• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙල් ලෙල්ලයි – කෙහෙල් කඳයි – කෙහෙල් නැට්ටයි – කෙහෙල් මලයි! Sri Lanka Latest News

June 27, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
කෙහෙල් ලෙල්ලයි – කෙහෙල් කඳයි – කෙහෙල් නැට්ටයි – කෙහෙල් මලයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
ශ්‍රී ලංකාව කියල කියන්නෙ සාමාන්‍යයෙන් පලතුරු වර්ග වැවෙන රටක්. අපේ රට හරි සරුසාරයි. අපේ රටේ තියෙන විවිධ සරුසාරකම් එක්ක අපිට විවිධ ප්‍රදේශවල විවිධ පලතුරු වර්ග වගා කිරීමේ හැකියාව ලැබෙනවා. කෙසෙල් ලංකාවෙ හැමතැනම පැළවෙන වගාවක්. ඊට අමතරව සමහර වර්ග තියෙනවා ඒවා ඒ ඒ ප්‍රදේශවලට අනන්‍යයි. ලංකාවෙ සමස්ත පලතුරු වගාවෙන් 54%ක් පමණ කෙසෙල් බව අපට දැනගන්න ලැබෙනවා. විවිධ කෙසෙල් වර්ග පිළිබඳ අපට අහන්න ලැබෙනවා. ඇඹුල්, කෝලිකුට්ටු, සීනි කෙසෙල්, ඒ වගේම ආනමාලු, ඇම්බුන් වගේ කෙසෙල් වර්ග. යම් තරමකට මිල අධික කෙසෙල් වර්ගයක් තියෙනවා, ඒ තමයි නේත්‍රාපලම් කෙසෙල්. ඊට අමතරව රතු පැහැති කෙසෙල් වර්ගයකුත් තියෙනවා ලංකාවෙ, අපි ඒවට කියනවා රත්කෙහෙල් කියලා. යම් ප්‍රමාණයකට මිල අධිකයි කෝලිකුට්ටුත්. Sri Lanka Latest News

මේ විදිහට කෙසෙල් ගැන කියනවා නම් ඕනෑ තරම් කෙසෙල් ගැන කතාකරන්න පුළුවන්. හැබැයි මේ වෙලාවෙ කෙසෙල් ගැන කතාකරන්න හේතුව වෙන්නෙ මේ කෙසෙල් ගහ යොදලා, කෙසෙල් ගහ දාලා ඒකෙන් රෙදි ගන්න පුළුවන් කර්මාන්තශාලාවක් ගැන පහුගිය දවසක නාමල් කරුණාරත්න ඇමැතිතුමා කතාවක් කළා. මේ ගැන ඉතින් අපිත් කතා කරන්න හිතුවා. ඒක හරි ෂෝක් වැඩක්. ඇඹිලිපිටියෙ තමයි මේ කර්මාන්තශාලාව අලුතින් ඉදිවෙන්න නියමිතව තියෙන බව දැනගන්න ලැබුණෙ. චීන රජයේ තාක්ෂණික සහාය ඇතිව මේක සිද්ධ වෙන්නෙ. කෙසෙල් වගාවෙන් ඉවත් කෙරෙන කඳන් කර්මාන්තශාලාවට ඇතුළු කළාට පස්සෙ නවීන තාක්ෂණය ඔස්සේ ඒවායින් කෙඳි වෙන්වෙලා නූල් සැකසිලා, සායම් පොඟවලා අවසානයේ නිමි ඇඳුමක් විදිහට එළියට එනවා කියලා සඳහන් වෙලා තිබුණා.

ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඳුම් ආයතනය සහ මොරටුව විශ්වවිද්‍යාලය එක්ව ‘බනානා ටෙක්ස්’ නමින් පරිසරහිතකාමී කෙසෙල් නූල් තාක්ෂණයක් මීට පෙර හඳුන්වා දීලා තිබුණා කියලා අපිට දැනගන්න ලැබෙනවා. ඒ වගේම හම්බන්තොට, බණ්ඩගිරිය ප්‍රදේශයේ ගොවීන් සම්බන්ධ කරගනිමින් කෙසෙල් තන්තුවලින් ස්වභාවිකව වර්ණගැන්වූ ඇඳුම්, ඇසුරුම් ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක තුවා නිපදවන සාර්ථක දේශීය ව්‍යාපාරයකට මීට කලින් අඩිතාලම දාලා තිබුණු බවත් අපි හොයද්දි දැනගන්න ලැබුණා. ඒ වගේම දේශීය කෙසෙල් කෙඳි භාවිතයෙන් පරිසරහිතකාමී අත්කම් සහ නූල් නිෂ්පාදනය කරන එම්.යූ.එස්.ඒ.සී.ඕ. කියලා ආයතනයක් ගැනත් අන්තර්ජාලය ඔස්සේ කරන හඳුනා ගැනීම්වලදි අපිට දැකගන්න ලැබුණා.

දැන් මේ ගැන අපි දැක්කා පහුගිය දවසක නාමල් කරුණාරත්න අමාත්‍යවරයා විස්තර කරමින්, කරුණු හඳුන්වා දෙමින් හරිම සතුටින් කටයුතු කරපු ආකාරය. ඒක හරි හොඳයි. මේ විදිහට අලුත් දේවල් ලෝකෙට හඳුන්වා දෙන එක විශේෂ දෙයක්, රටක් විදිහට අපිට ඉදිරියට යන්න මේක හරි වැදගත්. මොකද අපි දන්නවා ඇඹිලිපිටියෙ හරියට කෙසෙල් වැවෙනවා. මේ වගේ වැඩ කරන්න කලින් වැහීගෙන යන ඇඟලුම් කර්මාන්ත ශාලා ටික ආරක්ෂා කරගන්න කියලා අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා. හිටපු අමාත්‍යවරයෙක් වෙච්ච විමල් වීරවංශත් මේ ගැන ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තියලා තිබුණා. මේ කෙසෙල් කෙඳිවලින් රෙදි නිපදවීම අලුත් දෙයක් නෙවෙයි, මේක මීට කලින් එතුමන් ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයත් එක්ක සම්බන්ධව හිටපු කාලේ, 2019 ඔහු කර්මාන්ත අමාත්‍යවරයා විදිහට හිටපු කාලේ මේ වැඩේ කරළියට ආවා කියලා ඔහු සඳහන් කරලා තිබුණේ.

කොහොම වුණත් අපිට කියන්න තියෙන්නෙ දැන් මේ වෙලාවෙ මේ කෙසෙල් කඳන්වලින් රෙදි හදන්න කලින් මේගොල්ලො ඡන්දෙ තියෙන වෙලාවෙ කිව්වා කියලා සමහර තැන්වල සඳහන් වෙලා තිබුණා ‘කෙසෙල් ගෙඩියට නැට්ට හයිකරන්න පුළුවන්’ විදිහේ දැනුම සහිත අයත් ඉන්නවා කියලා මේ පාර්ලිමේන්තුවේ. එවැනි අය අරන් ඇවිල්ලා මේ කෙසෙල් ගෙඩියට නැට්ට හයි කරලා ඉස්සෙල්ලා කෙසෙල් වෙළෙඳපොළ සාර්ථක කරලා, ඒ සම්බන්ධව විධිමත් ක්‍රමවේදයක් එහෙම නිර්මාණය කරලා මෙවැනි දේවල් එළියට අරන් ඇවිල්ලා මේවා රටේ ස්ථාවර කරලා මේවයින් විදේශ විනිමය ගේනවා නම් හොඳයි. මේවා නරක දේවල් නෙවෙයි. මොකද රටකට අවශ්‍ය වෙන්නෙ අලුත් දේවල්, අලුතින් හිතන අය, අලුත් සිතිවිලි.

මේවා අලුත් සිතිවිලි නෙවෙයි පැහැදිලිව හොයලා බලද්දි පේනවා ලංකාවේ මීට කලින් මේවා කරලා තියෙනවා. විමල් වීරවංශ මහත්තයා මේ ක්‍රෙඩිට් එකක් දාගන්න හැදුවට එතුමට ක්‍රෙඩිට් එකක් දෙන්න අපි හදනවා නෙවෙයි. අපිට විමල් වීරවංශද මේක කළේ, රනිල් වික්‍රමසිංහද, මහින්දද, අනුරද කියන එක වැඩක් නැහැ. දැන් මේ වැඩේ අපි කියන්නේ නරකයි කියලා නෙවෙයි, මේ වැඩේ හොඳයි. නමුත් ඉදිරියේදී මෙවැනි වැඩපිළිවෙළවලට කඩිනමින් කටයුතු සකස් කරනකොට ඊට වඩා මේ රටේ වෙන්න තියෙන ඉතා වැදගත් දේවල් ගැනත් හිතුවා නම් ඊට වඩා හොඳයි කියලයි අපේ නම් යෝජනාව.

කොහොම වුණත් ඉස්සරහට අපිට කෙසෙල් කඳෙන් එන නූල්වලින් එසැණින් රෙදි හදලා අනිත් පැත්තෙන් රෙදි අරගෙන ඇඳගෙන යන්න පුළුවන් කාලයක් උදාවෙනවා කියන එක මතක් වෙද්දි නම් හිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක්. ඉතින් අපි ඉස්සරහට කෙසෙල් කඳන්වලින් එන රෙදි ඇඳලා සතුටින් ඉමු. එතකොට අපිට තියෙන ප්‍රශ්න ගොඩක් අඩු වෙයි, මේ රටේ තියෙන ප්‍රශ්න ගොඩක් අඩු වෙයි. ණය ගෙවාගන්න බැරි ප්‍රශ්න නැති වෙලා යයි. අපිට ඔය නූල්වලට, සායම්වලට, අරවට මේවට යන වියදම් ටිකක් අඩු කරගන්න පුළුවන්නේ.

රෙදි නැතුව ඉන්නවට වඩා කෙසෙල් කඳන්වලින් හරි රෙදි අරගෙන ඒවා ඇඳන් ඉන්නවා නම් හොඳයිනේ. නැත්නම් ඉතින් ඉස්සරහට රෙදි නැතුව ඉන්න වෙන තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මොකද රෙද්දක් ගන්න පුළුවන් මට්ටමකට නෙමෙයි මේ රටේ ආර්ථිකය ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒ ගැන එක එක ඒවා කිව්වොත් ඉතින් අපිටත් කියන්න හිතෙනවා එක එක රෙද්දවල් කතා කරන්න එපා කියලා. කොහොම වුණත් මේ රෙද්ද නම් ‘එක එක රෙද්දවල් ගැන කතාකරන්න එපා’ කියලා අමතක කරන්න පුළුවන් රෙද්දක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න මේ රෙද්දවල් ගැන කතා කරන්න කලින් අපිට රෙදි නැතුව ඉන්න වෙන ප්‍රශ්නයක් රටේ නිර්මාණය වෙලා තියෙන එක ගැන මතක් කරලා, ඒ නිසා මේ රෙදි ඇඳගෙන ඉන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා දෙන්න කියලා විශේෂයෙන්ම මාලිමාවට ඡන්දේ දුන්න අයට රෙද්දක් ඇඳන් පාරේ යන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න කියලත් මේ අමාත්‍යවරයාට සහ සියලු අමාත්‍යවරුන්ට ආදරෙන් මතක් කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කංචනා කැමති වෙයිද දන්නේ නැහැ…! කළු කුමාරයා කිව්වම හැමෝටම මැවෙන්න මාව…! අප්පච්චි වගේ වෙන්න යන්න ගොඩක් දුර තියෙනවා…! එකසිය ගානට වයිරල් වෙන කළු කුමාරයාගේ මනමාල කතාව…! සජිත ඇන්තනී I Sri Lanka Latest News

Next Post

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව! Sri Lanka Latest News

MORE NEWS

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

Exclusive

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හාට් ඇටෑක් එකක් ඇවිත්! I Sri Lanka Latest News

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News
Exclusive

ලොකු ජයග්‍රහණයක්! ලංකාවේ දළ ඇත්තු 300 පැන්නුවා! Sri Lanka Latest News

Load More
එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්! විපක්ෂනායක සජිත්ගෙන් ස්වාධීන විශේෂඥ උපදේශක කණ්ඩායමක් පත්කරන්න යෝජනාවක්! PHOTOS I Sri Lanka Latest News

මේ වන විට‌ ලෝකයේම අවධානය යොමුව ඇති එල්නීනෝ ලානීනා තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම් හඳුනා ගැනීමටත් එම බලපෑම් සඳහා රටක්...

Read more

චරිත් ගැන වරුණ කියපු කතාවට ටිල්වින් මැදිහත් වෙයි! I Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

අවුරුදු 5 යන්නත් බැරි වුණා! පළාත් පාලන ඡන්දෙත් පැරැදුණා! ලොකු බලයකින් බලයට ආ බ්‍රිතාන්‍ය අගමැති අවුරුදු දෙකෙන් ගෙදර ගියා! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

පොල්වලින් ඩොලර් බිලියන 3ක් හොයන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හාට් ඇටෑක් එකක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.