• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

June 27, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘හරියටම මීට අවුරුදු දෙකකට පෙර මෙම ‘ඩවුනින්’ වීදියේ ඇවිද ආ ගමන මගේ ජීවිතයේ ආඩම්බරම මොහොතයි. අවුරුදු 14කට පස්සේ මහා බ්‍රිතාන්‍යයේ (එංගලන්තයේ) නව කම්කරු රජයක් පිහිටුවීමට මම නායකත්වය දුන්නා. මෙලෙස අපේ රටේ ඉතිහාසයේ නව පිටුවක් පෙරළුණේ වසර ගණනාවක බලාපොරොත්තු සුන්වීමකින් සහ කඩවීමකින් පසුවයි. මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත යහපත් අතට හැරවීම සඳහායි මම දේශපාලනයට ආවේ. ඒ තැනට යන ගමන මට ලෙහෙසි වුණේ නැහැ. මෙයට අවුරුදු හයකට පෙර මට නායකත්වය දීමට උරුම වුණේ දේශපාලනිකව මූල්‍යමය වශයෙන් සහ සදාචාරාත්මකව බංකොලොත් වූ කම්කරු පක්ෂයක්. එහෙත් මම ඒ විශාල අභියෝගය භාරගත්තා. ඒ නිසා 2024 මහ ම ැතිවරණයේදී බි්‍රතාන්‍යයේ ඉතිහාසය වෙනස් කරමින් අපේ කම්කරු පක්ෂය අතිවිශාල බහුතරයක් ලබාගනිමින් රටේ බලයට පැමිණියා. එය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් බවට පත්වුණා.’ Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන කතාන්දරය? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙය ඇසෙන විටදී අපට පැහැදිලිවම හැඟී යන්නේ එය යම් රටක රාජ්‍ය පාලකයකු විසින් සිදුකරනු ලබන ප්‍රකාශයක් බවයි. ඔව්. එය සත්‍ය වශයෙන්ම එවැන්නකි. එම පාලකයා නොහොත් රාජ්‍ය නායකයා කවරෙක්දැයි සොයා බැලීමට ප්‍රථම ඔහුගේ අදහස් ප්‍රකාශය තවදුරටත් කියන්නේ කුමක්දැයි සොයා බලමු.

‘මගේ නායකත්වය යටතේ පිහිටුවූ කම්කරු රජයෙන් මහා බි්‍රතාන්‍යය තුළ පොරොන්දු වූ වෙනසක් ඉටුකිරීමට අපට හැකි වුණා. වසර 17ක් පුරා ජාතික වෛද්‍ය සේවය (NHS of UK) තිබුණු ප්‍රශ්න රාශියක් විසඳීමට අපට හැකි වුණා. දවසේ පැය 24/7 පුරා ක්‍රියාත්මක වන රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන, රෝග වැළැක්වීමේ නව ව්‍යාපෘති, වෛද්‍ය ඩිජිටල් පරිවර්තනය සහ තවත් නව සැලසුම් අපි ආරම්භ කළා. ලක්ෂ 5ක පමණ කුඩා දරුවන් දරිද්‍රතාවයෙන් මුදාගැනීමට වසර පහක සැලැස්මක් දියත් කළා. එම දරුවන්ට නොමිලේ ආහාර සැපයීම සිදුකළා. මේ අතර සමස්ත අඩු ආදායම්ලාභී පවුල්වලට ආහාර සපයා ගැනීම සඳහා විශේෂ අරමුදල් ස්ථාපිත කළා. අවශ්‍යතා ඇති පවුල්වලට නිවාස, රැකියා, ජල විදුලි බිල්පත් සහන, වැටුප් හා ප්‍රතිලාභ ලබාදීම් සිදුකළා. මේ ආකාරයට අපගේ රජය අවුරුදු දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුළදී ජනතාව වෙනුවෙන් මහත් මෙහෙවරක් ඉටුකළා. තත්ත්වය එසේ තිබියදී මෙවැනි යම් අර්බුදයකට අපගේ රජය මුහුණ දුන්නා. එහෙයින් එහි නායකයා වශයෙන් මමද ඒ ප්‍රශ්නයට මැදිවී සිටිනවා…’

දැන් ඔබ මෙම කතාවේ යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේය. මෙලෙස යම් අර්බුදයකට මැදිවුණු ලෝක රාජ්‍ය නායකයා කවරෙක්ද? අපට මෙම කතාව ලොව ප්‍රධානතම රාජ්‍යයක් වන මහා බි්‍රතාන්‍යයෙන් අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් මෙලෙස මතභේදාත්මකව අර්බුදයකට ලක්වූ සුවිශේෂ රාජ්‍ය නායකයා වන්නේ මහා බ්‍රිතාන්‍යයේ වත්මන් අගමැති කීර් ස්ටාර්මර් (Keir Starmer)ය. මෙම පුවත ලෝකයේ සියලුම පාහේ මාධ්‍ය මගින් වාර්තා කරන ලද ප්‍රධානතම පුවතක් විය. එනම් බ්‍රිතාන්‍යයේ අගමැති කීර් ස්ටාර්මර් එරට අගමැති ධුරයෙන් සහ බි්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ නායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව නිවේදනය කළේය. ඔහු අගමැති කාර්යාලයෙන් පිටත නිල උත්සවයකට සහභගි වෙමින් ඒ බව ප්‍රකාශ කර සිටියේය. 2024 ජූලි 05දා මහ මැතිවරණයක් හරහා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගනිමින් ඔහු බි්‍රතාන්‍යයේ අගමැති ධුරයට තේරී පත්විය. එලෙස එංගලන්තයේ 57 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ඔහුට අතිවිශාල ජනතා ප්‍රසාදයක් හිමිවිය. එනම් එංගලන්තයේ පාර්ලිමේන්තුවේ ආසන 650න් කීර් ස්ටාර්මර්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂය ආසන 412ක්ම දිනාගත්තේය. එවක එරට හිටපු අගමැති රිෂි සුනාක්ගේ කොන්සර්වේටිව් පක්ෂය දිනාගත්තේ ආසන 121ක් පමණි. අගමැති ධුරය සහ පක්ෂ ජයග්‍රහණය සඳහා ආසන 326ක බහුතරය ලබාගත යුතුව තිබුණු අතර, එය ඉතා පහසුවෙන් කීර් ස්ටාර්මර් විසින් හිමිකර ගත්තේය. මේ හෙයින් ඉතිහාසගත වාර්තාවක් තබමින් ඔහු ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. මහාමේරුවක් මෙන් මෙසේ වාර්තාගත ජයග්‍රහණයක් හිමිකරගත් කීර් ස්ටාර්මර් නමැති නායකයාට අද සිදුව ඇත්තේ කුමක්ද? එනම් එංගලන්තයේ අගමැති ධුරයේ වසර 2ක් වැනි ඉතා කෙටි කාලයක් සිට බලයෙන් ඉවත් වීමට ඔහුට සිදුවූයේ කුමන අර්බුදයක්ද? එංගලන්තයේ සාම්ප්‍රදායිකව බලයෙහි සිටින්නේ එරට සිටින රජ පවුලයි. එහෙත් ප්‍රජාතාන්ත්‍රිකව මැතිවරණයකින් බලයට පත්වන බලගතු නායකයා වන්නේ අගමැතිවරයායි.

එංගලන්තයට ජනාධිපති ධුරයක් නැති හෙයින් බලගතු රාජ්‍ය පාලකයා වන්නේ අගමැතිවරයායි. දැන් එසේ නම් වත්මන් අගමැති කීර් ස්ටාර්මර්ට වසර දෙකක් වැනි කෙටි පාලන කාලයක් තුළදී අගමැති පුටුවෙන් බැස ගෙදර යෑමට සිදුව ඇත. එංගලන්තයේ මහ මැතිවරණයක් පවත්වනු ලබන්නේ වසර 5කට වතාවක් වන අතර, එහිදී අගමැති ධුරයට ජයග්‍රාහී නායකයා තේරී පත්වෙයි. එහෙත් අන් රටවල මෙන් නොව එංගලන්තයේ අගමැති ධුරයට කාලසීමාවක් නොමැත. එනම් ඔවුන්ගේ අදාළ දේශපාලන පක්ෂයේ සහාය පවත්වාගෙන යනතාක් සහ මහජන මන්ත්‍රී මණ්ඩලයේ බහුතරයක් ඇතිතාක් කල් අගමැති ධුර කාලයේ බලය පවතී. අඛණ්ඩව මහ මැතිවරණ ජයග්‍රහණය කරමින් තම පක්ෂ නායකත්වය රඳවා ගන්නේ නම් අගමැතිවරයකුට අසීමිත වාර ගණනක් ධුරය දැරිය හැකිය. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් යටතේ අදාළ පක්ෂයේ කැමැත්ත නොමැති නම් අගමැතිවරයාට ඉවත් වීමට හෝ ඉල්ලා අස්වීමට හෝ සිදුවනු ඇත. දැන් එසේ නම් වත්මන් අගමැති කීර් ස්ටාර්මර්ට සිදුව ඇත්තේ එවැන්නක්ද? ඔහු මෙයට දින කිහිපයකට ඉහතදී අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුවූ වටපිටාව කුමක්දැයි සොයා බලමු. එය මෙසේ විග්‍රහ කෙරෙයි. වත්මන් බි්‍රතාන්‍ය අගමැතිවරයාට ඉල්ලා අස්වීමට හෝ බලයෙන් පහවීමට හෝ හේතු සාධක වූ කරුණු විවිධ විශ්ලේෂකයන් හරහා මෙසේ ගෙනහැර දක්වා ඇත.

● පසුගිය බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණයේදී කම්කරු පක්ෂය දැඩි පරාජයකට ලක්විය. මෙහිදී කම්කරු පක්ෂ නායක කීර් ස්ටාර්මර්ගේ මතභේදාත්මක ප්‍රතිපත්ති බලපෑමට ලක්වුණේ යැයි හෙළිවිය. පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් ඇති බවට කරුණු හෙළිවිය.

● බ්‍රිතාන්‍ය කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකු තම තනතුරුවලින් ඉල්ලා අස්වීම. මෙම වටපිටාවේදී කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් 90ක් පමණ අගමැති කීත් ස්ටාර්මර්ට ඉල්ලා අස්වන ලෙසට බලකරනු ලැබුවේය.

● ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස පීටර් මැන්ඩල්සන් නමැති රාජ්‍යතාන්ත්‍රිකයා පත්කිරීම. මොහු ලොව ප්‍රකටව සිටි ධනවත් ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමග සමීප සබඳකම් පැවැත්වූ බවට කරුණු හෙළිවිය. මේ නිසා කීර් ස්ටාර්මර් ගත් තීරණය දැඩි ලෙස විවේචනයට සහ අපකීර්තියට ලක්විය.

● වසර දෙකක කෙටි කාලයක් තුළදී බි්‍රතාන්‍ය ජනතාවගේ ජනප්‍රියත්වයෙන් ගිලිහී ගිය බැව් සමාජ සමීක්ෂණ මගින් හෙළිවනු ලැබීම සහ එම ශ්‍රේණිගත කිරීම් පහළ වැටීම.

කෙසේ හෝ මෙවැනි තත්ත්වයක් යටතේ බි්‍රතාන්‍ය අගමැතිවරයා පසුගියදා ඉල්ලා අස්වීම ප්‍රකාශ කරමින් කියා ඇත්තේ ඊළඟ මහ මැතිවරණයට නායකත්වය දීමට සුදුසුම පුද්ගලයා තමා නොවන බවය. මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී නායකයකු පත්කර ගැනීමේ අරමුණෙන් ඉදිරි ජූලි මාසයේදී නාමයෝජනා ආරම්භ කරන ලෙසටත්, එතෙක් තමා අගමැති ධුරයේ රැඳී සිටින බවටත් කීර් ස්ටාර්මර් ප්‍රකාශ කර සිටියේය.

ආචාර්ය, ශ්‍රීමත් කීර් ස්ටාර්මර් (Sir Dr. Keir Starmer) යනු 63 වැනි වියේ පසුවන මහා බි්‍රතාන්‍යයේ සිටින ඉතා පරිණත දේශපාලකයෙකි. ඔහු එරට 57 වැනි අග්‍රාමාත්‍යවරයා වන අතර, 2020 සිට 2024 දක්වා මහා බි්‍රතාන්‍යයේ විපක්ෂ නායකවරයාය. එසේම ඔහු එංගලන්තයේ ඉතා පැරැණි (වසර 126ක් පැරැණි) දේශපාලන පක්ෂයක් වන බි්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වය 2020 සිට මේ දක්වා දරයි. කීර් ස්ටාර්මර් බොහෝ පරිණත විද්වත් පරිචයක් ඇති පුද්ගලයකු ලෙස ප්‍රකටය. ඔහු ලෝකයේ අතිශය ප්‍රකට කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සහ ලීඩ්ස් විශ්වවිද්‍යාලයෙන්ද උසස් උපාධි හිමිකරගෙන ඇත. එසේම ඔහුට ලෝකයේ විවිධ විශ්වවිද්‍යාල හතරකින් ගරු ආචාර්ය උපාධිද පිරිනමා ඇත. බි්‍රතාන්‍යයේ රාජකීය සම්මාන ගණනාවකින් පිදුම් ලබා ඇති ඔහු 2025 ප්‍රකට ‘ටයිම්’ සඟරාව විසින් නම් කරන ලද ලෝකයේ ප්‍රබලතම බලවත් පුද්ගලයන් 100 දෙනා අතරටද නම්කර ඇත.

ලෝකයේ කෙතරම් බලගතු, විරාජමාන රාජ්‍ය නායකයන් සිටියද ඔවුන්ගෙන් බොහෝ දෙනකු යම් කාලයකදී තම බලයෙන් හීනවී ගොස් බිමට ඇදගෙන වැටෙන අයුරු දක්නට හැකිය. තේජවන්ත අයුරින් බලය රැකගෙන ජනතාවගේද සිත් දිනාගෙන පාලනය ගෙනගිය පාලකයන්ද නැත්තේ නොවේ. එහෙත් වර්තමානයේ අපට බොහෝවිට අසන්නට ලැබෙන්නේ ඉතා ශෝකීය අයුරින් පාලනයෙන් ගිලිහෙන නායකයන්ය. ලෝකයේ මහා බලවතා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ටද එය සිදුව හමාරය. මේ ආනිසංසය හෙට අනිද්දාම අපගේ ශ්‍රී ලංකාවටත් සිදුවනු ඇතිය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News
Exclusive

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News

ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Exclusive

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

Exclusive

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හාට් ඇටෑක් එකක් ඇවිත්! I Sri Lanka Latest News

Load More
හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News
Exclusive

හෝර්ටන් තැන්න හැදුවේ බළන්ගොඩ මානවයාමද? Sri Lanka Latest News

ලෝක මානවයා ගැන කතාකරන අපට අපගේ මානව ඉතිහාසය ගැනද සාඩම්බර විය හැකි, අගනා ඉතිහාසගත උරුමයකට හිමිකම තිබේ. ඒ ඉතිහාසය පිළිබඳ...

Read more
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…

විභාගෙ නෙමේ භාගෙ! Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.