්‍ය හමුවේදී ඔහු ඊයේ (25) දිනයේ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනුණු චරිත් අ‍බේසිංහ නම් පුද්ගලයාට මාස 02කට පෙර අප පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවත් ප්‍රකාශ කරයි.

මෙම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය වන අතර එබඳු ප්‍රකාශයක් පාතාල සබඳතා හා බැඳුණු අල්ලස් සිදුවීම හමුවේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස කෙතරම් කලබල වී ඇත්ද යන්න හා බංකොලොත් වී ඇත්ද යන්න පෙන්වා දෙයි. අනෙක් අතට වරුණ රාජපක්ෂ නැමැත්තා ලවා මෙබඳු අතේ රෝලක් මාධ්‍ය හමුවේ කියවීමට තරම් නිවට තත්වයකට සමගි ජන බලවේගය වැනි පක්ෂයක් වැටී තිබීම කණගාටුදායකය.

වෙනත් පක්ෂවලට විවිධ වුවමනාකම් මත පසුබිම නොසලකා පුද්ගලයින් එකතු කර ගැනීමට අවශ්‍ය වුවද අපරාධකරුවන් අප පක්ෂයට හෝ ආණ්ඩුවට එකතු කර ගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නොමැත. එසේම මෙබඳු සාවද්‍ය ප්‍රකාශ කොට ඇතැමුන් අපරාධමය සිදුවීම්වලට ලැබිය යුතු සමාජ අවධානය වෙනත් අතකට යොමු කිරීමට සහ අපරාධකරුවන්ට සුදුහුණු ගෑමට දරන උත්සාහයද නිෂ්ඵලය.

මෙම තත්වය තුළ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් අප පක්ෂයට අවලාද නැගීමට සමගි ජන බලවේගයේ ඇතැමුන් දරන උත්සාහය දැඩිව හෙළාදකින අතර මෙම සාවද්‍ය ප්‍රකාශයන් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද අවධාරණය කරමු.’

SendShareShare
Previous Post

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

Next Post

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News
Exclusive

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News

ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Exclusive

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හාට් ඇටෑක් එකක් ඇවිත්! I Sri Lanka Latest News

Load More
හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News
Exclusive

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News

ලෝක මානවයා ගැන කතාකරන අපට අපගේ මානව ඉතිහාසය ගැනද සාඩම්බර විය හැකි, අගනා ඉතිහාසගත උරුමයකට හිමිකම තිබේ. ඒ ඉතිහාසය පිළිබඳ...

Read more
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.