එල්නීනෝ ලානීනා තත්ත්වය තුළ බරපතල වියළි කාලගුණය හා පසුව වැසි තත්ත්වය නිසා බරපතල ආපදා සිදුවිය හැකි බවත් මේ ගැන සොයා බලන්න වෙනමම කමිටුවක් පත් කර ඇති බවට රජය පැවසුවත් එය ප්‍රමාණවත් නොමැති බැවින් මේ ඛේදවාචක වළක්වා ගැනීමට පෙර සූදානමක් ලෙස ජනාධිපති කාර්ය සාධන බලකායක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී එල්නීනෝ ලානීනා දේශගුණික විපර්යාසය නිසා සිදුවිය හැකි හානි ඇතුළු පරිසර ක්ෂේත්‍රයට බලපාන කරුණු රැසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරමිනි.
මේ ආපදාවට මුහුණ දීමට ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පවතින තත්ත්වයට වඩා ශක්තිමත් විය යුතු බැවින් මේ සඳහා කඩිනම් ජාතික වැඩපිළිවෙළක් සඳහා විපක්ෂය ද දායකත්වය ලබා දෙන බවත් මෙය පක්ෂ ජාති ආගම් කුලමල පන්තිවලට අදාළ නොවන ජාතික ගැටලුවක් නිසා මේ අවදානමට නිසි සැලසුම් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
මේ රජය ගොවියා අසරණ කර අවසන්.
බාල බීජ සේම පොහොර සහනාධාරය නියමිත පරිදි නොලැබීමත් උපකරණ මිල වැඩි වී අලි මිනිස් ගැටුම ආදී ගැටලු නිසා ගොවි ජනතාව අසීමිත පිඩනයකට අසහනයකට මුහුණ දෙන බවත් මැතිවරණ සමයේ කුඹුරට බැස වී කිලෝවට රු. 150ක් පොරොන්දු වුවත් වත්මන් රජය සහ එහි ඇමතිවරු අද ගොවියා අසරණ කරමින් යන බවත් ඡන්ද කාලයේ ගොවියා දෙවියා කියා බලය ගෙන ගොවියා කසිප්පුකාරයන් බවට හංවඩු ගසමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පරිසර පනතේ නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීමට පාරිභෝගිකයා ඇතුළත් කරන්න එපා
නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම ගෙන ඒම ඉතාම වැදගත් වුවත් මේ සඳහා පාරිභෝගිකයා ඇතුළත් කිරීම ගැටලුවක් බවත් පාරිභෝගිකයාගේ වගකීම් රටා සම්බන්ධයෙන් වෙනමම කොටසක් තිබිය යුතු බවත් නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීමට ඇතුළත් කිරිම තුළ ආයතන සමාගම් වගකීම් පැහැර හැර ප්‍රතිචක්‍රණ පිරිවැය රහසිගත බදු මඟින් පාරිභෝගිකයා මත පැටවිය හැකි නිසා එය වෙනමම සඳහන් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සුපර්මාකට් පොලිතින් බෑග්වලින් පමණක් රු. මි. 50ක් ලාභ ලබනවා
මේ දිනවල සුපිරි වෙළෙදසැල් පාරිභෝගිකයන්ගෙන් ප්ලාස්ටික් බෑග් සදහා මුදල් අය කිරීම නිසා රු. මි. 50ක් පමණ උපයන බවට උසාවි පෙත්සමකින් හෙළිවී ඇති නිසා පරිසර ගාස්තු සුපිරි වෙළෙදසැල්වල ආයතනික ලාභ ලෙස එකතුවීම වැළැක්වීමට පනත සංශෝධනය විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
13 වැනි සංශෝධනය ආරක්ෂා විය යුතුයි
එසේම 13 වැනි සංශෝධනය ආරක්ෂා කර පළාත් සභා බලය ආරක්ෂා කළ යුතු බවත් 13- හෝ 13+ නොව 13 වැනි සංශෝධනය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත් පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලියේ සීමාව ගැන නිතිමය තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් රු. මි. 10ක දඩ හා වසර 3ක සිරදඩුවම් මේ පනතේ ඇති නමුත් මහා පරිමාණ සංවර්ධකයන්ට මේ තක්සේරු ක්‍රියාවලිය මගහැර යා හැකි නිසා මේ හිඩැස් නැති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
වසර 30කින් උසස්වීම් දී නැති වනජීවී සහකාර අධ්‍යයක්ෂ තනතුරු කඩිනමින් පුරවන්න
වනජීවී සහකාර අධ්‍යයක්ෂ තනතුරු සඳහා වන අභ්‍යන්තර උසස්වීම් වසර 30කින් සිදුව නැති බවත් ක්ෂේත්‍ර කලාප 13කට ඇත්තේ සහකාර අධ්‍යක්ෂවරුන් 6 දෙනකු පමණක් නිසා කඩිනමින් සහකාර අධ්‍යක්ෂ තනතුර කරා යාමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙස ඉල්ලා සිටින බවත් 3500ක් බහුකාර්ය නිලධාරීන් හා සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ 5000ක් වනජීවී සංරක්ෂණය ශක්තිමත් කරන්න යොදාගෙන ඇති නමුත් දශක ගණනාවක් පුරා වනජීවී ක්ෂේත්‍රයේ සේවය කළ 800-1200ක් නිලධාරින් සිටින නිසා මොවුන්ට අගතියක් නොවිය යුතු බවත් ඊට අමතරව වනජීවී ක්ෂේත්‍රයේ නියාමකවරුන්ගේ වැටුප් තලය MN1 සිට PL2 දක්වා අඩුකර ඇති කිරීම සේම ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් 250ක් ස්ථිර කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
උසස්පෙළ සිසුන්ගේ ඉල්ලීමට කන් දෙන්න
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු උසස් පෙළ විභාගයට සූදානම් වීමට මාස 24ක් ඇති නමුත් මෙවර පළමු වර විභාගයට මුහුණ දෙන සිසුන්ට ඇත්තේ මාස 21ක් සේම දෙවැනි වර විභාගයට යෙදී ඇති ළමුන්ට 2024 දින 198ක් සහ 2025 දින 178ක් ලැබුණත් දැන් ලැබි ඇත්තේ දින 131ක් පමණක් බවත් මේවා සැලකිල්ලට ගෙන යම් සාධාරණ කාලයක් මොවුන්ට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










