කොළඹ 07 මල් පාරේ පිහිටි සුවිසල් නිවසක් කෝටි ගණනක මුදලකට මිලදී ගත් විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකු මේ වනවිට රටින් පලාගොස් ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
වයඹ පළාතේ ඉහළ තනතුරක් දැරූ මෙම විපක්ෂ දේශපාලනඥයාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන ආරම්භ වීමත් සමග ඇතැම් ප්‍රබල පුද්ගලයන්ගේ මැදිහත්වීම මත හෙතෙම ඇමෙරිකාවට පිටමං කොට ඇති බවක් දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා තමන්ගේ නමට මෙම දේපළ මිලදී ගත්තාද, එසේත් නොමැති නම් සිය පක්ෂයේ සිටින ප්‍රබලයන්ගේ නමකට මිලදී ගත්තාද යන්න සම්බන්ධයෙන් මේ වනවිට දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති බවක් දැනගන්නට ඇත.










