වසරේ පළමු මාස පහ තුළ ඩොලර් බිලියන 7.39 ක අපනයන ආදායමක් ඉපැයීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.Sri Lanka Latest News
ඒ, ගෝලීය වශයෙන් ඉතාම අහිතකර තත්ත්වයක් රටට එල්ල වී තිබිය දී ය.
මේ වසරේ පළමු මාස පහ තුළ ඉපැයූ වාර්තාගත ඩොලර් බිලියන 7.39 ක අපනයන ආදායම, ඕනෑම වසරක පළමු මාස පහ තුළ උපයා ඇති ඉහළම අපනයන ආදායම බව පැවසේ.
පසුගිය වසරේ මුල් මාස පහ සමග සැසදීමේ දී මේ වසරේ ආදායම 7.56% කින් වර්ධනය වී තිබේ.
අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කර තිබෙන දත්ත අනුව, පසුගිය මැයි මාසයේ වෙළද භාණ්ඩ අපනයනය, 2025 වසරේ මැයි මාසය හා සැසදීමේ දී 18.25% කින් ඉහළ ගොස් ඇති අතර, මැයි මාසයේ වෙළද භාණ්ඩ අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් බිලියන 1.22 ඉක්මවා තිබේ.
මැයි මාසයේ සේවා අපනයනය පසුගිය වසරේ මැයි හා සැසදීමේ දී 18.67% කින් ඉහළ ගොස්, ඩොලර් මිලියන 347.55 දක්වා වර්ධනය වී තිබේ.









