• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සඳනි හොරෙන්ම පටන්ගත්ත ලව් ස්ටෝරිය

September 5, 2020
in Heart
Reading Time: 1 min read
A A
සඳනි හොරෙන්ම පටන්ගත්ත ලව් ස්ටෝරිය
Share on WhatsAppShare on Facebook

මේ දවස්වල ‘අග්නි පියාපත්’ ටෙලිනාට්‍යයේ ‘මාධවි’ ලෙසට ඔබ අප හමුවට එන සඳනි ප්‍රනාන්දු කාලෙකට පස්සේ තමයි නැවැත පුංචි තිරයට එකතු වන්නේ. ඉතින් ඇය පුංචි තිරයේ එක රැයකින් ජනප්‍රිය වුණු සුවිශේෂී රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරැදියි. ඒ තරමට රශ්මිගේ චරිතයට ගොඩදෙනෙක් ආදරය කළා. ඉතින් රශ්මිටත්, මාධවිටත් ආදරය කරන ප්‍රේක්‍ෂක ඔබට කියන්න සඳනිගේ සැඟවුණු ආදර කතාවක් කාටත් හොරා අප දැනගත්තා. ඒ ආදර කතාව මොකද්ද කියලා හොයලා බලන්න ඇය සමඟ අප කතාබහ කළා.
මේ දවස්වල ඔබ පුංචි තිරයේ සුවිශේෂි රංගනයක නියැළෙන බව අපි දකිනවා. එය ගැන මුලින් කතා කළොත්?
‘අග්නි පියාපත්’ ටෙලිනාට්‍යයේ ‘මාධවි’ ලෙසට තමයි මම රඟපාන්නේ. මාධවි චරිතය වෙනස්ම අත්දැකීමක් නිසා මට එය විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන්.
ඒ තරමට ඔබට ‘අග්නි පියාපත්’ විශේෂත්වයක් වීමට හේතුව?
මොකද මම මෙයට පෙර අම්මා කෙනෙක්ගේ චරිතයක් රඟපාලා නැහැ. විශේෂයෙන්ම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්. ඒත් මම ඒ අභියෝගයට බය නැතුව මුහුණ දුන්නා. ලැබෙන ප්‍රතිචාරත් හොඳයි.
‘හාරකෝටිය’ ටෙලිනාට්‍යයේ වැඩ කරපු කණ්ඩායමත් එක්ක තමයි සඳනි නැවැත හැඩවැඩ දාන්නේ නේද?
ඇත්තටම ඔව්. ‘හාරකෝටිය’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ සිවගුරුනාදන් තමයි ‘අග්නි පියාපත්’ ටෙලිනාට්‍යයත් අධ්‍යක්‍ෂණය කරන්නේ. ඔහු තමයි මාව පුංචි තිරයට ගෙනාවේ. ඔහුගේ ‘හාරකෝටිය’ ටෙලිනාට්‍යයේ රශ්මිගේ චරිතය රඟපෑවේ මම. අදටත් පාරට බැස්සොත් ගොඩදෙනෙක් මට කතා කරන්නේ රශ්මි කියලා. ඒ ගෞරවය ඔහුට හිමි විය යුතුයි. ඔහුත් එක්ක වැඩ කරන්න ලැබීමත් භාග්‍යයක් විදියට මම සලකනවා.
ඔබ එක්තරා කාලවකවානුවක අභිෂේක ලැබූ රුවැත්තියක්. ඒ කිරුළත් එක්ක සිනමාවට එන්න වාසනාවක් තිබුණේ නැද්ද?
2016 වර්ෂයේ ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය දෙවැනි තැනත්, 2017 ජාතික රූපවාහිනි අවුරුදු කුමරි දෙවැනි තැනටත් හිමිවුණා. ඒ ලැබුණු වරමත් එක්ක තමයි මට නිර්මාණවලින් ආරාධනා ගලාගෙන ආවේ. අරුණ ජයවර්ධනගේ අලුත්ම චිත්‍රපටයේ පෙම්වතියකගේ චරිතය රඟපානවා මම.
ඔබේ කලා දිවියේ තවත් විශේෂත්වයක් වන්නේ සිනමාවේත්, පුංචි තිරයේත් ඔබේ පෙම්වතා ලෙසට ජනප්‍රිය රංගන ශිල්පියෙක් හමුවීම?
එය ගැනනම් කතා කළ යුතුමයි. චිත්‍රපටයේ මගේ පළමු පෙම්වතාත්, පුංචි තිරයේ මගේ පෙම්වතා විදියට රඟපාන්නේ බිමල් ජයකොඩි අයියා තමයි. ඔහුගේ පෙම්වතිය ලෙසට රඟපාන්න ලැබීමත් සතුටක්. මොකද අපි නොදන්නා ගොඩාක් දේවල් ඔහුගෙන් දැනගන්න පුළුවන් වුණා මට.
ඔබේ පෙම්වතා මේ ක්‍ෂේත්‍රයේ නව පරපුරේ ගායන ශිල්පියෙක් බව අපිට ආරංචියි. ඔහුගෙන් ලැබෙන්නේ මොනවගේ සහායක්ද?
ඔහුගෙන් මට ලොකු සහායක් ලැබෙනවා. එහෙමයි කියලා විශේෂ බලපෑමකුත් නැහැ. ඔහු තුළ ඊර්ෂ්‍යාවක්, කුහකත්වය නැහැ. පුළුවන් තරම් හැමෝම එක්ක සතුටින් ඉන්න තමයි උත්සාහ කරන්නේ.
ඔබේ පෙම්වතා ගැන තවත් විස්තර ටිකක් අපි දැනගන්න කැමැතියි?
එය ගැන මම වැඩිදුරටත් කතා කරන්න කැමැති නැහැ. ඉදිරියේදී එය ගැන හැමෝටම කියන්නම්.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මනෝ බැසිල්ට කැමැත්ත දෙයි

Next Post

ගුණ සපිරි කැත හිතෙන ඩොලර් දෙලක්ෂයේ කෝපි කෝප්පය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.