‘පච මදිවට හොරු – අනුරට බෑ – ජනතාවට අමාරුයි’ යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් ආරම්භ කොට ඇති සම්මන්ත්‍රණ මාලාව ඉදිරියේදී රට පුරා පැවැත්වීමට එම පක්ෂය තීරණය කොට ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
ඒ අනුව, සෑම දිස්ත්‍රික්කයකම ගම් මට්ටමෙන් මෙම සම්මන්ත්‍රණ මාලාව පැවැත්වීම සඳහමා කටයුතු කරන ලෙසට සියලු දිස්ත්‍රික් සංවිධායකවරුන්ටත්, ආසන සංවිධායකවරුන්ටත් උපදෙස් නිකුත් කොට ඇති බවක් දැනගන්නට ඇත.
එමෙන්ම දිස්ත්‍රික්කයේ සජබ මන්ත්‍රිවරුන්ට අමතරව පක්ෂයේ සිටින ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම සියලු රැස්වීම්වලට සහභාගි කරවීමටද සජබය මේ වනවිට තීරණය කොට තිබේ
මීට මාස දෙකකට ප්‍රථම ආරම්භ වූ මෙම සම්මන්ත්‍රණ මාලාවට ආසන මට්ටමෙන් ඉහළ ප්‍රතිචාර හිමිවීමත් සමග මෙසේ එය රට පුරා පැවැත්වීමට පක්ෂ නායකත්වයේ අවධානය යොමුව ඇති බව පැවැසේ.










